• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක රාජ්‍ය නායකයන්ගේ සමුලුවට ගිහින් අනුර කරපු සම්පූර්ණ කතාව මෙන්න!  I Sri Lanka Latest News

February 12, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ලෝක රාජ්‍ය නායකයන්ගේ සමුලුවට ගිහින් අනුර කරපු සම්පූර්ණ කතාව මෙන්න!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

” ගෞරවනීය රාජ්‍ය නායකයිනි, විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතවරුනි, සම්භාවනීය අමුත්තනි ,මාධ්‍යවේදී හිතවතුනි.Sri Lanka Latest News

මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටිමින් , පෙර නොවූවිරූ ගෝලීය සහයෝගීතාවයක් ඉල්ලා සිටින මොහොතක පැවැත්වෙන මේ සුවිශේෂී සමුළුව ඇමතීමට ලැබීම මා හට ඉමහත් සතුටක්.

මගේ රට අපූර්ව ඉතිහාසයකිනුත්, අනාගතය පිළිබඳව සුභ සිහින දකින වර්තමානයකිනුත්, පුළුල් දේශපාලන සහ සමාජ දැනුමකිනුත් සන්නද්ධ පුරවැසියන්ගෙන් සමන්විත සුන්දර දිවයිනක්. ලෝකයේ ඕනෑම රටක සිදුවන සිදුවීමක් පිළිබඳව සහකම්පනයක් මගේ රටේ ජනතාව තුළ තිබෙනවා. ඔවුන් සම්ප්‍රදායට ආදරය කරනවා සේම, වෙනස් විය යුතු තැන ඉතා සබුද්ධිකව වෙනස්වීමට තරම් පුළුල් සමාජ දැනුමකින් පිරිපුන්.

ඒ වගේම ඔබ මේ මොහොතේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් “ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට කුමක්ද?” කියා අන්තර්ජාලය පරීක්ෂා කර බැලුවොත් ඔබට හමුවන්නේ ඉන්දියානු අර්ධද්වීපයේ කෙලවර තියෙන මා නියෝජනය කරන රටයි. ඒ ශ්‍රී ලංකාවයි.

එවැනිම පරාර්ථකාමී , උනුසුම් හදවත් තියෙන පුරවැසියන් ජීවත්වෙන රටක් නියෝජනය කරමින් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම පිළිබඳව මගේ රටේ පුරවැසියන්ගේ නාමයෙන් මම ආඩම්බර වෙනවා.
මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග සහ සැලසුම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා ඉවහල් වෙතැයි මා තරයේ විශ්වාස කරනවා.
වර්තමානයේදී අප, රටවල් මට්ටමෙනුත්, කලාපීය මට්ටමෙනුත්, ලෝක මට්ටමෙනුත් මුහුණ දෙන ගැටලු අති විශාලයි. ඒ වගේම සංකීර්ණයි.

මේ ප්‍රශ්න, මායිම් නොකරන සමහරු, තමන්ගේ ආත්මාර්ථකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදකලා ප්‍රශ්න, හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න බවට පත්වන විට තම තමන්ගේ හුදකලා චාරිකාව අවසන් කරනවා.
ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණ දීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව මම යළිත් ඔබගේ අවධානයට යොමු කරනවා.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක සහ ඒකාබද්ධ පෙරමුණක අවශ්‍යතාව තිබෙනවා.

පාලනයේ වගවීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අනාගත ලෝකය වෙනුවෙන් අත්‍යාවශ්‍ය වෙනවා. එය පුරවැසියන් තනි තනිව සාමූහික ප්‍රයත්නයක් දක්වා රැගෙන ඒමට හුරුකළ යුතු දෙයක්.

රාජ්‍ය ආයතන ව්‍යූහය සහ නිලධාරී තන්ත්‍රය තම ක්‍රියාවලියන් ගැන වගකීමේ සහ වගවීමේ අවශ්‍යතාවය අනාගත ලෝකයට තීරණාත්මකව බලපානවා .

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යකට මෙන්ම කෘතහස්ත ලෝකයකට බෙහෙවින්ම වැදගත් වෙනවා. ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීමත්, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීමත්, නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩප්‍රස්ථා සැලසීමත් මෙහිදී ඉතා වැදගත් වෙනවා.

1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහ නව අයිතිවාසිකම් සහ වෙනස් වන දේශපාලන පද්ධති මතුවීම මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාවය වත්මන් සමාජය ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවය මේ මොහොතේ මා සිහිපත් කරනවා.

තිරසාර වටිනාකම් මත පදනම් වූ ලෝක ප්‍රජාවක් ගොඩනැගීමේදී, ලෝකයේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් කෙරෙහි ගෞරවය පවත්වා ගැනීම වැදගත් වෙනවා.

එසේම දුප්පත්ම රටවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් ණය අර්බුදයක හෝ ණය අර්බුදයේ ඉහළ අවදානමක සිටින තත්ත්වයක් තුළ අනාගතය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව ඔවුන් බරපතළ සුසුමක් හෙළනවා. ගෝලීය මූල්‍යකරණ කොන්දේසි දැඩි වීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වී තිබෙනවා. නූතන ලෝකයට සාධාරණ ලෙස ගලපාගත හැකි මුල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීම මේ මොහොතේ ඉතාම වැදගත් කරුණක් වෙනවා.

මේ අතරම දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ දැඩි දූෂණය වැනි පාලනයකින් තොරව කාර්මික වර්ධනයේ දරුණු ප්‍රතිවිපාක වෙත අප ගමන් කරමින් තිබෙනවා. ඒවා ආලෝක වර්ෂ ගණනක වේගයෙන් පෘථිවිය වෙත එන බිහිසුණු ග්‍රාහකයකට වඩා බියජනකයි. සංවර්ධිත රටවල් ඓතිහාසිකව කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් හතරෙන් තුනකට දායක වී ඇතත්, ඒවා දේශගුණික විපර්යාසවල බලපෑමට නිරාවරණය වන්නේ ඉතා අඩුවෙන්. සංවර්ධණයේ කිරුළ බොහෝ දුර වුවත්, ස්වභාවිකව සුන්දර යම්යම් අඩු ආදායම්ලාභී රටවල් රැසකම චමත්කාරය වෙනත් පාර්ශවයන්ගේ අපද්‍රව්‍යවලින් වැනසී යමින් තිබෙනවා. එවැනි රටවල් සහ දූපත් සතු සුන්දර වෙරළ තීරයන් ඒ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්ව තිබෙනවා. ජීවිතයේ යම් දිනක ඔබ අපේ රටේ සංචාරය කළහොත් රට වටා ඇති මුහුදු තීරය පිළිබඳව ඔබ විශ්මයට පත් වෙනවා. අපේ රටේ වෙරළ තීරය සුන්දර ලෙස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රටක් ලෙස අපි සුවිශාල ආයාසයක නිරතවනවා.

ඩිජිටල් විප්ලවය දැනටමත් මිනිසුන් ජීවත් වන ආකාරය, වැඩ කරන ආකාරය සහ සන්නිවේදනය කරන ආකාරය වෙනස් කර තිබෙනවා. බිලියන සංඛ්‍යාත ජනතාවට සතුටින්, සෞඛ්‍ය සම්පන්නව සහ වඩාත් ඵලදායී ජීවිත ගත කිරීමට උපකාර කිරීමේ හැකියාව ඇති එම තාක්ෂණයන්ම ලොව පුරා පුරවැසියන්ට සහ රජයන්ට නව අභියෝග නිර්මාණය කරන බවත් අප අමතක කළ යුතු නැහැ. ඉතාම සරලව, පරිගණක වෛරසයක් ගැන සිතන්න. එය තුවක්කු බැරලයකින් කරන වෙඩි තැබීමකට හෝ ගුවන් යානයකින් හෙළන බෝම්බයකට හෝ ඉකුත් සමයේ න්‍යෂ්ටික ප්‍රහාරවලට වඩා බරපතළ තර්ජනයකට වර්තමානයේ සයිබර් ප්‍රහාර හරහා අප මුහුණ දී තිබෙනවා. ආයුධ සහිත සම්ප්‍රදායික යුද්ධවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැනි දේවලට එරෙහිව ජාත්‍යන්තර නීති සංග්‍රහ කර තිබෙනවා., සයිබර් යුද්ධවලට එවැනි නීතියක් අවශ්‍ය නොවේද?

මේ අතර, ඉදිරි දශක දෙක තුළ, ජනගහන වර්ධනය, නාගරීකරණය සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හේතුවෙන් සෞඛ්‍ය අභියෝග කිහිපයක් දිගටම පැවතීමට සහ පුළුල් වීමට ඉඩ තිබෙනවා.

මිනිසුන් වශයෙන්, අපි නොවැලැක්විය හැකි ලෙස අප අතර අන්තර් සබදතා පවත්වනවා. වසරකට වැඩි කළක් වයිරසයක් විසින් අති බහුතරයක් මානවයින්ගේ මුහුණු, මුව ආවරණ මගින් වසා දමන්නට කටයුතු සිදු කළා. එය ලෝකයේ බලවත්ම රාජ්‍යයේ සිට දුප්පත්ම රාජ්‍යය දක්වා එකසේ බරපතළ පීඩනයක් ඇති කළා.

එසේම 2024 දී බෝවන රෝග කිහිපයක වැඩිවීමක් හෝ නැවත පැමිණීමක් දක්නට ලැබුණා.
බෝ නොවන රෝග අතර පිළිකා රෝගය ජීවිතවලට අසාමාන්‍ය ලෙස බලපෑමක් සිදුකර තිබෙනවා. මේ මොහොතේත් ජීවිතය සහ මරණය අතර සැරිසරන මිලියන ගණනක පිලිකා රෝගීන් සිටිනවා. හෘද රෝග, දේශසීමා නොතකා ජීවිතවලට කඩා වදින අතර එය බිහිසුණු ව්‍යසනයක් වී තිබෙනවා. 2030 වර්ෂය වන විට දී, ලොව පුරා මානසික රෝග සඳහා වන ආර්ථික පිරිවැය ඩොලර් ට්‍රිලියන 16 ඉක්මවිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පුරෝකථනය කරනවා.

දේශගුණික අර්බුදය හේතුවෙන් 2050 වන විට තවත් මරණ මිලියන 14.5ක් විය හැකි බවට පුරෝකථනය කරනවා.

ඩිජිටල් සෞඛ්‍ය, නව තාක්ෂණ සහ නවීන සෞඛ්‍ය උපකරණ, පාරිසරික සෞඛ්‍ය හා තිරසාරභාවය, ආර්ථිකව අවදානම් සහිත රටවල් සඳහා සෞඛ්‍ය මූල්‍යමය සහයෝගය පිළිබඳව මූලිකව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.

ගෞරවනීය අමුත්තනි,

ඔබ ඇතැම්විට මැදපෙරදිග නියෝජනය කරනවා වෙන්නට පුළුවන්. එසේම අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර රාජ්‍යයන් ඔබේ නියෝජනය කරනවා වන්නට පුළුවන්. එහෙත්…,අපි සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න වගේම අපේ හදවත්වලින් නැගෙන “ලබ් ඩප්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනගමු යන්නයි.

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය”, කියා මාර්ටින් ලූතර් කිං වරක පවසා තිබෙනවා.

අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා.

මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු”

සියලු දෙනාට බොහොම ස්තූතියි.

SendShareShare
Previous Post

විපක්ෂනායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් මෙවර නවම් පෝදා ධර්ම දේශනාව කෝට්ටේ නාගවිහාරයේදී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සාකච්ඡා කරන්නේ දක්ෂිණාංශික කඳවුර එක්ක එකතු වෙන්න මිස එජාපයේ හොර තක්කඩි එක්ක එකතුවෙන්න නෙමෙයි! රනිල්ගේ ගිය අවුරුදු 2ක ආණ්ඩු කාලේ පාස්පෝට් එකෙන් හොරකම් කළා! තෙල්වලින් හොරකම් කළා! ගෑස්වලින් හොරකම් කළා! පොල්තෙල්වලින් හොරකම් කළා! සජබෙ ඇතුළේ හොරු නෑ! අපිට හොරු එක්ක එකතු වෙන්න ඕනත් නෑ! නැට්ටට ඕන විදිහට සතා වැනෙන්න බෑ! සතාට ඕන විදිහටයි නැට්ට වනන්න ඕන! සන්ධානයක් හදනවා නම් නායකයා සජිත්! ලකුණ දුරකතනය! එච්චරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.