• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩඩ්ලි කියන අලුත්ම කතාව

June 13, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩඩ්ලි කියන අලුත්ම කතාව
Share on WhatsAppShare on Facebook

රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන, අහිංසක දුප්පත් මිනිසුන්ගේ ලේ උරාබොන මෙවැනි මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතන සහ අවිධිමත් ලීසිං ව්‍යාපාර, බැංකු ඇතුලු සියලූම මූල්‍යායතනවලට විරුද්ධව රට තුළ ඉතාමත් ශක්තිමත් ජනතා බලවේගයක් නිර්මාණය කළ යුතු බව හිටපු ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කරයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ සදහන් ක‌ොට ඇත.

මහ බැංකුවේ ලියාපදිංචි නොවූ අවිධිමත් මූල්‍යායතන‍යක් මඟින් මෙහෙයවනු ලැබු පාතාල මැර කල්ලියක් අතින් අමු අමුවේ ඝාතනය වූ වෘත්තීය ත්‍රී රෝදරථ සංගමයේ සභාපතිවරයා වූ ගරු සුනිල් ජයවර්ධන මහතා සම්භන්ධයෙන් පළමුව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි.

මීට දෙවසරකට පෙර පටන්ම දිවයින පුරා ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් සහ, මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ලීසින් සහ ෆිනෑන්ස් ආයතන සම්බන්ධයෙන් එවකට මා ගෙන ගිය සටන හුදෙක් මාධ්‍ය සාකච්ඡාවලට පමණක් සීමා වූයේ මෙම ගැටලුවේ දිගපළල අවබෝධ කරගැනීමට තරම් වූ විඥාණයක් කිසිවෙකුට නොතිබූ නිසාය.

එම ගැටලුව මේ වනවිට දෙනෝදාහක් දෙනා මැද මිනිස් ජීවිත අමු අමුවේ බිළිගන්නා මට්ටමකටම වැටී තිබීම හුදෙක් කණගාටුදායකය. රටේ මැදි ආදායම් ලබන සාමාන්‍ය මිනිසෙකුට හෝ දරාගත නොහැකි ලෙස අධික ගිණි පොළීවලට ණය ලබාදෙමින් අමු අමුවේම දුප්පත් මිනිසුන්ගේ ලේ උරා බොන මෙවැනි අවිධිමත් මූල්‍ය ආයතන හේතුවෙන් මාගේ දිස්ත්‍රික්කය තුළ අසරණ මිනිසුන් කී දෙනෙකු නම් මින් පෙර සියදිවි නසා ගත්තාදැයි මට සංඛ්‍යාලේකණ අනුව මතකයක් නැතත්, එය ඉතා ඉහළ අගයක් ගත් බව නම් හොඳින් මතකය.

එවකට එම මූල්‍යායතන සම්බන්ධයෙන් මා කළ හෙළිදරව්වෙන් පසු පුවත්පත් වල එය වර්තා කළේ ” මයික්‍රෝ ක්‍රෙඩිට්කාරයො ගමට ආවොත් ගහල පන්නන්න ; ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන කියයි..” යනුවෙනි. අපට සුනිල් ජයවර්ධන සහෝදරයාට නැවත පණ දීමට නොහැකි සේම, මෙම අර්බුදයද ඔහුගේ මරණින් මතු සමාජයේ වළලාදැමීමට ඉඩ දී බලා සිටිය නොහැක්කේ අප සතුව ජනතා වගකීමක් ඇති නිසාය.

එහෙයින් මෙම සිදුවීමට අනුලෝමව, ඊයේ දිනයේම මේ සම්බන්ධයෙන් මැදිහත් වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම පොලීසි වලට නියෝග කලේ අවිධිමත් ලෙස මෙවැනි ආයතන ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

ඉදින්, රටේ වගකිවයුතු පුරවැසියන් ලෙස ජනාධිපතිවරයාගේ එම තීරණය ඉහළින්ම අගයකළ යුතුය. නමුත් රජයේ වගකිවයුතු බළධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ එම නිවේදනය හුදෙක් මාධ්‍ය සාකච්ඡාවකට සීමා නොකර මහපොළව මත ක්‍රියාත්මක කිරීමය. ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ ප්‍රායෝගික වන්නේ එවිටය.

රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන, අහිංසක දුප්පත් මිනිසුන්ගේ ලේ උරාබොන මෙවැනි මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතන සහ අවිධිමත් ලීසිං ව්‍යාපාර, බැංකු ඇතුලු සියලූම මූල්‍යායතන වලට විරුද්ධව රට තුළ ඉතාමත් ශක්තිමත් ජනතා බලවේගයක් නිර්මාණය කළ යුත්තේ ඒ නිසාය.

ස්තූතියි.

ඩඩ්ලි සිරිසේන

SendShareShare
Previous Post

දැන් රෑ 12 වෙනකම් එළියෙ ඉන්න පුළුවන්

Next Post

වනසිංහ තාත්තයි-පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි (PHOTO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.