රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන, අහිංසක දුප්පත් මිනිසුන්ගේ ලේ උරාබොන මෙවැනි මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතන සහ අවිධිමත් ලීසිං ව්‍යාපාර, බැංකු ඇතුලු සියලූම මූල්‍යායතනවලට විරුද්ධව රට තුළ ඉතාමත් ශක්තිමත් ජනතා බලවේගයක් නිර්මාණය කළ යුතු බව හිටපු ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කරයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ සදහන් කොට ඇත.
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ අවිධිමත් මූල්‍යායතනයක් මඟින් මෙහෙයවනු ලැබු පාතාල මැර කල්ලියක් අතින් අමු අමුවේ ඝාතනය වූ වෘත්තීය ත්‍රී රෝදරථ සංගමයේ සභාපතිවරයා වූ ගරු සුනිල් ජයවර්ධන මහතා සම්භන්ධයෙන් පළමුව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි.
මීට දෙවසරකට පෙර පටන්ම දිවයින පුරා ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් සහ, මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ලීසින් සහ ෆිනෑන්ස් ආයතන සම්බන්ධයෙන් එවකට මා ගෙන ගිය සටන හුදෙක් මාධ්‍ය සාකච්ඡාවලට පමණක් සීමා වූයේ මෙම ගැටලුවේ දිගපළල අවබෝධ කරගැනීමට තරම් වූ විඥාණයක් කිසිවෙකුට නොතිබූ නිසාය.
එම ගැටලුව මේ වනවිට දෙනෝදාහක් දෙනා මැද මිනිස් ජීවිත අමු අමුවේ බිළිගන්නා මට්ටමකටම වැටී තිබීම හුදෙක් කණගාටුදායකය. රටේ මැදි ආදායම් ලබන සාමාන්‍ය මිනිසෙකුට හෝ දරාගත නොහැකි ලෙස අධික ගිණි පොළීවලට ණය ලබාදෙමින් අමු අමුවේම දුප්පත් මිනිසුන්ගේ ලේ උරා බොන මෙවැනි අවිධිමත් මූල්‍ය ආයතන හේතුවෙන් මාගේ දිස්ත්‍රික්කය තුළ අසරණ මිනිසුන් කී දෙනෙකු නම් මින් පෙර සියදිවි නසා ගත්තාදැයි මට සංඛ්‍යාලේකණ අනුව මතකයක් නැතත්, එය ඉතා ඉහළ අගයක් ගත් බව නම් හොඳින් මතකය.
එවකට එම මූල්‍යායතන සම්බන්ධයෙන් මා කළ හෙළිදරව්වෙන් පසු පුවත්පත් වල එය වර්තා කළේ ” මයික්‍රෝ ක්රෙඩිට්කාරයො ගමට ආවොත් ගහල පන්නන්න ; ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන කියයි..” යනුවෙනි. අපට සුනිල් ජයවර්ධන සහෝදරයාට නැවත පණ දීමට නොහැකි සේම, මෙම අර්බුදයද ඔහුගේ මරණින් මතු සමාජයේ වළලාදැමීමට ඉඩ දී බලා සිටිය නොහැක්කේ අප සතුව ජනතා වගකීමක් ඇති නිසාය.
එහෙයින් මෙම සිදුවීමට අනුලෝමව, ඊයේ දිනයේම මේ සම්බන්ධයෙන් මැදිහත් වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම පොලීසි වලට නියෝග කලේ අවිධිමත් ලෙස මෙවැනි ආයතන ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.
ඉදින්, රටේ වගකිවයුතු පුරවැසියන් ලෙස ජනාධිපතිවරයාගේ එම තීරණය ඉහළින්ම අගයකළ යුතුය. නමුත් රජයේ වගකිවයුතු බළධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ එම නිවේදනය හුදෙක් මාධ්‍ය සාකච්ඡාවකට සීමා නොකර මහපොළව මත ක්‍රියාත්මක කිරීමය. ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ ප්‍රායෝගික වන්නේ එවිටය.
රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන, අහිංසක දුප්පත් මිනිසුන්ගේ ලේ උරාබොන මෙවැනි මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතන සහ අවිධිමත් ලීසිං ව්‍යාපාර, බැංකු ඇතුලු සියලූම මූල්‍යායතන වලට විරුද්ධව රට තුළ ඉතාමත් ශක්තිමත් ජනතා බලවේගයක් නිර්මාණය කළ යුත්තේ ඒ නිසාය.
ස්තූතියි.
ඩඩ්ලි සිරිසේන










