නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ සංගමයේ වැඩබලන ලේකම් ටෂ්යා ගජනායක මහතා සඳහන් කළේ මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පල කරන බවය.
නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය දිනක ලබා දී තිබූ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලව සිදුකර ඇති බව නීති නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
අදාළ නිර්දේශ ලබාදීම සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නිසි නීතිමය කරුණු සලකා බලා බැවින් එම තීරණය සම්බන්ධයෙන් සිය සංගමය උපරිම විශ්වාසය පල කරන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
නීතිපති දෙපාර්තමේන්තුව ඉහළ සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන්ගේ ස්වාධීන විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බැවින් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සායකට එරෙහිව නැගී සිටින බව නීති නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.










