• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් පනින්න පුලුවන් හැම තැනක්ම වහයි! අපාර්ට්මන්ට්-හෝටල් සියල්ල චෙක් කරයි! දේශබන්දු අද බාරවෙයි? මාතරින් අත්අඩංගුවට ගන්න කියපු පොලිසියේ 8 දෙනා හොඳ හොඳ සෙල්ලම් දාපු අයලු! ඉස්සරහට ගොඩක් දේවල් එළිවෙන්නයි යන්නේ! එක්කෙනෙක් දැනටමත් රට පැනලා! I Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි ස්ථාන සියල්ලක්ම ආවරණය වන ලෙස අවශ්‍ය පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.Sri Lanka Latest News

නීත්‍යනුකූලව ඔහුට රටින් පිටව යාමට නොහැකිවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ගුවන් තොටුපොළ සහ වරායන් වෙත එම නියෝගය ආගමන විගමන නිලධාරීන් මඟින් ලබාදී ඇති බවද එම නිලධාරියා කීය. ඒ හැරුණුකොට නීති විරෝධි ලෙස බෝට්ටු මගින් රටින් පිටව යාම වැළැක්වීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවද එම නිලධාරියා කීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචිව සිටි හෝකන්දර සහ ගිරිඋල්ලේ නිවාස දෙක මෙන්ම ඔහු නිතර ආගිය හිතවතුන්ගේ නිවාසද පොලීසිය පසුගිය දින කිහිපය තුළ පරීක්ෂාවට ලක්කර තිබිණි. දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නිවාස අවටද සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් එම දේශපාලනඥයන් සහ දේශබන්දු තෙන්නකෝන් මහතා අතර ඇති සමීප හිතවත්කම මත ඔහුට ඒ අයගේ රැකවරණය ලැබෙන්නේ දැයි සොයා බැලීමට මෙසේ පරීක්ෂාවෙන් සිටින බවද එම නිලධාරියා කීය. මේ තත්ත්වය මත ඔහු බොහෝ විට අද දවසේ නීතිඥ සහාය ඇතිව පොලීසියට හෝ අධිකරණයට භාරවනු ඇතැයි විශ්වාස කරන බවද එම නිලධාරියා පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟවී සිටින්නේ යැයි සැකකරන හෝටල් හා තට්ටු නිවාස සංකීර්ණ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුවී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයකින් මාතර වැලිගම ප්‍රදේශයට ගොස් මධ්‍යම රාත්‍රීයේදී w15 හෝටලය දෙසට වෙඩි තබා තිබිණි. එම හෝටලය එවකට ඌව පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුතාට අයත් එකක් බව කියැවිණි.

මෙම වෙඩි තැබීම සිදුවන විට වැලිගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඇත්තේ වෙඩි තැබීම ගැන පොලීසියට ලද තොරතුරකට අනුවය. එම පොලිස් කණ්ඩායම අතර හමුදා සාමාජිකයකුද සිට ඇත. සිවිල් ඇඳුමින් ටී 56 අවිගත් එම කණ්ඩායම තමන් කවුරුන්දැයි හඳුන්වා දීමක් නොකර පොලිස් රථය දැක වෑන් රථයේ නැගී පලායන්නට පටන්ගෙන තිබේ. එහිදී එම වෑන් රථය පසුපස පැන්නූ වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් වෑන් රථය නතර කරන ලෙස සංඥා කළද එය නතර නොකර පොලීසියේ කැබ් රථයට වෙට්ටු දමමින් වේගයෙන් පලායාමට පටන්ගෙන ඇත. එහිදී කැබ් රථයේ සිටි හමුදා සාමාජිකයා විසින් රථය නතරකර ගැනීමට වෙඩි තබා ඇතත් එය නොනවත්වා වේගයෙන් ධාවනයකර තිබේ.

මේ ගැන පොලිස් රේඩියෝ පණිවුඩ මඟින් අවට පොලිස් ස්ථාන දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට යාමේදී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත. මෙහිදී එහි සිටි නිලධාරීන් තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව සඳහන් කරමින් ඉහළ පොලිස් නියෝගයකින් විශේෂ විර්ශනයකට පැමිණ ඇති බව සඳහන් කරමින් පොලිස් පරීක්ෂාවලින් ගැලවී කොළඹ බලා පිටත්ව යාමට සූදානම් වූවත් වෙඩි වැදී වෑන් රථයේ පිටුපස වීදුරුව බිඳී යාමත් අධික රුධිරය වහනය වෙමින් පුද්ගලයකු වෑන් රථය තුළ සිහිසුන්ව සිටීමත් හේතුවෙන් අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී ඔවුන්ට අධිවේගී මාර්ගයට ඇතුළුවීමට ඉඩනොදී මාතර රෝහලට තුවාලකරු ඇතුළත් කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබිණි. තුවාලකරු රෝහලට ඇතුළත් කරන විටත් අධික රුධිරය වහනය වීම හේතුවෙන් ඒ වන විටත් මියගොස් සිට ඇති බව එකල සඳහන් විය.

විමර්ශනයේදී හෙළිවූයේ අදාළ හෝටලය දෙසින් කිසිදු වෙඩිල්ලක් එල්ලවී නැති බවය. එවැනි වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට කිසිදු සාක්ෂියක් පවා සොයා ගැනීමට නොහැකි වී තිබිණි. w15 හෝටලය දෙසටම කොළඹ අපරාධ කොට්ඨාසයේ අවි එල්ලවී ඇති බව පෙනී ගොස් තිබිණි.

හෝටලය දෙසින් එල්ලවූ වෙඩිල්ලක් සැරයන්වරයාට වැදුණු බව ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවසන්නට විය. එසේ හෝටලය දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී නම් පොලිස් යැයි සඳහන් කැබ් රථයකින් පොලිස් නිල ඇඳුමින් පොලිස් කණ්ඩායමක් පැමිණෙන විට පාතාල අපරාධකරුවන් පිරිසක් පලායන ආකාරයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පලාගියේ ඇයිදැයි පැනයට පිළිතුරක් එකල එම නිලධාරීන්ට නොවීය. විමර්ශනවලින් පැහැදිලිවම අනාවරණය වන්නේ පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ වෑන් රථය දෙසට හමුදා සාමාජිකයා විසින් කළ වෙඩි තැබීමෙන් සැරයන්වරයාට වෙඩි වැදී ඇති බවය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වෑන් රථයට වෙඩි තැබීම අනීතික කටයුත්තක් බව පෙන්වමින් වෙඩි තැබූ හමුදා සාමාජිකයා සමඟ කැබ් රථයේ සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට දකුණේ පොලිස් බලධාරීන්ට ඉහළින් බලපෑම් එල්ලවී තිබිණි. ඊට කිසිදු නිලධාරියකු අවනත නොවූ බැවින් දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ උරණ වූ බලධාරීන් එම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමටද පියවර ගත්තේය. ඒ අනුව දකුණු පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පොලිස් ඇකඩමියට ස්ථාන මාරුකර යැවිණි.

මෙම වෙඩි තැබීමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි බොහෝ දෙනකු පසුගිය කාලය පුරාවටම ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් රැසකට සම්බන්ධ අය බවත් මියගිය සැරයන්වරයා ඒ බොහෝ රහස් දැන සිටි අයකු බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් සිදුකළ අනීතික ක්‍රියා ගැන තමා හෙළිකරන බව මෙම සැරයන්වරයා බීමතින් සිටි අවස්ථා කිහිපයකදීම පොලිස් බැරක්කයේදී කෑගසා පවසා ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේම තොරතුරු අනාවරණය කළේය.

වැලිගම සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති සැකකාර පොලිස් නිලධාරීන් 08 දෙනා අතර අනීතික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් කතාබහකට ලක්ව සිටින එම නිලධාරීන්ද සිටින බව සඳහන්ය. මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඔස්සේ කොළඹ සිදුවූ වෙඩිතැබීම් මෙන්ම පාතාල අපරාධකරුවන් ලෙස නිවාසවලට ගොස් පහරදීම්, අසූචි ප්‍රහාර එල්ලකිරීම් ඇතුළු බොහෝ අපරාධවල සැඟවුණු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේම නිලධාරීන් පවසයි. මේ අතර සිටින පොලිස් පරීක්ෂකවරයකු මේ වනවිටත් රටේත් නැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ හේතුව නිසා ඔහු සේවය අතහැර ගිය නිලධාරියෙකු ලෙස මේ වනවිට නම් කර සිටියි.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

බෙදුම්කරුවන් පිටින් දාලා ආණ්ඩුව තෙල් සංස්ථාවේ ෂෙඩ් ටික පිටරට සමාගමකට දෙන්නද යන්නේ? I Sri Lanka Latest News

Next Post

UNPය කඩාගෙන සජබෙට එන්න පටන් ගනී! බලපිටියේ ඉතුරුවෙලා හිටපු ප්‍රබලයන් දෙන්නෙක්ම එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.