ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි. Sri Lanka Latest News
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.










