‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝ වැඩසටහනක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘සෙලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්’ ලෙස නම්කර ඇති එම වැඩසටහන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. Sri Lanka Latest News
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්’. සෙලෙස්කී ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බැණුම් අහලනේ ඉන්නේ. ඉතින් ඒ හිතේ අමාරුවට එයා ලංකාවට එනවා හිත හදාගන්න. සෙලෙස්කී මෙදාපාර ලංකාවට ආවේ කටුනායකින් නෙවෙයි. මත්තලින් තමයි ගොඩබැස්සේ. ගොඩබැහැලා එන ගමන් පාර අයිනේ තියෙන මීකිරි කඩේකින් චූටි මීකිරි හට්ටියක් කනවා. ඒක කකා ඉන්න අතරේ දැකලා පුරුදු අමුත්තෙක්ව මුණගැහෙනවා.
පළමුවත් යුක්රේනේ
අමුත්තා
ආ… ආයුබෝවන් සෙලෙස්කී මල්ලි… මොකද බං උඹට වුණේ?
සෙලෙස්කී
උනේ කියන්නේ අරූට දෙනවා මම. උප ජනාධිපතියට.
අමුත්තා
කවුද?
සෙලෙස්කී
ඇමෙරිකාවේ…
අමුත්තා
ඕවා ගණන් ගන්න එපා බං…
සෙලෙස්කී
ගණන් ගන්න එපා කියන්නේ. මගේ ගෑනිවත් මට ඔහොම සැරවෙලා නෑ, මූ ඔක්කොම ඉස්සරහා මට සැර වුණානේ.
අමුත්තා
මං දැක්කා මං දැක්කා. මල්ලිත් ඇරියේ නෑ හැබැයි නේද…?
සෙලෙස්කී
ඔව්.
අමුත්තා
ඊට පස්සේ නිකන් කට වහගන්න වගේ ලෙවල් එකකට ආවා නේද මල්ලි…?
සෙලෙස්කී
ඒක තමයි.
අමුත්තා
මෙහෙමයි මල්ලි. ගණන් ගන්න එපා. තේරුණාද? ඔයාට නෙවෙයි මට වෙලා තියෙන දේවල්වල හැටියට මල්ලි ඔයාට තාම දෙයක් වෙලා නෑ. හොඳ වෙලාවට මෙහෙ ආවේ. දැන් ඔයා එහෙ ගිහිල්ලා ඡන්දෙන් පරදින්න. ඡන්දෙන් පරදින්න ඉස්සෙල්ලා ඔයා ගිහිල්ලා හෙමීට පාඩුවේ ඉන්න. ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ තියෙන ගෙයක් අරගෙන ඒක හොඳට ලොකු කරලා, පූල් එකක් දාලා, වැඩ දාලා හදාගන්න. හදාගෙන ඒකට වෙලා ෂපාන් එකේ පැන්ෂන් එකත් අරගෙන ඉන්න මල්ලි. මොකටද නිකන් දුක් විඳින්නේ ඕවා කරන්න ගිහිල්ලා.
සෙලෙස්කී
මට ඉන්න තැන්වල ප්‍රශ්නයක් නෑ, මට ඉන්න තැන් තියෙනවා. ඒක නෙවෙයිනේ මෙතන තියෙන ප්‍රශ්නේ.
අමුත්තා
මොකක්ද?
සෙලෙස්කී
ඇමෙරිකාව කරන වැඩේනේ ජරා වැඩේ.
අමුත්තා
ඒක මෙහෙමයි. ඔයා ගිහිල්ලා කියන්න, ඔයා කුණුහරුපෙන් ට්‍රම්ප්ට බැන්නා කියන්න. අරූට ගහන්න ගියා කියන්න. ඊට පස්සේ ඌ කෑමට ඉන්න කිව්වා, මම කන්නෙත් නැතුව ආවා. මට ඇමෙරිකාවේ ජනාධිපතිකම් ලොකු නෑ කියලා පපුවට ගහගන්න. කියන්න පළමුවත් යුක්රේනේ, දෙවැනුවත් යුක්රේනේ, තෙවැනුවත් යුක්රේනේ කියලා. එතකොට හරි.
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්’. සෙලෙස්කීගේ හිතට හරි අමාරුයි. හිත හදාගන්න තමයි එයා ලංකාවට ආවේ. ඇවිල්ලා මාතර පැත්තේ ලස්සන හෝටලයක ගිහින් විවේකයෙන් ඉන්නකොට සන්ග්ලාස් දෙකක් දාගත්ත, දැකලා පුරුදු තවත් අමුත්තෙක්ව මුණගැහෙනවා.
වැල් පාලමේ කජු කන්න
අමුත්තා
ආ… මිස්ටර් සෙලෙස්කී… හවු ආ යූ…
සෙලෙස්කී
හොඳයි හොඳයි…
අමුත්තා
අයි සෝ දැට් වීඩියෝ…
සෙලෙස්කී
ඒක තමයි මේ හැම එකාම ඒක දැකලනේ.
අමුත්තා
වයි ආ යූ ක්‍රියේටින් ප්‍රොබ්ලම්ස් විත් ඩොනල්ඩ් ට්‍රම්ප්? ආ යූ ක්‍රේසි…?
සෙලෙස්කී
දෙනවා ඕකට මම…
අමුත්තා
පිස්සුද මෙයා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො. ඔහොම රණ්ඩු වෙලා හරියන්නේ නෑනේ. ඔයා පොඩ්ඩක් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන විදියට ඉන්න. තේරුණාද?
සෙලෙස්කී
මම ඉන්නෑ ඔය එක එකා කියන විදියට.
අමුත්තා.
එහෙම හරියන්නේ නෑනේ. ඔයා යුක්රේනෙට යන්න. ගිහිල්ලා ජාතිය අමතලා කියන්න අපිට එන්ට එන්ට අමාරුයි. ඉදිරි සතිය වඩාත් අමාරුයි. ඊට පස්සේ තවත් අමාරුයි. මේක බොහොම අමාරු වැඩක්. වැල් පාලමේ යනවා වගේ වැඩක්. වැල් පාලමේ වීදුරු දාලා තියෙන්නේ. යකඩ සපත්තු දාලා ඒවට ඇණ ගහලා තියෙන්නේ. බොහොම අමාරු ගමනක් තියෙන්නේ. ඒක නිසා යුක්රේනේ වෙනුවෙන් මම මේ ගමන යන්න ලෑස්තියි. තමුන්නාන්සේලාගේ සහයෝගය මට අවශ්‍යයි. එහෙම කියලා ටෝක් එකක් දෙන්න. තේරුණාද…? එතකොට මිනිස්සු ඒකට කැමැති වෙයි. කැමැති නැති වුණොත් මිනිස්සු ඔයාව ඊළඟ ඡන්දෙන් පරද්දයි. මේ ඉන්න ටිකේ ෂේප් එකේ කජු ටිකක් කාලා ඉන්න මල්ලි….
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්’. සලෙස්කීට ඔළුව අප්සෙට් වෙච්ච වැඩේට. ඒ නිසා ටිකක් විවේකයෙන් ඉන්න හිතාගෙන ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඔන්න සලෙස්කී යාලේ කැලේ කොටි බලන්න යනවා සෆාරි ජීප් එකක නැගලා. යනකොට තව ජීප් එකක් එහාට මුණගැහෙනවා. ඒකේ ඉන්නවා ෆොටෝ ගන්න එක්කෙනෙක්.
විපක්ෂ නායක වෙන්න
අමුත්තා
ආ… මිස්ටර් සලෙස්කී. මාව මතකයි නේ…?
සලෙස්කී
මතකයි මතකයි…
අමුත්තා
මේ බලන්න මම ගත්ත කොටින්ගේ පින්තූර. ලස්සනයි නේද? ඒක නෙවෙයි, මොකද අප්සෙට් එකේ…?
සලෙස්කී
අර අරූ මට ගෙදරටම එන්න කියලා බැන්නනේ.
අමුත්තා
ඩොනල්ඩ් ට්‍රම්ප් නේ…?
සලෙස්කී
ඔව්.
අමුත්තා
කිසි දෙයක් ගණන් ගන්න එපා. ඔයා විහිළු කර කර හිටපු කොමඩියන් නේද?
සලෙස්කී
ඔව්.
අමුත්තා
ඉතිං ඇයි ඔයා ජනාධිපතිකම ගත්තේ? හරි මෝඩයි ඔයා. ඔයාට තියෙන්නේ ඊළඟ ඡන්දෙදී පරදින්න. විපක්ෂ නායක වෙන්නකෝ. තේරුණාද? ආ… අලියා අලියා…. ඔයා බයවෙන්න එපා. මම අලි මන්තර දන්නවා… අන්න දැක්කද? අලියා ගියා. ඕනේ අලියෙක් මම දැන් මෙල්ල කරනවා ටක් ගාලා. ඒක නෙවෙයි ඔයා විපක්ෂ නායක වෙන්නකො. ෆුල් ආතල්. බැණ බැණ ඉන්න තියෙන්නේ. අපරාදේ ජනාධිපති වුණේ…
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්’. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බැණුම් අහලා ඉන්න සෙලෙස්කී හිත ටිකක් නිදහස් කරගන්න කියලා ලංකාවට ඇවිල්ලා පොළොන්නරුව පැත්තට ගියා. ගියාම එයාට පොළොන්නරුව පැත්තේ ඉන්න ඉතාම සරල මනුස්සයෙක් මුණගැහෙනවා.
සරල වෙන්න හිටං
අමුත්තා
ආ… කොහෙද මේ… ඈ…?
සෙලෙස්කී
ආවා මේ පැත්තේ ටිකක්…
අමුත්තා
ඒක තමයි… මං දැක්කා හිටං… මොකෝ වුණේ?
සෙලෙස්කී
නෑ අර අරූ…
අමුත්තා
කවුද?
සෙලෙස්කී
තල් සූප්පුවා
අමුත්තා
ඒ කවුද…?
සෙලෙස්කී
සූප්පු කරපු තල් ගෙඩිය වගේ ඔළුව තියෙන එකා. ඩොනල්ඩ් ට්‍රම්ප්.
අමුත්තා
අයියෝ…
සෙලෙස්කී
පොඩි ගෑනියෙක්ව බැඳගෙන නට නට…
අමුත්තා
මිනිහා නටනවනේ හිටං. ඒ කාලෙත් නැටුවණේ හිටං. මිනිහා අමුතුම දේවල් තමයි කරන්නේ හිටං. මොකක්ද දැං ප්‍රශ්නේ…?
සෙලෙස්කී
නෑ මට ගෙදරටම එන්න කියලා ලෝකේට පේන්න මට කෑගැහුවණේ…
අමුත්තා
මට කවුරු හරි කිව්වා පත්තරේ තිබුණා කියලා. ඔයාට තියෙන්නේ ආපහු යුක්රේනෙට ගිහිල්ලා, එහෙ තියෙනවා නේද එක එක ඛනිජ.
සෙලෙස්කී
ඔව්.
අමුත්තා
ඔයාට මල්ලිලා එහෙම නැද්ද?
සෙලෙස්කී
මල්ලිලා නෑ ඇයි…?
අමුත්තා
මල්ලිලා නංගිලාට බිස්නස් එක හදලා දෙන්න. ඔයා මුකුත් කරන්න යන්න එපා. තේරුණාද? ඔයා හිටං මල්ලිලාට ගෑස් නිධිවලින් හම්බකරගන්න දෙන්න. තමන්ගේ වටේ ඉන්න නෑයෝ ටිකට දෙන්න හිටං. ඒ ටික කරගන්න කියලා දීලා ඔයාට තියෙන්නේ ඒ සල්ලිවලින් පොඩි ජොලියක් දාලා පාඩුවේ සරල මිනිහෙක් වගේ විහිළු කරකර ඉන්න හිටං. විහිළු කරන එක තමයි හොඳම දේ…
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්’. ඔන්න දැන් සලෙස්කී ලංකාවේ තැන් තැන්වල ඇවිදලා පැලවත්ත හන්දියෙන් තලවතුගොඩ පැත්තට යනවා. යනකොට කළුපාට වාහනයක් ඇවිල්ලා එතැන නතර කරනවා. ඒ වාහනේ හිටපු අමුත්තා සෙලෙස්කී එක්ක කතාවට වැටෙනවා.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
අමුත්තා
සෙලෙස්කී… කොහෙද යන්නේ…?
සලෙස්කී
මම යනවා නිකං දන්නේ නැද්ද…?
අමුත්තා
අපි යමු, හකුරු කෑල්ලක් කාලා කහට එකක් බොමු. එන්න… නගින්න වාහනේට. මොකද වුණේ ආ…?
සලෙස්කී
දැක්කනේ ඉතිං මොකද වුණේ කියලා.
අමුත්තා
ඒකනේ. මම ඔයාට කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කළු ගලේ ඔළුව ගහගන්න එපා. තේරුණාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබුණා. ඒ මිනිහා මොකෙද්ද වගේ හැසිරුණේ. ඒ වෙලාවේ ඔයා එයත් එක්ක එකට එක කතාකරන්න ගිය එක වැරැදියි. ඔයාට තියෙන්නේ කල් ඉල්ලන්න. ඔයා කල් ඉල්ලන්න. ඔයා ට්‍රම්ප්ට කියන්න මේ ප්‍රශ්නේ මාසෙන් විසඳන්න පුළුවන්ද? ළමයෙක් හම්බවෙන්නත් මාස නමයක් විතර යනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා කල් ඉල්ලන්න. අපි දෙන්නා කතාකරමු කියන්න. කතාකරලා කොහොම හරි විසඳනවා කියලා කියන්න. කියලා කොහොම හරි කල් ඉල්ලන්න. කල් ඉල්ලගෙන කාලේ මර මරා ඉන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සෙලෙස්කී.
Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි










