USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය පිළිබඳ මේ දිනවල මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතාබහකි.Sri Lanka Latest News
එවන් පසුබිමක USAID, ගෙවුණු වසර කිහිපය තුළ මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පාලනය විසින් අනාවරණ කරනු ලැබීය.
මේ අතර ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තාකර තිබුණේ ශ්‍රී ලංකාව බංග්ලාදේය ,යුක්රේනය , සිරියාව, පාකිස්තානය හා ඉන්දියාව ඇතුළු රටවල් 9ක ආණ්ඩු වෙනස් කිරීම සඳහා මෙම ආයතනය ඩොලර් මිලියන 260ක් වියදම් කර ඇති බවය.
එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ආයතනවල මූල්‍ය වංචා සෙවීමට පත්කළ ඩොජ් (DOGE) ආයතනයේ ප්‍රධානී ඊලෝන් මස්ක් ද අනාවරණ කළේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට USAID මුදල් වැය කර ඇති බවය.
මේ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට, ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම් වී භාෂා භාවිත කිරීමෙන් වළකින ආකාරය පිළිබඳ වැඩමුළු පවත්වා ඇති බවත් ඊට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක් බවත් ට්‍රම්ප් පරිපාලනය අනාවරණ කර තිබුණි.
ඔවුන් එය හඳුන්වාදී තිබුණේ විකාරරූපී ව්‍යාපෘතියක් ලෙසය.











