• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ඇදගෙන වැටෙයි! මාසෙන් මිනිස්සුන්ට එපාවෙයි! Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල මුළුමහත් ලෝකය පුරාම විවිධ අපූරු පුවත් මවන එක්තරා විශේෂිත පුද්ගලයකු විය. ඔහු මවන ලද පුවත් මහත් ආන්දෝලනයකින් ලෝකය පුරා ප්‍රචලිත වන්නට වූයේය. ලෝකයේ නොයෙකුත් රටවල ජනතාව මිලියන ගණනින් ඔහුගේ පුවත් ගැන කතා වන්නට වූයේය. මෙලෙස මුළුමහත් ලෝකයක්ම කණපිට හැරවීමට සමත් වූ සුවිශේෂ මිනිසා කවරෙක්ද? ඔහු වෙනත් කවරෙකුත් නොවේ. ඇමෙරිකාවේ නව ජනාධිපති ධුරයට තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අපූරු මිනිසා විය. පසුගිය 2025 ජනවාරි 20 දා ඔහු ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර, මින් පෙරද ඔහු ජනාධිපති ධුරයේ 2017 ජනවාරි සිට 2021 ජනවාරි දක්වා කටයුතු කළේය. පසුගියදා ඔහු නැවත වතාවක් ජනාධිපති ධුරයට පත්වූ පසු ඔහු වැඩ භාරගත් විටම ජනාධිපති නියෝගයන් 200ක පමණ ප්‍රමාණයකට අස්සන් තැබීය. මෙම නියෝගයන් බහුතරයක්ම මහත් ආන්දෝලනයකට පත්වන්නට වූයේය. Sri Lanka Latest News

ඇමෙරිකාව යනු ලෝකයේ ප්‍රධානතම බලවතා වන අතර, ඇමෙරිකාවේ ජනාධිපතිවරයා යනු ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙසට ලොව බොහෝ බහුතර ජනතාවක් පිළිගනු ලබති. එවැනි වටපිටාවක් තිබියදී පසුගියදා දෙවැනි වතාවටත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත හිමිවී ඇත්තේද අසීමිත බලයකි. ඒ නිසාම ඔහු විධායක ජනාධිපති බලතල භාවිත කරමින් ඉහත ජනාධිපති නියෝගයන් පැනවූයේය. එහෙත් එම නියෝගයන් පනවා ගතවූයේ දින කිහිපයක් පමණි. එම නියෝගයන්ගේ හොඳ නරක බොහෝ දෙස් විදෙස් පාර්ශ්ව විසින් කතාකරන්නට ගත්තේය. එසේම බොහෝ විවේචනයන් ඉදිරිපත් වන්නටද විය. මේ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වී හරියටම මාසයක කාලයක් ගතවන්නට මත්තෙන්ම ඇමෙරිකානු සමාජය තුළ සහ ලෝක පාර්ශ්වයන් තුළ විශාල අර්බුදයක් හටගත්තේය. එසේම මෙම කෙටි කාලය තුළදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයන්ට එරෙහිව සමහර සමාජ පාර්ශ්ව නීතිමය මගටද බැස්සේය. එතැනින්ද කෙළවරක් නොවී එම නියෝගයන්ට එරෙහිව ඇමෙරිකාවේ මහාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණවල නඩුහබද ගොනු කළේය. එහිදී එම අධිකරණවල විනිසුරුවරුන් ගණනාවක් විසින් ඉහත ජනාධිපති නියෝගවලට එරෙහිව වාරණ නියෝගයන්ද පනවනු ලැබුවේය. ඒ ආකාරයට මේ වනවිට මහාධිකරණ විනිසුරුවන් හත් දෙනකු පමණ ට්‍රම්ප් නියෝගයන්ට එරෙහිව වාරණ නියෝගයන් පැනවූයේය. එහෙයින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඔහුගේ සමහර ප්‍රබල නියෝගයන් හකුලා ගැනීමට සිදුව ඇත. මෙවැනි වටපිටාවක් ඉතා කෙටි කාලයක් තුළදී උද්ගතවූ හෙයින් මේ වනවිට ජනාධිපතිවරයාට තිබුණු සුවිශාල ජනප්‍රියත්වය සහ ගෞරවයද යම් ආකාරයකින් ගිලිහී ගොස් ඇත. එවැනි තත්ත්වයක් නිර්ණය කිරීමට හැකිව ඇත්තේ පසුගියදා ඇමෙරිකාව තුළ සිදුකරන ලද ජනතා මත විමසුම් කිහිපයක ප්‍රතිඵලවලට අදාළවය.

ඇමෙරිකාවේ ප්‍රකට ජනමත විචාරණ සමීක්ෂණ ආයතන, ප්‍රකට ජනමාධ්‍ය ආයතන මෙන්ම ප්‍රධාන පෙළේ ඇමෙරිකානු විශ්වවිද්‍යාල කිහිපයකින්ද මෙම සමීක්ෂණ සිදුකර ඇත. මේ අනුව පසුගිය සතියක පමණ කාලය තුළ එවැනි සමීක්ෂණ 05ක් පමණ සිදුකර ප්‍රතිඵල එළිදක්වා තිබුණු ආකාරය දක්නට හැකිවිය. මෙම ප්‍රතිඵල සාරාංශයන් කිහිපයක් පසුගියදා දෙස් විදෙස් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබිණි. මෙහි යම් විශ්ලේෂණයක් සොයා බලමු.

‘ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ අපේක්ෂාවන් ගැන ඇමෙරිකානුවන්ගෙන් බහුතරයක් කනස්සල්ලට පත්ව සිටියි’ යන සිරස්තලය යටතේ එක් මාධ්‍ය විශ්ලේෂණ ලිපියක් පළකෙරී තිබිණි.

‘ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ආරම්භ වී සති තුනක පමණ කෙටි කාලයක් තුළදීම බහුතර ඇමෙරිකානුවන් සහ ඩිමොක්‍රටික් හා ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළුව පාර්ශ්ව ගණනාවක 54%ක පමණ පිරිසක් නව පරිපාලනයේ අපේක්ෂාවන් ගැන බලවත් කනස්සල්ලට පත්ව සිටිති. නව රජයේ නව ප්‍රතිපත්ති කිහිපයකටම අදාළව මෙම කලකිරීම උද්ගතව ඇත. තවද රුසියානු-යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන්ද ඇමෙරිකානු ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේම විවේචනය කරනු ලබන කනස්සල්ලට පත්ව සිටින ඇමෙරිකානුවන්ගේ සංඛ්‍යාවද ඉතා වැඩිවී තිබේ. මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ තීරණාත්මක ගැටලු පිළිබඳ නවතම මත විමසුමේ ප්‍රධාන සොයාගැනීම් කිහිපයක් මේවාය. ජනාධිපති ට්‍රම්ප්ගේ නව පරිපාලනය පිළිබඳ ඔවුන්ගේ (ජනතාවගේ) සමස්ත දැක්ම විස්තර කරන ලෙස විමසූ විට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 54%ක්ම ප්‍රකාශ කර සිටියේ, ඔවුන්ගෙන් ‘ඉතා කනස්සල්ලට පත්ව සිටින’ (40%ක්) හෝ ‘තරමක් කනස්සල්ට පත්ව සිටින’ (14%ක්) බැව් ප්‍රකාශ කිරීමයි. එසේම (23%ක්) ‘තරමක් බලාපොරොත්තුසහගත’ වන අතර, (37%ක්) ‘ඉතා බලාපොරොත්තුසහගත’ ලෙසටද තම මතය ප්‍රකාශ කර සිටියේය. මේ අතර ‘ඉතා අඩු බලාපොරොත්තුසහගතව’ (14%ක්)ද, ‘කනස්සල්ලට පත් නොවන හෝ බලාපොරොත්තු රහිතව’ (9%ක්)ද, නිර්ණය කිරීමට සමීක්ෂණයට හැකිවිය.’

එම සමීක්ෂණ වාර්තාව තවදුරටත් මෙසේ කියා සිටියි.
‘ඇමෙරිකානු ආකල්පද පක්ෂග්‍රාහී රේඛා ඔස්සේ බෙදී තිබීම පුදුමයක්ද නොවේ. ඇමෙරිකාවේ විරුද්ධ පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් 90%ක්ද කනස්සල්ලට පත්ව සිටින අතර, පාලක රිපබ්ලිකන් පක්ෂයෙන් 17%ක් පමණක් එයම දැනෙන බව වාර්තා කරයි. ස්වාධීන අපේක්ෂකයන්ගෙන් බහුතරයක් එනම්, 54%ක්ද තමන් කනස්සල්ලට පත්ව සිටින බව පවසති. ස්වාධීන අපේක්ෂකයන් යනු යම් ප්‍රධාන පක්ෂයකට පක්ෂග්‍රාහී නොවන පිරිසයි. මේ අතර රාජ්‍ය පාලක රිපබ්ලිකන් පක්ෂයෙන් 77%ක්ම තමන් බලාපොරොත්තුසහගත බව පවසන අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් 6%ක් සහ ස්වාධීන පක්ෂයෙන් 35%ක් පමණක් තමන් බලාපොරොත්තුසහගත බව පවසති. බොහෝ ජනතාව ප්‍රධාන වශයෙන් ආර්ථිකයට අදාළව තම මතය ප්‍රකාශ කර සිටියේය. එසේම ඉන් පසුව ‘සංක්‍රමණ සහ පිටුවහල් කිරීම’, ‘උපන් පුරවැසිභාවය’, ‘පළමු සංශෝධන අයිතිවාසිකම්’, ‘විදේශ ආධාර බෙදාදීම’, ‘ජාත්‍යන්තර යුද ගැටුම් සඳහා ඇමෙරිකාව මැදිහත් වීම, ‘ෆෙඩරල් ආයතන සහ දෙපාර්තමේන්තු ක්‍රියාවලිය’ යන මාතෘකා ප්‍රධාන තැනක් ගත්තේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පුංචි ඡන්දෙට එන 17 ඉඳන් 20 දක්වා නාමයෝජනා බාරගන්නවා! ඡන්ද දිනය කියන්නෙ පස්සේ!  I Sri Lanka Latest News

Next Post

හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක්! ජනාධිපතිතුමා අභියෝග කරන්නේ අපේ අභිමානයට! දොස්තරවරු ආණ්ඩුවට 5 වැනිදා උදේ වනතෙක් කල් දෙයි! ඉල්ලීම් නොදුන්නොත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්! ආණ්ඩුව දොස්තරලාගේ ඉල්ලීම් ඉටු කරයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම්...

Read more
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.