• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුත් කතා නොකරද්දී විපක්ෂනායක සජිත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් කණ්ඩායම් 7ක් මුහුණ දෙන ප්‍රශ්නවලට ආණ්ඩුවේ අවධානය යොමු කළ හැටි! VIDEO I Sri Lanka Latest News

March 7, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ රෝග නිවාරණ හා රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.Sri Lanka Latest News

වෛද්‍ය වෘත්තියේ බුද්ධි ගලනය නැවැත්වීම රජයේ වගකීමක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ද රදවා ගත යුතු බවත් එහි දී බරපතල ගැටලු රැසක් ඇති බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා සදහා පැයකට ගෙවන අගය 1/80 සිට 1/120 දක්වා අඩු කර ඇති බවත් නිවාඩු දින සහ ඉරිදා දින රාජකාරී කිරීමේ දීමනාව 1/20 සිට 1/30 දක්වා අඩු කර ඇති බවත් ඊට අමතරව වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ රැදී සීටීමේ හා ප්‍රවාහන දීමනාව, වාහන බලපත්‍ර ගැටලු, සීමාවාසික වෛද්‍යවරුන්ගේ දීමනා, පශ්චාත් උපාධි අධ්‍යාපනයේ නිතර වන අයට ලබා දෙන දීමනා යාවත්කාලීන නොකිරීම නිසා මේ වන විට විශාල පිරිසක් රට අතහැර ගොස් ඇතිබවත් තවත් වෛද්‍යවරුන් පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශ ගත වීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙදියන්ගේ දීමනා පවා අඩු කරලා

හෙද ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා වලද බරපතල ගැටලු ඇති බවත් රජයේ නිවාඩු දින හා සති විවේක දින දීමනාව මූලික වැටුපින් 1/20 සිට 1/30 දක්වා අඩු කර ඇති බවත් සේවා පැයකට ගෙවූ 1/160 දීමනාව 1/200 දක්වා අඩු කර ඇති බවත් මේ ක්ෂේත්‍රයේ විශේෂිත කාර්යක් හෙද හෙදියන් ඉටු කරන බවත් බරපතල හෙද හිගයක් ඇතිව තිබෙන බවත් මේ අය නිල ඇදුමින්ම ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට පැමිණ සහයෝගය ලබා දුන් අයට මෙවැනි ආකාරයෙන් සැලකීම ගැන නැවත වරක් සිතා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ ද ගැටලු රැසක් පවතිනවා

එමෙන්ම සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ ද ගැටලු රාශියක් ඇති බවත් නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන් විශාල පිරිසක් රැකියා විරහිතව මේ ක්ෂේත්‍රයේ සිටින නිසා මේ අයට රැකියා ලබා දී නව බදවා ගැනීම් සිදු කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා මෙහි දී ආයුර්වේද උපාධිධාරී ගැටලුව ගැන ද අවධානය යොමු කරමින් කියා සිටියේ ආයුර්වේද උපාධිධාරීන් 1800කට ආසන්න සංඛ්‍යාවක් රැකියා විරහිත ව සිටින බවය. වාර්ෂිකව 200ක් පමණ සීමා වාසික පුහුණුව නිමකර එළියට එන මොහොතක දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 600ක් පමණ ඇති නිසා මේ ගැනත් සොයා බලන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ගැටලුවලට විසදුම් දෙන්න

2023 අංක 19 දරන සංශෝධිත ආයුර්වේද පනතේ සංශෝධන මගින් ආයුර්වේද ක්ෂේත්‍රයට බලපෑම් ඇතිව තිබෙන බවත් දේශීය ඖෂධ වගාකිරීම සකස් කිරීම විකිනීම බෙදාහැරීම සංයෝජනයේ නිරත වී සිටින ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් අලෙවිසැල් හිමියන් බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බවත් මේ නිසා රෝගී ප්‍රජාව ද අපහසුතාවට පත්ව ඇති නිසා මේ ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඩෙංගු මර්දන නිලධාරීන්ගේ සේවාව ස්ථිර කරන්න

ඩෙංගු මර්දන සහායක නිලධාරීන්ගේ ද ගැටලු ඇති බවත් රු. 22000ක වැටුප් තලයක 1200ක් පමණ සේවයේ නිරත වන බවත් මේ අයගේ සේවා ස්ථිර කරන්න මැදිහත් වන ලෙසත් විපක්ෂ නායකවරයා අවධානය යොමු කළේය.

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ගැටලු ගැනත් බලන්න

තවද රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල විශාල සේවාවක් ඉටු කළත් ඔවුන්ට අතිකාල දීමනා නොමැති නිසා අතිකාල දීමනා දෙන ලෙසත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ගමන් වියදම් ලෙස කිලෝමීටරයට රුපියල් 2ක් දෙන බවත් පහසුකම් අඩු වීමත් පුරප්පාඩු තිබුණත් 937ක් පත්වීම් අපේක්ෂාවෙන් සිටින බවත් තවත් 1200ක් පුහුණුව ලබන බැවින් රෝග නිවාරණ ක්ෂේත්‍රයේ වැදගත්කම හදුනාගෙන මේ අයගේ ගැටලුවලට විසදුම් දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය හා අධ්‍යාපනය යනු මානව අයිතියකි

සෞඛ්‍ය හා අධ්‍යාපනය යනු මානව අයිතියක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බවත් ඊට අමතරව ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික සෞඛ්‍ය අධ්‍යාපනය වැනි අනෙකුත් ක්ෂේත්‍ර ද මානව අයිතිවාසිකම් බවත් එම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ද මානව අයිතියක් බවට පත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ සදහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බිමල් අද උදේම ශෝකජනක පුවතක් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! ෆෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්ව කෙනා අන්න අල්ජසීරා එකේ හැප්පිලා කුඩුපට්ටම් වෙලා! එතුමාගේ මොළේට සෑහෙන ඩැමේජ් වෙලා! මේ දවස්වල සෑහෙන විකාර කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුව කළුතරින් සටනට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.