• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එක්ක එකතු වෙනවද? මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නයට ගත් කටටම සුජීව දීපු උත්තරේ! පිරිසුදු නායකයෙක් එක්ක එකතු වෙන්න පුළුවන්! රනිල් එක්ක නම් එකතු වෙන්න බෑ! VIDEO I Sri Lanka Latest News

February 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් එක්ක එකතු වෙනවද? මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නයට ගත් කටටම සුජීව දීපු උත්තරේ! පිරිසුදු නායකයෙක් එක්ක එකතු වෙන්න පුළුවන්! රනිල් එක්ක නම් එකතු වෙන්න බෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාය.Sri Lanka Latest News

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘මම දේශපාලනයට පැමිණිමට පෙර පොලිිසිය විසින් සිදුකළ වෙඩි තැබිමකදී මට 2001 දී වෙඩි වැදුණා. එහිදී මම පොලිසියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරුවා. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තිරණාත්මක නඩු තින්දුවක් ලබා දුන්නා. එහිදි ලක්ෂ 4 කට ආසන්න වන්දි මුදලක් මට ලැබුණා. ඒ වගේම පොලිසිය අවම බලය යෙදිම සම්බන්ධයෙන් සේරසිංහට එරෙහි රජය කියන නඩු තින්දුව තමයි භාවිතා කරන්නේ. ඒ නිසා ඒ නඩුව රටේ තිරණාත්මක නඩුවක් බවට පත්වුණා. ඉන්පසුව මම 2004 දි දේශපාලනයට පැමිණි පසු ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ සිදුවුණ වංචා දූෂණ සම්බන්ධයෙන් පෙනී සිටින්න කටයුතු කළා. එමෙන්ම කිසිදු මුදලක් අය නොකර ජනතාව වෙනුවෙන් පැවැති නඩුවලදි පවා මම නීතිඥවරයෙකු වශයෙන් පෙනි සිට තිබෙනවා.

ඒ වගේම රටේ සිදුවුණ වංචා දුෂණ සම්බන්ධයෙන් හඩ නගද්දී , වැරදි කරන දේශපාලනඥයින්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරද්දී මාව සෘජුවම ඉලක්ක කරගෙන විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් මගේ කීර්ති නාමය විනාශ කරන්න බොහෝ පුද්ගලයන් සහ ආයතන කටයුතු කළා. මගේ නමට හානිවන ආකාරයේ දෙයක් යම් කිසි ආයතනයක් හෝ පුද්ගලයෙක් සිදුකළහොත් ඒ වෙනුවෙන් මම අනිවාර්යෙන් සටන් කරනවා.

ඒ අනුව එක්තරා පෞද්ගලික නාළිකාවක් 2017 වසරේදී විකාශය කළ ප්‍රවෘත්තියකදී සී. බී. රත්නායක මහතා මම මහ බැංකු බැඳුම්කර පුට් නෝට් කල්ලියේ සාමාජිකයකු බවට කළ අසත්‍ය ප්‍රකාශය නිසා මට සිදුවූ අපහාසයට වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා නඩුවක් පවරනු ලැබුවා. ඒ වගේම මගේ කිර්ති නාමයට අපහාස වන ලෙස අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයකටත් විරුද්ධම මම නඩුවන් පවරවලා තිබෙනවා. ඒ මාධ්‍ය ආයතනය ඉතාමත් ම්ලේච්ච ආකාරයට මගේ නම පලුදු කරලා තිබුනා. එම ආයතනයට සම්බන්ධ දේශපාලඥයෙක් ඉහළ නැංවිමට මගේ නම පලුදු කරන්න එම ආයතනය විශාල උත්සාහයක් දැරුවා. ඒ සම්බන්ධයෙන් තමයි මම පළමුවෙන්ම නඩුවක් පැවැරුවේ.

කෙසේ නමුත් සී. බී. රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කළා ඔහු අතින් වරදක් සිදුවුණා කියලා. ඒ වරද නිවැරදි කර ගන්න කියලා මම කිහිප වතාවක්ම සී. බී. රත්නායක ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔහු ඒ සඳහා උනන්දුවක් දැක්වූයේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශයම උසාවියට ගෙනැවිත් මෙම නඩුව විභාග කොට මිලියන 250 ක වන්දියක් ගෙවන්නැයි සී.බී. රත්නායක මහතාට උසාවි නියෝගයක් ලබාදුන්නා.

විවිධ පාර්ශ්ව බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මට විවිධ අපහාස එල්ල කළා. මම බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පොත් ලියලා , ෆුට් නොට් දාලා තිබෙනවා කියලා අසත්‍ය ප්‍රචාර සිදුකළා. නමුත් අවසානයේදී ඒ සියල්ල අසත්‍ය බව උසාවියේදී උප්පු වුණා. බැදුම්කර සිද්ධියට මම කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නැහැ. ඊට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටිනවා. ඔවුන්ව අත්අඩංගුවට ගන්න නිතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපි වෝහාරික විගණනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. සුනිල් හදුන්නෙත්තිලා එහෙම ඒ අවස්ථාවේ එවැනි දෙයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේ නෑ. එවැනි තත්ත්වයක් තුළ තමයි මට පෞද්ගලිකව විවිධ අපහාස එල්ල කරන්න විවිධ පාර්ශ්ව කටයුතු කළේ. කෙසේ නමුත් මේ සිද්ධියෙන් පසුව දේශපාලඥයින් හෝ මාධ්‍ය ආයතන අදහස් ප්‍රකාශ කිරිමේදී ප්‍රවේශම් වෙයි කියලා මම හිතනවා.

මෙම වන්දි මුදල මම මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 150 ක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කරනවා. ඒ වගේම පේරාදෙණිය රෝහලට ලක්ෂ 100 ක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කරනවා. ඊට අමතරව මගේ මව විසින් සිදුකරගෙන යන ළමා නිවාසයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදලක් වෙන් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මගේ වාහනය එකලස් කරපු වාහනයක් බවත් එම වාහනය රේගුවෙන් පැන්නූ වාහනයක් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තොරුතරු ලබාදිලා තිබෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ විමර්ශන සිදුකළේ කැමැත්තකින් නෙවෙයි. මා සතුව තිබු වී එයිට් වර්ගයේ වාහනය බලපත්‍රයකින් ගෙනාපු වාහනයක්. ඒ තොරුතුරු සියල්ල තිබියදී තමයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ භාරයට ගත්තේ. නමුත් අවසානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ මගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරනු ලැබුවා. වරදක් වුණානම් වරදක් වුණා කියලා කියන්න පුලුවන් නිහතමානි භාවය තිබිය යුතුයි. ඒ නිහතමානිභාවය තිබුණොත් දුරක් යන්න පුලුවන්. එහෙම නැතිවුණොත් දුරක් යන්න හැකි වෙන්නේ නෑ.

සමගි ජන බලවේගවේගය පරාජය වෙන්න එක හේතුවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තනිව තරග වැදිම. එසේ වුණේ නැතිනම් අපි ජයගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පවත්වනවා කියලා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැදිහත්විමකින් තොරවයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැර එක්සත් ජාතික පක්ෂය එකතු වෙන බව තමයි මට ප්‍රකාශ කළේ. ඒ ආකාරයට තමයි සිදුවිය යුත්තේ. කෙසේ නමුත් පිරිසිදු එක්සත් ජාතික පාක්ෂිකයන් සහ නායකයන් සමගි ජන බලවේගය සමග එකතුවෙනවානම් මගේ සහාය ලබාදෙනවා. අපේ මතයට විරුද්ධ පිරිස් සමගි ජනබලවේගයට එකතුවනවාට මම විරුද්ධයි. සියලුම දෙනා ගැන හිතලා අපිට පොදුජන පෙරමුණ සමග එකතු වෙන්න බැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කැඩෙන්න හේතු වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාකලාපය නිසයි.

ඒ වගේම ගිනි තියපු මන්ත්‍රිවරුන්ගේ නිවාස වලට ලැබුණ වන්දි මුදල සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වෙලා තිබෙනවා.කෙසේ නමුත් ඒ නිවාස ගිනි තියපු එකත් වැරදි වැඩි තක්සේරු කරලා වැඩි මුදලක් ගත්ත පිරිසත් වැරදියි. ආණ්ඩුව මුලින්ම නිවාස ගිනි තියපු පිරිස ගැන විමර්ශනයක් කළ යුතුයි. ඒ පිලිබදව කතා නොකර මන්ත්‍රිවරුන්ගේ නිවාස වලට ලැබුණ වන්දි මුදල ගැන කතා කරනවා. ආණ්ඩුව තවම විපක්ෂයේ කටයුත්ත කරන්නේ. ඉස්සල්ලා ගිනි තියපු පිරිස් අල්ල ගන්න ඕන. ඉන්පසුව වන්දි මුදල් ගත්ත විදිහ පිළිබඳව විමර්ශනයක් කළ යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ගන්නවානම් ඒ බව කතානායකවරයාට දැනුම් දි අත්අඩංගුවට ගත යුතුයි කියලා අපි ප්‍රකාශ කළා. මන්ත්‍රිවරු අත්අඩංගුවට ගන්නේ දේශපාලනය කරන නිසයි. වෙන හේතුවක් නිසා නෙවෙයි. අසත්‍ය තොරතුරු මත හිරහැර කරලා දේශපාලනය කරන්න බැහැ. වෛරයෙන් රටක් හදන්න බෑ. වර්තමාන ආණ්ඩුව සිදුකරන්නේ වෛරයෙන් කටයුතු කිරිම. නිතිය ආණ්ඩුවේ පාර්ශ්වයට ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලය නැති පිරිසට තමයි නිතිය ක්‍රියාත්මක වෙන්නේ.‘‘

SendShareShare
Previous Post

ලසන්තගේ දුව‌ එවපු ලියුම ලැබුණා! ඒකට උත්තර යවනවා! ලසන්ත මරපු නඩුව අලුතෙන් දාන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරන්න උපදෙස් දුන් හේතුව නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි! නෛතික දුර්වලතා! අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නෑ! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.