මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි.Sri Lanka Latest News
නාවික හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයට ලක් විය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුහුදේ සිදු කරන මෙහෙයුම් මෙන්ම මුහුදු මාර්ගයෙන් සිදුවන අවි ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම ඇතුලු ගැඹුරු මුහුදේ සිදු කරන නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු සහ නාවික හමුදාවේ ඉහළ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






ජනාධිපති මාධ්‍ය අංශය
2025-02-26










