වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා මහතා පැවසුවේය.










