• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහපු ගිවිසුමේ භාගයක් අවසන්! අනුර IMF ප්‍රධානියා එක්ක සූම් සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ගහපු ගිවිසුමේ භාගයක් අවසන්! අනුර IMF ප්‍රධානියා එක්ක සූම් සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) සාර්ථක ලෙස පැවැත්විණි.Sri Lanka Latest News

2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය පළ කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි දී කළමනාකාර අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ඇගයීමට ලක් කළේය.

ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම අඛණ්ඩ සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වන සමාලෝචනය සම්පූර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජිවා මහත්මිය ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළාය. ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ශ්‍රී ලංකාව දරන ලද උත්සාහය කළමනාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැප වීම යළි තහවුරු කළාය. විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්ධනයෙහි මන්දගාමිත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහළ යාම හමුවේ යහපාලන රාමු සමඟ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කම ජෝර්ජිවා මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන සමඟ තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමතාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කර ගැනීමේ සූදානම ජනාධිපතිවරයා මෙහිදී යළි තහවුරු කළේය. ඒ වෙනුවෙන් දුප්පතුන් නඟා සිටුවීම සඳහා අවැසි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන අතරම සුබසාධන වියදම් ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විදුලිබල ක්ෂේත්‍රය ආදියෙහි විධිමත් පාලනය සහ පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය මගින් රජය සතු ව්‍යවසායන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීමද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ණය අවදානම අවම කිරීම සහ තිරසාර හා සාර්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් විදේශ සෘජු ආයෝජන සහ සහාය ලබා ගැනීමේ වැදගත්කම ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ඉතිරි සමාලෝචන සාර්ථකව නිම කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපතිවරයා මෙහිදී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය වෙත සහතික කර සිටියේය.

අනාගතය දෙස බලන විට, ශ්‍රී ලංකාව තිරසාර හා සමානාත්මතා සංවර්ධනයක් කරා තීරණාත්මකව යොමු කිරීමේ වැඩසටහන යටතේ ඇති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොපිරිහෙලා ඉටු කිරීමේ අවශ්‍යතාව ජෝර්ජිවා මහත්මිය මෙහිදී අවධානයට ලක් කළාය. විශේෂයෙන් තාක්ෂණයේ සහ භූ දේශපාලනයේ වේගවත් ගෝලීය වර්ධනයන් සැලකිල්ලට ගෙන, තිරසාර ලෙස යළි යථා තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලියෙහි අභියෝගාත්මක බව ඇය පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි භූමිකාවද පැහැදිලි කළාය. සියලු ක්ෂේත්‍ර ඇතුළත් සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සූදානම් බවද ක්‍රිස්ටලිනා මහත්මිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සඳහා තිරසාර ස්ථාවරත්වයක් අත් කර ගැනීම සඳහා අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙහිදී ද්වීපාර්ශ්වික වශයෙන් එකඟ වූහ. සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් කැපවීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-03-08

SendShareShare
Previous Post

කොල්ලෙක් හෙළුකොට්ටෙන් කඩුගන්නාවට බයික් එකේ යනකම් පොලිස් ස්ථාන 33ක් බුදියගෙන හිටියද? Sri Lanka Latest News

Next Post

සජිත් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්නද යන්නේ? අපිට අනුර එක්කවත් ආණ්ඩුව එක්කවත් හැප්පෙන්න ඕන නෑ! අපිට ඕන රටේ ජනතාවට වැඩක් කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.