• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වෙත අනුර සන්නස්පත්‍ර පිළිගන්වයි! PHOTOS I Sri Lanka Latest News

March 10, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වෙත අනුර සන්නස්පත්‍ර පිළිගන්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.Sri Lanka Latest News

අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගන්වනු ලැබීය.

වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වන දින මාතර කඹුරුපිටියේදී උපත ලබා වර්ෂ 1962 අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ වෙතින් ප්‍රවෘජ්ජාව ලබා උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ සිය හැට වසරකට අධික භික්ෂු ජීවිතය තුළ ඉටු කරන ලද ශාසනික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික සේවාව අගයමින් අමරපුර මහා නිකාය විසින් උන්වහන්සේ වෙත අභිනව මහානායක ධුරය පිළිගන්වනු ලැබ තිබේ.

මෙම පුණ්‍ය මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බවයි.

ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුවද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙරට කඩා වැටී ඇති සමාජ දේහය යළි සුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත් සහකම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන් දේශනා කළ විමුක්තියේ හරය පිළිබඳ ප්‍රබල කතිකාවතක් කඩිනමින් රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.

බෞද්ධ කතිකාවත පිළිබඳ පනත සම්බන්ධයෙන් මේ වන විට මහානායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිවල සංශෝධන කෙටුම්පත් කර අවසන් බවත් පැවසූ ජනාධිපතිවරයා එය ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර සංඝ සංස්ථාව විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව වෙත පැවරීමට කටයුතු කරන බවද පැවසීය.

මහා නාහිමි චරිතාපදානය ඇතුළු සමරු ග්‍රන්ථ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රජයේ මැතිඇමතිවරුද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, විහාරස්ථ දායක සභා සාමාජිකයෝ සහ සැදැහැවත්හු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-03-10

SendShareShare
Previous Post

සෙලෙස්කී ආයෙත් ලංකාවට ඇවිත්! Sri Lanka Latest News

Next Post

හිටපු අගමැති‌ගේ දොස්තර දියණිය පාරට බහී! කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.