ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.Sri Lanka Latest News
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය.
අනතුරෙන් වන අලින් හය දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.










