• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සොයිසා විතරද? ඇයි විජයට බයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

February 15, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
සොයිසා විතරද? ඇයි විජයට බයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘විජය කුමාරතුංගගේ පළමු පෙම්වතිය ස්වර්ණා මල්ලවආරච්චි, විජය පළමුවෙන්ම රඟපෑවේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ. ඒක විජයගේ පළමු චිත්‍රපටය. ඒ නිසයි ස්වර්ණා විජයගේ පළමු පෙම්වතිය කිව්වේ. විජය මරන්න පෙර රඟපාපු චිත්‍රපට දෙක තුනෙත් ස්වර්ණා විජය එක්ක රඟපෑවා. ඒ, ‘කැඩපතක ඡායා’ චිත්‍රපටයේ. විජය ඝාතනය ගැන චිත්‍රපටයක් කරන්න ස්වර්ණා හීනයක් නොදැකපු එක පුදුමයි. විජය ඝාතනය ගැන චිත්‍රපටයක් කරන්න ස්වර්ණා, විජයගේ බිරිය චන්ද්‍රිකාට හෝ විජයගේ මවට පොරොන්දු නොවුණු එක පුදුමයි. මම එහෙම කියන්නේ චිත්‍රපට දෙක තුනක ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාපු රිචඩ් ද සොයිසා ඝාතනය ගැන චිත්‍රපටයක් කරන්න තමන් හීන දැක්කා කියලා ස්වර්ණා කියන කතාව අහලා රිචඩ් ගැන චිත්‍රපටයක් කරන්න රිචඩ්ගේ මව මනෝරාණිට පොරොන්දු වුණා කියලා ස්වර්ණා කියන කතාව අහලා…’Sri Lanka Latest News

මේ, ලංකාවේ ප්‍රවීණ කලාකරුවෙක් (නම හෙළි කිරීමට අකැමැති) කී කතාවකි. ඔහු මේ කතාව කීවේ නිකම්ම නොවේ. රිචඩ් ද සොයිසා චිත්‍රපටයේ දේශපාලනය ගැන හොඳ අවබෝධයකින්ය. රිචඩ් ද සොයිසාගේ මරණය ගැන කියන ‘රාණි’ චිත්‍රපටය බලන්න ජවිපෙ නායකයන් පෝලිමේ ගියේ නිකම්ම නොවේ. ‘රාණි’ චිත්‍රපටයෙන් තමන්ට ලොකු වාසියක් අත්පත් වෙන බව දැනගෙනය. චිත්‍රපටවලින් ජවිපෙ පුම්බන චිත්‍රපට රැල්ලට පෙර ජවිපෙ පුම්බන ටෙලිනාට්‍ය රැල්ලක් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ආරම්භ විය. ඒ, මංගල මාධ්‍ය ඇමැති කාලයේය. ඒ කාලේ චන්ද්‍රිකා සහ මංගල යූ.ඇන්.පී.යට ගහන්න වික්කේ ජේ.ආර්. – ප්‍රේමදාස ආණ්ඩුවේ භීෂණයය. ජවිපෙ භීෂණයක් දියත් නොකළ බවත්, ජවිපෙ, යූ.ඇන්.පී. භීෂණයේ ගොදුරක් වූ බවත්, එම ටෙලිනාට්‍යවල කතා වස්තු විය. මංගල එවැනි කතා වස්තු රැගත් ටෙලිනාට්‍යවලට ආණ්ඩුවේ රූපවාහිනී සහ ස්වාධීන රූපවාහිනී සේවාවල අවස්ථාව දුන්නේය. ජවිපෙ ඒ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්තේය.

ජවිපෙ චිත්‍රපට රැල්ල පටන්ගත්තේ විජේවීරගේ චරිත කතාව තේමා කරගත්, කමල් අද්දරආරච්චි රඟපෑ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයෙනි. ඉන් පසු ජවිපෙ මන්ත්‍රී ජගත් මනුවර්ණ රඟපෑ ‘රහස් කියන කඳු’ චිත්‍රපටයය. අලුත්ම චිත්‍රපටය ජවිපෙ බලය අල්ලා ගත්තාට පසු එළියට ආ ‘රාණි’ චිත්‍රපටයය. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හරහා ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට ජවිපෙ පාවිච්චි කරන උපක්‍රමය අතිසාර්ථක උපක්‍රමයකි.

කරුමය ‘දකුණ දකුණ’ කියා කෑමොර දෙන යූ.ඇන්.පී. – සමගි ජන බලවේගයට එවැනි උපක්‍රම නැති වීමය. නැතිනම් රිචඩ් ඝාතනයට පෙර චිත්‍රපට හැදෙන්න ඕනා විජය ඝාතනය, සාගරිකා ගෝමස් ඝාතනය, තේවිස් ගුරුගේ ඝාතනය ගැනය.

සාගරිකා ගෝමස් නවක ගායිකාවකි. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ඇයගේ ගීත අතිශය ජනප්‍රිය විය. ඇය සේවය කළේ රූපවාහිනී සංස්ථාවේය. ජවිපෙ රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී සහ ගුවන් විදුලි සේවයට අවසන් නිවේදනයක් නිකුත් කරමින් කීවේ මෙම ආයතනවල නිවේදක නිවේදිකාවන් ප්‍රවෘත්ති කීවොත් ද්‍රෝහීන් ලෙස සලකා මරාදමන බවය. මේ කාලයේ රිචඩ් ද සොයිසාත් රූපවාහිනියේ ඉංග්‍රීසි පුවත් නිවේදකයකු විය. රිචඩ් ජවිපෙ නියෝගයට ගරු කරමින් ප්‍රවෘත්ති කීම නතර කළේය. රිචඩ් ද සොයිසා අනෙක් ප්‍රවෘත්ති නිවේදකයන්ටත් එසේ කරන ලෙස කී බව රිචඩ්ගේ කල්‍යාණ මිතුරු මහාචාර්ය රජිව් විජේසිංහ පවසා ඇත. මේ, ඔහු ‘රාණි’ චිත්‍රපටයට පසු මාධ්‍යයට කී කතාවෙන් කොටසකි.

‘ජනතා විමුක්ති පෙරමුණ විසින් රූපවාහිනී ප්‍රවෘත්ති කියවීම නතර කරන ලෙසට දැනුම් දුන් විට රිචඩ් ප්‍රවෘත්ති කියවීම නතර කළේය. ඒ නිසා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අයෙක් යැයි බොහෝ දෙනා පැවැසූහ. ඔහු ඔහුගේ හිතවත් සගයන්ට ප්‍රවෘත්ති ඉදිරිපත් නොකරන ලෙසට ප්‍රකාශ කර ඇතැයි මට කිසිවෙක් පැමිණ කීවේය. ඒ ගැන මම රිචඩ්ගෙන් විමසුවෙමි. ටිකක් පරෙස්සම් වන ලෙස පැවසූ බව තමන් පැවසූ බව කීවේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙම වැඩසටහන් නතර කිරීමට උත්සාහ ගත් බව ඇතැම්හු පැවසූහ…’
‘අරුණ’ පුවත්පත
2025.02.09

රිචඩ්ගේ කල්‍යාණ මිත්‍රයා කියන විදියට රිචඩ් ජවිපෙ නියෝගවලට අවනත වන ලෙස රූපවාහිනිය තුළ සිටින නිවේදන නිවේදිකාවන්ට පවසා ඇත. කෙසේ හෝ අවසානයේ රූපවාහිනී ප්‍රවෘත්ති කීමෙන් නිවේදක නිවේදිකාවෝ මර බයට ඉවත් වූහ. රූපවාහිනී සභාපතිගේ බලපෑමට යටත්ව එවක ජනප්‍රිය ගායිකාවක් වූ රූපවාහිනියේ සේවය කරන සාගරිකා ගෝමස් රූපවාහිනියේ ප්‍රවෘත්ති කීමට ඉදිරිපත් වූවාය. මේ නිසාම ඇයව ජවිපෙ ඝාතනය කරයි. ඇය පමණක් නොව, ජවිපෙ තර්ජන, නියෝගවලට අවනත නොවූ ස්වාධීන රූපවාහිනියේ සභාපති තේවිස් ගුරුගේ, ප්‍රකට ගීත රචක සහ නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස්ද ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබේ.

ප්‍රවෘත්ති නොකියන ලෙස ජවිපෙ නිකුත් කළ නියෝගයට අවනත වී එම නියෝගයට අවනත වන ලෙස අනෙකුත් නිවේදක නිවේදිකාවන්ට කී රිචඩ්ව ප්‍රේමදාසගේ ආණ්ඩුව ඝාතනය කිරීම අමු තිරිසන් ක්‍රියාවකි. ඒ වගේම ජවිපෙ නියෝගයට හෝ රිචඩ් ද සොයිසාගේ බලපෑමට අවනත නොවී ප්‍රවෘත්ති කී සාගරිකා ගෝමස් ජවිපෙ විසින් ඝාතනය කිරීමද අමු තිරිසන් ක්‍රියාවකි.

ලංකාවේ කලාකරුවන්ගේ ප්‍රශ්නය රිචඩ් ද සොයිසා වීරයෙක් කොට සාගරිකා ගෝමස්ට සාධාරණය ඉටු නොකිරීමය. ඒකට හේතුව ලංකාවේ කලාකරුවන් බොහොමයක් වාමවාදී ජවිපෙ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් වීමය. ‘රාණි’ අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා කියන්නේ විජේවීර ඝාතනය වූ විට තමන් කඩාගෙන වැටුණු බවය.

එහෙම බලන කොට ‘රාණි’ දේශපාලන චිත්‍රපටයකි. ‘රාණි’ නිෂ්පාදනය කරන්නේ ආණ්ඩුවලට හේත්තු වී තම ව්‍යාපාර ජාලය ශක්තිමත් කරගන්න උත්සාහ කරන මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින ලයිකා මොබයිල් හිමි සුබාස්කරන් අලිරාජාය. ‘රාණි’ චිත්‍රපටය ඔහුට ජවිපෙ ආණ්ඩුවට හේත්තු වීමට ඉණිමගක් දැයි කියන්නට දන්නේ නැත.

වම් ඉවුර යකාගෙන් හරි වැඩේ කරගන්න දක්ෂය. දකුණු ඉවුරට ඒ වැඩේ දන්නේ නැත. දකුණු ඉවුරට ඒ වැඩේ කරලා දෙන්න හිටියේ එක නායකයෙකි. ඒ, රණසිංහ ප්‍රේමදාසය. ඔහු ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක වැනි සිනමාවේ යෝධයන් හරහාත්, සයිමන් නවගත්තේගම වැනි නවකතාකරුවන් නාට්‍යකරුවන් හරහාත්, ජෝතිපාල, ලතා වැනි ගායක ගායිකාවන් හරහාත් දකුණේ මතය රට තුළට ගෙන ගියේය. ප්‍රේමදාස නැත්නම් ගාමිණී ෆොන්සේකා කවදාවත් ‘සාගරයක් මැද’ චිත්‍රපටය හදන්නේ නැත. ප්‍රේමදාස ගාමිණීලාව, සනත්ලාව දේශපාලනයට ගෙන ආවේය. ඩී.ඇස්., ඩඩ්ලි, සර් ජෝන් සහ ජේ.ආර්. කොළඹ කුරුඳුවත්තේ ටයි කෝට් අඳින ඉංග්‍රීසියෙන් කතා කරන නායකයන් නිසා ඔවුන් දකුණේ මතය ජනතාව අතරට ගෙන යන්න උපක්‍රමශීලී නොවීය. ඔවුන්ට සම්බන්ධතා තිබුණේ කොළඹ ඉංග්‍රීසි කතාකරන කලාකරුවන් සමගය. ප්‍රේමදාස ජනප්‍රිය සිංහල කලාකරුවන් දකුණේ මතය නියෝජනය කරන්නන් බවට පත් කළේය. ප්‍රේමදාස වගේම ගාමිණී දිසානායකත් ඒ වැඩේ මහවැලිය හරහා උපක්‍රමශීලීව කළේය.

දේශපාලන චිත්‍රපට කලාව ලංකාවේ පටන් ගන්නේ ඈත අතීතයේය. ඒ චිත්‍රපටවල දේශපාලන පණිවුඩය දුන්නේ හීන්සැරේය. ‘කවුද රජා’, ටී.බී. ඉලංගරත්නගේ පොතක් ඇසුරෙන් හදපු ‘තිලක සහ තිලකා’ එවැනි චිත්‍රපටය. ඍජු දේශපාලන පණිවුඩයක් දීමට හදපු පළමු චිත්‍රපටය ‘සාගරයක් මැද ’ චිත්‍රපටයය. යූ.ඇන්.පී. ආණ්ඩුව එයින් හොඳට ප්‍රයෝජන ගත්තේය.

ප්‍රේමදාසලාගෙන් ගාමිණීලාගෙන් පසු දකුණේ මතය කලාව හරහා රටට ගෙනයන නායකයන් නැත. විජය කියන්නේ ලංකාවේ ජනප්‍රියතම නළුවාය. ඒ ඝාතනය ගැන චිත්‍රපටයක් කරන්න ඔහුගේ බිරිය චන්ද්‍රිකා ජනාධිපති ධුරය දරන කාලයේවත් උත්සාහ කළේ නැත. විජයව යූ.ඇන්.පී.යෙන් ඝාතනය කළා නම් ඇය නොව, විජය ඝාතනය ගැන චිත්‍රපට කරන්න ලංකාවේ කලාකාරයන් පොරකනු ඇත. අවාසනාවකට විජයව මැරුවේ වාමවාදී ජවිපෙය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ට්‍රම්ප් ගොර්බචොව්ගේ අවතාරයද? Sri Lanka Latest News

Next Post

ශිරන්ති රෑට රෑට දැක්ක දේවල්! අදෘශ්‍යමාන බලපෑම් එලවන්න කරපු මහා යාගය! මහ රැජිනගෙ සුදු පිළිරුව උස්සන් ගිය හැටි! ජනාධිපති මැඳුරෙයි අරලියගහ මැඳුරෙයි මොකක්ද මේ අපලය? Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.