• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුභාෂ් හෝටලයේ මාස හයක් හැංගිලා හිටියා! යුද්ධෙ කාලේ කොටි එක්ක හැප්පුණා! පලෙයිවලින් මතුවන යාල්පානම් තලෙයිවර්! Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
යුද හමුදාව භාරයේ තිබූ යාපනේ ඉඩම් වසර 33කට පසුව යළිත් සිවිල් වැසියන්ටම දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනේ කියන්නේ වීරයෙක්ව හොයන නගරයක්. හැමදාම යාපනේට වීරයෙක් වෙන්න ආපු මිනිස්සු යාපනේ මිනිස්සුන්ව රවට්ටලා, වංචා කරලා, පුද්ගලික වාසි අරගෙන පැනලා ගියා. ඒක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඉඳලා හුඟක් යාපනේ නායකයෝ කරපු දෙයක්. වෙලාවකට මට හිතෙනවා යාපනේ කියන්නේ සුරංගනා කතාවක් තරම් ලස්සන තැනක් කියලා. තල්රුප්පාවක් යටට වෙලා හැන්දෑවක නිස්කාංසුවේ බලා ඉන්නකොට ඈත ඇහෙන පාද සලං සද්දෙත් එක්ක මුහුවෙච්ච පිච්ච මල් සුවඳ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් තරම් ලස්සනයි. යාපනේ කොහේ හරි මුහුදු වෙරළකින් ඉර බැහැලා යන දිහා බලාගෙන හීංසීරුවේ කල්පනා ලෝකෙට වෙලා ඉද්දී අපිට හිතෙනවා ඇයි අපි යාපනේ අහිමි කරගන්න ගියේ කියලා. ඉස්සර මේ හැම ඉසව්වකම ඇහුණේ වෙඩි සද්දේ. ජාතියක් ජන්මයක් නැති ආගමක් දහමක් හඳුනන්නේ නැති වෙඩි උණ්ඩ හිතක් පපුවක් නැතුව මිනිස්සුන්ගේ හදවත් පතුලට කිඳාබැස්සා. මිනිස්සු මැරි මැරී වැටෙනකොට මළකුණු දියවෙලා එකතු වෙච්ච වතුර වළවල් පොල් කටුවල අන්තිමට මිදෙන මළ සිරුර කෑලි ටික අයින් කරලා උඩ ටික බීපු මිනිස්සු යාපනේ හිටියා. ඒක තමයි යාපනේ ඇත්ත. අපි කවුරු කොහොම කිව්වත් මේ සුරංගනා ලෝකේ ඉස්සර අපායක් වෙලා තිබුණා. ආයෙත් ඒ ලෝකේ අපායක් නොකරන්නයි අපි යාපනේ රවුම් ගහන්නේ. කෙනෙක් හිතනවා නම් මේක බෙදන්න ඕනේ, කෑලි කඩන්න ඕනේ, තව කෙනකුට කෑල්ලක් දෙන්න ඕනේ, යුද්ධයක් පටන් ගන්න ඕනේ, යුද්ධයකට පාර කියන්න ඕනේ කියලා, මේ වගේ දෙයක් සැලසුම් කරනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපට කියන්න තියෙන්නේ එහෙම එවුන්ට සාප වෙනවා කියලා. Sri Lanka Latest News

අපිට යාපනේදී හම්බවුණා අපූරු මිනිහෙක්. ඔහුගේ නම වේළුපිල්ලේ ධර්මලිංගම්. ධර්මලිංගම් මහත්තයාගේ වයස අවුරුදු 76යි. යුද්ධේ දැකලා තෙම්පරාදු වෙලා, කට්ට කාලා ජීවිතේ හැන්දෑව නිස්කාංසුවේ ගතකරන අපූරු මිනිහෙක්. පාන්දර 3ට නැගිටින වේළුපිල්ලේ ධර්මලිංගම් මුළු දවස තිස්සෙම කඩියා වාගේ වැඩ කරනවා තාමත්. එයාගේ තියෙන පොල් වතුවල එහෙට මෙහෙට දුවලා, එයාගේ ළඟ වැඩකරන 30ක 40ක සේවකයන්ට උදව් කරලා, දවස අහවර වුණාම එයාම හදාගත්තු තට්ටු තුනක ගෙදර එළිපත්තේ ගොඩගහලා තියෙන වී ගොඩ දිහා බලාගෙන හීංසීරුවේ කල්පනා කළා. ඒ කල්පනා කරන අතරතුරේ අපි ගියා ධර්මලිංගම් මහත්තයගෙ ගෙදර. ධර්මලිංගම් මහත්තයට කල්පනා කරන්න තියෙන්නේ මොනවද කියලා ටිකක් කයිය ගහන්න.

ධර්මලිංගම් මහත්තයා මෙහෙම කිව්වා. ‘මේ ගෙදර තමයි ඉස්සර එල්.ටී.ටී.ඊ. කාන්තා කඳවුර තිබුණු තැන. මුලින්ම එල්.ටී.ටී.ඊ. කාන්තා කඳවුර තිබුණේ මේ ගෙදර. අපිව පන්නලා දාලා එල්.ටී.ටී.ඊ. එක මේ දෙර ගත්තා. අරගෙන ඒගොල්ලන්ගේ කාන්තා කඳවුර මේක ඇතුළේ පටන් ගත්තා. මට ඒ කාලේ ලොරි තුනක් තිබුණා. කාර් එකක් තිබුණා. යුද්ධේ පටන් අරගත්තට පස්සේ කොටි ඇවිල්ලා මගේ ලොරි තුනයි කාර් එකයි බලෙන් අරගෙන ගියා. ලොරි තුන අරගෙන යද්දී මගේ පවුලේ අය ඒක ඉස්සරහා නිදාගත්තා අරන් යන්න එපා කියලා. උඹලව යටකරගෙන අරන් යනවා කියලා උන් මගේ ලොරි ටික අරගෙන ගියා. උන් අරගෙන ගිය ලොරි ටික ඇදගෙන ස්ටාර්ට් කරගන්න බැරුව මට මගේ දරුවන්ට ජීවත් වෙන්න ඕනේ වෙච්ච නිසා අපි කොටින්ට රත්තරන් කිලෝ එකක් දුන්නා. කිලෝ එකට තව පොඩ්ඩක් මදි කියලා කිලෝ එක කිරලා මැනලා අරගෙන ගියා. අපේ ජීවිත සම්පූර්ණ උඩුයටිකුරු වුණා. මාව මරන්න හෙව්වා කොටි. මම මාස 6ක් සුභාෂ් හෝටලේ හැංගිලා හිටියා. ඒ කාලේ ජීවිතේ හරි අමාරුයි. මට ඒක ඇතුළට වෙලා ඉන්න බෑ. මම හොරෙන් තැන් තැන්වල ඇවිදිනවා. පිස්තෝල කල්ලිය පිස්තෝල මානාගෙන මාව හොයනවා. මගේ නම තියෙන මිනිස්සු මම කියලා හිතාගෙන අනන්ත අප්‍රමාණව කොටි අරගෙන ගියා. මම ලංකාවෙන් පැනලා යන්නේ නැතුව පුළුවන් තරම් මේක ඇතුළේ ජීවිතය ගැටගහගන්න උත්සාහ කළා. සුභාෂ් හෝටලේ මාස හයක් හැංගිලා ඉන්නකොට මම උදේම නැගිටලා කරන්නේ කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියට යනවා. ගිහිල්ලා ඒකේ තියෙන මොකක් හරි වැඩකට උදව් වෙලා දවස ගෙවාගන්නවා. මට නිකන් ඉන්න බෑ. හම්බ කරගත්ත සල්ලි ටික තැන් තැන්වල යුද්ධෙටයි අරවටයි මේවටයි වියදම් වුණා. නිකන්ම සල්ලි නාස්ති කෙරෙව්වා. කොටින්ට වුවමනා වුණේ අපිව මංකොල්ලකන්න. මගේ ගෙදරට පැනලා රත්තරන් බඩු හොරකම් කරපු එකා ඒ වෙලාවේ කිව්වා මේ කරන්නේ දෙමළ ඊළම වෙනුවෙන්, අපේ නිජබිම වෙනුවෙන් කියලා. හැබැයි මම කැනඩාවට යනකොට මිනිහා මට කලින් කැනඩාවට ගිහිල්ලා තිබුණා….’ ධර්මලිංගම් මහත්තයා අපිත් එක්ක එහෙම කිව්වා.

ධර්මලිංගම් මහත්තයගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්. ධර්මලිංගම් කියන්නේ අමුතු මිනියෙක්. ධර්මලිංගම් මහත්තයත් එක්ක පාරක් පාරක් ගානේ ඇවිදිනකොට ඔහු ඒ පාරවල් අපිට පෙන්නලා කිව්වා, ‘ඕක මං හදලා දුන්නේ, ඕක හදන්න මම තමයි උදව් කළේ…’ කියලා. ධර්මලිංගම් මහත්තයා පලෙයිවල තියෙන පාරවල් ටිකට තාර දාගන්න, කොන්ක්‍රීට් දාගන්න පුළුවන් උපරිමෙන් වැඩ කරපු මිනිහෙක්. ධර්මලිංගම් මහත්තයට බලාගෙන ඉන්න බැරි තැන ජාති භේදයෙන් කුල භේදයෙන් කඩාවැටිච්ච යාපනේට පණ ගහලා එන අලුත් ඉරක් වගේ මිනිස්සුන්ගේ හිත් අස්සට ධර්මලිංගම් පෑව්වා. ඔහු මෙහෙම කතාවක් කියනවා. අපිට යාපනේ තිබුණු ලොකුම ප්‍රශ්නේ යුද්ධේ නෙවෙයි. මේක වෙන ප්‍රශ්නයක්….’

අපි හිතාගෙන ඉන්නේ යාපනේට වැඩිපුර රිදෙන්නේ ජාතිභේදයෙන් කියලා. සුළු ජාතික කියන කතන්දරේ ඇතුළේ යාපනේ මිනිස්සු හරි පීඩාවට පත්වෙනවා කියලා. ඇත්ත කතාව ඒක නෙවෙයි. ඇත්තටම යාපනේ මිනිස්සු මේ සුළු ජාතිකයා යැයි කරන චෝදනාව, කරන කරදරය එහෙම ලොකුවට දැනෙන්නේ නෑ. හැබැයි යාපනේට ලොකුවට දැනෙන දේ තමයි අඩු කුලේ මිනිස්සුන්ට හොඳ රැකියාවක් කරන්න බැරි එක. ධර්මලිංගම් මහත්තයා මැදිහත් වෙලා අඩු කුලේ කියලා හංවඩු ගහපු මිනිස්සුන්ට හොඳ රැකියාවක් හොයලා දෙන වැඩේ පහුගිය කාලේ කළා. එහෙම කොන් වෙච්ච, උගත් තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ඉහළ රැකියාවලට දාලා ඒ රැකියා ස්ථානවල ඒ මිනිස්සුන්ට කෙනෙහිලිකම් වෙනවා නම් ඒව උපක්‍රමශීලීව නවත්තලා ඒ මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක කරන්න ඔහු වගබලා ගත්තා. සමහර වෙලාවට සමහර ආයතනයකට දාපු කෙනකුට දිගින් දිගටම කරදර වෙනකොට ධර්මලිංගම් මහත්තයා ගිහිල්ලා ඒකේ ප්‍රධානියාව ගෙදර ගෙනල්ලා ඒ මනුස්සයට තරවටු කරලා තිබුණා ආයෙත් මේ වගේ වැඩක් කළොත් බලාගත්තහැකි කියලා.

ධර්මලිංගම්ට කොච්චර ලොකු සල්ලිකාරයෙක්ද කියන එක අදාළ නැහැ. තමන්ගේ ජාතියේ අනිත් මිනිස්සුන්ට වාඩිවෙන්න පුටුවක් නොදෙන කන්තෝරුවලට ධර්මලිංගම් මහත්තයා ගිහිල්ලා කවදාවත් වාඩිවෙන්නේ නෑ. ධර්මලිංගම් මහත්තයා කියන්නේ මට විතරක් නෙවෙයි පුටු දෙනවා නම් හැමෝටම දෙන්න කියලා. එහෙම නැත්නම් මම වාඩි වෙන්නේ නෑ කියලා. ඒ වගේම ධර්මලිංගම් මහත්තයාගේ ගමේ ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න යන අයට බණිනවා කියලා ආරංචි වුණාම නරක විදියට සලනවා කියලා ආරංචි වුණාම මෙයත් බොරු ලෙඩක් අරගෙන අර දොස්තර මහත්තයා හම්බවෙන්න යනවා බේත් ගන්න. ඒ යන්නේ එයාටත් බණිනකල් ඉඳලා දොස්තරට පාඩමක් උගන්වන්න හිතාගෙන. මේ විදියේ වැඩ ඔහු කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මේ මිනිස්සුන්ගේ දානෙට මළ ගෙදරට, මඟුල් ගෙදරට, වතුර ටික දෙන බවුසරේ තියෙන්නේ ධර්මලිංගම් මහත්තයගේ ගෙදර. එයා එයාගේ පෞද්ගලික වියදමින් බවුසර් ගෙනල්ලා මිනිස්සුන්ගේ වුවමනා එපාකම්වලට වතුර ටික ගිහිල්ලා දෙනවා.

දේශපාලකයෝ කවුරු වුණත් ගෙදරට ගෙන්නලා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න උත්සාහ කළා. ඒකට මහින්ද මහත්තයගේ ඉඳලා ශ්‍රීදරන් දක්වා සියලු දෙනා අදාළයි. ප්‍රශ්නයක් වුණාම ඒ සියලු දේශපාලකයන්ගේ ගෙදරට කතාකරලා ජංගම දුරකතනයට කතා කරලා ප්‍රශ්නේ ගැන අහන්න තරම් ධර්මලිංගම් එඩිතරයි. කොළඹ තියෙන කන්තෝරු ගොඩක් ඒවයේ ලොක්කෝ ධර්මලිංගම් මහත්තයගේ යාළුවෝ. ඒ අයව කොහොම හරි හිතවත් කරගෙන මෙයා කරන්නේ ගමේ මිනිහෙක්ගේ වුවමනා එපාකම්වලට කොළඹ එනකොට ඒකට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන එක. ඕනෑම වෙලාවක කිසි දේකට බය නැතුව මැදිහත් වෙන්න පුළුවන්කම ඔහුට තියෙනවා. ගමට අලුතෙන් බාර් එකක් දාලා ඒ බාර් එක තියෙන තැන ප්‍රශ්නයක් එනකොට ධර්මලිංගම් මහත්තයා යාපනේටයි කිලිනොච්චියටයි වවුනියාවටයි එහෙටයි මෙහෙටයි ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙනවා.

පොලිසියට හොඳ ඕ.අයි.සී. මහත්තයෙක් ආපුවම ඒ මහත්තයව රැක ගන්නත්, නරක කෙනෙක් ආවොත් ඒ මනුස්සයව පන්නන්නත් දෙකටම මූලිකත්වය ගන්නේ ධර්මලිංගම් මහත්තයා තමයි. ගමේ ප්‍රශ්න පොඩි පොඩි දේවල් ආරවුල් සියල්ලම විසඳන්නේ ධර්මලිංගම් මහත්තයගේ ගෙදර. ඒක මරු ගෙදරක්. තට්ටු තුනේ ගෙදර දරුවෝ 8 දෙනාට කාමර 8ක් හදලා ඒ දරුවන්ගේ සමහරු මහාචාර්යවරු. පිටරට විශ්වවිද්‍යාලවල සේවය කරන අය. සමහර අය ඉතාම ඉහළ උගත්තු. සමහර අය ලොකු සල්ලිකාරයෝ. ධර්මලිංගම් මහත්තයට ඒ කිසි දේකින් වැඩක් නෑ. ධර්මලිංගම් මහත්තයා කියන්නේ දරුවෝ ඉගෙනගෙන ඉවරයි, මම ඉගෙනගත්තේ නෑ. මම ඉගෙනගත්තේ හතර වසරට. දැන් මම මේ ගමේ ළමයින්ට නීති දාලා තියෙන්නේ. පාඩම් කරන්න ඕනේ, ගෙදරට එන අයට පාඩම් කරන්න වෙනම තැනක් හදලා තියෙනවා. එතැනට ගිහිල්ලා අදාළ වෙලාවට පාඩම් කරන්න පුළුවන්. පාඩම් කරලා රෑ 7ට කෑම කන්න පුළුවන්. ගෙදර ඉන්න අයට උදේ නැගිටින්න ඕනේ වෙලාවක් නියම කරලා තියෙන්නේ. හැම ළමයෙක්ගෙම අනාගතය සාර්ථක කරන්න ඕනේ කියන ස්ථිර අධිෂ්ඨානයේ ධර්මලිංගම් මහත්තයා ඉන්නවා. හැබැයි ඒ අධිෂ්ඨානය තියෙන්නේ මේ යුද්ධ කරලා ආයුධ අරගෙන, අපේ කොටස අපිට දියල්ලා කියලා ෆයිට් කරන්න, අතපය අහිමි කරගන්න නෙවෙයි. ඒ වෙනුවට අධ්‍යාපනයෙන්, ගුණයහපත්කමින්, එකමුතුකමින් ප්‍රශ්න ගැටලු නැති යාපනයක් හදන්නයි ඔහුට වුවමනා වෙලා තියෙන්නේ. ඔහුගේ ලොකුම චෝදනාව තමයි දේශපාලකයෝ යාපනේ එනවා කියලා එන්නේ යාපනේ ටවුමට. පලෙයි වගේ පොඩි ගම්මානවලට ඒ මිනිස්සු එන්නේ නෑ. පලෙයි කියන්නේ ඒ කාලේ 100%ක් විතර කොටි හිටපු තදින් යුද්ධය ඇවිලිච්ච තැනක්. දැන් යුද ගිනි නිවිච්ච පලෙයි හරිම සාමකාමීයි.
ධර්මලිංගම් මහත්තයා දකුණේ අපිටත්, පොල් දෙන්න පුළුවන් විදියට හොඳ මුදලාලි කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. ලෝකේ රටවල් හැම එකකටම ගිහිල්ලා තියෙන මනුස්සයෙක් විදියට ඔහු ගැන අපිට කියන්න පුළුවන්. සමහර වෙලාවට ඔහුට කතා කරද්දී ඔහු ඉන්නේ ඉතියෝපියාවේ. තවත් වෙලාවක කැනඩාවේ. තවත් වෙලාවක ඇමෙරිකාවේ. තවත් වෙලාවක වෙනත් රටක. එහෙම තමයි ඔහුගේ ගමන. ඔහුගේ ජීවිතේ. හැබැයි ඉතින් මොනවා වුණත් ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ සුන්දර යාපනයක්. හොඳ මිනිස්සු ඉන්න යාපනයක්. ගුණයහපත් යාපනයක් හදන්න කියන එක නම් අපිට හොඳටම පැහැදිලියි. ඉතින් අන්තිමට අපිට කියන්න තියෙන්නේ මේ තමයි යාපනේ ඉන්න සුපිරි වැඩකාරයා.

තව පොඩි කතාවක් කියන්නම්. ඔයා යාපනේ යනවා නම් ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ නඩේ පනහක් වුණත් කමක් නෑ, අපිට කියන්න. අපි ධර්මලිංගම් මහත්තයාට කියලා ඔහුගේ ගෙදර ඉන්න ඉඩ හදලා දෙන්නම්. ධර්මලිංගම් මහත්තයා කියන්නේ සිංහල ඕනේ කෙනකුට මං ඉන්න ඉඩ දෙනවා, මෙහේ නතර වෙන්න පුළුවන් පනහක නඩයකට වුණත් කියලා. නිදාගන්න පහසුකම් ටික, වැසිකිළි පහසුකම් ටික සියල්ලම හදාදීලා නොමිලේම ලබාදෙන්න මේ පලෙයිවල ඉන්න ධර්මලිංගම් මහත්තයා සූදානම්.
ඇත්තටම ධර්මලිංගම් කියන්නේ කොටියෙක් නෙවෙයි. අපිට හිතෙන්නේ ඔහු සිංහයෙක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කං කං බූරු – සිං සිං නෝරු – සහතික නෑලු – තිබුණත් බෑලු…!

Next Post

මහින්දගේ පොහොට්ටුව නාමල් ඩිජිටල් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.