2025 වසරේ අයවැය යෝජනාව ආණ්ඩුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබියදී ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ දී රැස්විය.Sri Lanka Latest News
මෙම සුවිශේෂී හමුවේ දී අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. එහි දී මෙවර අයවැය තුළින් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු ඉටු කර ඇත් ද යන්න සම්බන්දයෙන් අවධාණයෙන් පසුවිය යුතු බවත් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන ලෙස ආණ්ඩුය පෙළඹවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
මේ අවස්ථාව සදහා මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, ශානක්‍ය රාසමාණික්‍යම්, ගයන්ත කරුණාතිලක, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, එස්. ශ්‍රීදරන්, ජී. ජී. පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, වී. රාධාක්‍රිෂ්ණන්, පී. සත්‍යලිංගම්, ජෙ.සී අලවතුවල, චාමර සම්පත් දසනායක, රවී කරුණානායක, ඩී. වී චානක, ඉස්මයිල් මොහොමඩ් යන මන්ත්‍රීවරුන් එක්විය.


















