මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.Sri Lanka Latest News
ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අවශ්‍ය නම් අලුතින් නඩු පැවරීමට කටයුතු කරන බවත් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්. ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීලා තියෙනවා… ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් පුළුල්ව සාකච්ඡා කළා.”










