එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය. Sri Lanka Latest News
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් දේශීය සම්බන්ධීකාරක Marc Andre Franche සහ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක Patrick Mc Carthy යන මහත්වරු එක්විය.
මෙහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් සම්බන්දයෙන් අදහස් හුවමාරු වූ අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
















