මහබැංකු බැදුම්කර වංචාවට, බටලන්ද ඝාතන සිද්ධීන්ට, ඊ පාස්පෝට් වංචාවට, තරුණ තරුණියන් රට පැටවීමේ ජාවාරමට, තරුණ සේවා සභාවෙන් දේශපාලන කටයුතුවලට කෝටි ගණන් මුදල් අනීතිකව ගත් බවට චෝදනා එල්ල වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ආණ්ඩුවේ සිටි දූෂිතයන් සමග තවදුරටත් එක්විය යුතු බවට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ නම් තරාතිරම නොබලා ඔවුන්ව පක්ෂයෙන් නෙරපිය යුතු බවට සජබ තරුණ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා වෙත දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව එවැනි පිරිස් ඉවත් කිරීමට තවදුරටත් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව පක්ෂය ඇතුළේ පෙර නොවූ විරූ ආකාරයේ තරුණ කැරැල්ලක් ආරම්භ කරන බවට මෙම තරුණ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බවද පැවසේ.
කෙසේවෙතත් සජබයේ යම් පිරිසකගේ බලපෑම මත පසුගිය කාලයේ එජාපය සමග සාකච්ඡා ආරම්භ වූ අතර එහිදීද මෙම කණ්ඩායම පක්ෂ නායකත්වය වෙත දැනුම් දී තිබුණේ එජාපයේ මේ වනවිට දූෂිත කණ්ඩායමක් අරක්ගෙන සිටින බැවින් ඔවුන් සමග එක්වීමට කටයුතු කළහොත් දැනට පිරිසුදු පක්ෂයක් ලෙස ජනතාව අතරට ගොස් සිටින සජබයටද යම් කැළලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවකි.
නමුත් එම විරෝධය නොතකා එජාප-සජබ සාම සාකච්ඡා ආරම්භ වුවද මේ වනවිට එය අතරමග ඇනහිට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
එසේවුවත් තවමත් යම් ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා පිරිසක් නැවත වතාවක් එජාපය සමග එක්විය යුතු බවට මතයක් පක්ෂය ඇතුළේ රැගෙන යාමට උත්සාහ කිරීමත් සමග මෙම තරුණ මන්ත්‍රී කණ්ඩායම සහ ආසන සංවිධායකවරුන් මෙම දැනුම් දීම පක්ෂ නායකත්වය වෙත සිදු කොට ඇති බව පැවසේ.
එජාපය සමග එක්විය යුතු බවට කියන පිරිස අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත්, ආණ්ඩුවේ අරමුදල් ලබා ගත්, සිය ඥාතීන්ගේ නම්වලට ඉන්ධන පිරවුම්හල් ලබා ගත් සුලු පිරිසක් සිටින බවද දැනගන්නට තිබේ.
ආණ්ඩුව පසුගිය දිනෙක ඉන්ධන හල් ලබා ගත් නම් ලයිස්තුවක් ඉදිරිපත් කළ අතර රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ කින්ස් නෙල්සන් එමා චෝදනා ප්‍රතික්ෂේප කොට තිබිණ.










