• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර රටට කියපු හමුදාවෙන් පන්නපු ආයුධ 73 කතාව මෙන්න මේකයි! Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර රටට කියපු හමුදාවෙන් පන්නපු ආයුධ 73 කතාව මෙන්න මේකයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිරස රූපවාහිනියේ ‘සටන’ දේශපාලන සංවාදයට එක්වෙමින් සිදුකළ අදහස් දැක්වීම පාදක කරගෙන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන MediaLK යූටියුබ් නාලිකාවට වීඩියෝවක් ඉදිරිපත් කර තිබෙනවා. පහත පළවන්නේ MediaLK යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ එම අදහස් දැක්වීමයි. Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 21 වැනිදා සිරස ‘සටන’ වැඩසටහනට ඇවිත් ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරක තිබුණු ආයුධ 73ක් අස්ථානගත වෙලා කියලා. එයින් ආයුධ 35ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හොයාගෙන තියෙනවා කියලත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා. මේ ප්‍රකාශයත් එක්ක බොහෝ දෙනෙක් කතාකරන්න පටන්ගත්තා මොනවද මේ ආයුධ සහ මොකක්ද මේ සිද්ධිය කියලා. අපි මේ කතාකරන මොහොත වෙනකොට දිනපතා ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙඩිතැබීම් වාර්තා වෙනවා. ලංකාව ඇතුළේ ගිනිඅවි ගණනාවක් නීති විරෝධී විදියට සංසරණය වෙනවා කියන්න ඒක හොඳ උදාහරණයක්. ඒ වගේ තත්ත්වයක් තුළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්ව ඒ කතාව ඇත්තක් නම්, ඒක ඉතාම බරපතළයි. අපි මේ ගැන හොයාබැලීමක් කළා.
අපි අද කතාකරන්න යන්නේ ජනාධිපතිවරයා කියපු, ආයුධ හැත්තෑ ගණනක් යුද හමුදා කඳවුරකින් අස්ථානගත වුණාය කියන කාරණාව සම්බන්ධයෙනුයි. මේ සිද්ධිය පටන්ගන්නේ අදක ඊයේක නෙවෙයි. 2020 ජූලි මාසේ 29 වැනිදා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරක් ලැබෙනවා හෝමාගම පොලිස් වසමේ යම් නීති විරෝධී කටයුත්තක් සිදුවෙනවා කියලා. ඒ අනුව සිදුකළ වැටලීමේදී ටී56 ගිනි අවි 11ක් සහ ටී81 ගිනි අවියක් සොයාගන්නවා. මේක තමයි විශේෂ කාර්ය බළකාය සහ ජනමාධ්‍ය ඒ දවස්වල කියපු කතාව. මේකේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. ජනමාධ්‍ය වාර්තා කළා 2020 ජූලි මාසේ 29 වැනිදා ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝමාගම පොලිස් වසමේ වැටලීමක් කළා කියලා. එහිදී ටී56 ගිනි අවි 11ක් සහ ටී81 ගිනි අවියක් හමුවෙලා තියෙනවා කියලා. මේ සිද්ධියෙන් පස්සේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වෙනවා. විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන පටන් ගන්නවා. ඊ 38 294 රැ 2020 කියන අංකයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් රැඳවුම් නියෝග ලබාගන්නවා. ඒ අනුව විමර්ශන කරගෙන යනවා.
මේ විමර්ශනවලට අනුව සී.අයි.ඩී. එක අධිකරණයට වාර්තා කරනවා මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයෙන් අතුරුදන් වූ ගිනි අවි තමයි මේ සොයාගත්තේ කියලා. මේ ගිනි අවි මින්නේරියේ සිට කොළඹට ප්‍රවාහනය කරපු විදිය ගැනත් විමර්ශනයක් කළා කියලා කියනවා. ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් විදියට ජනමාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගන්නවා. ඇයි ජනමාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගන්නේ? 2020 කොවිඩ් වසංගත කාලයේදී සංචරණ සීමා පනවා තියෙද්දී එම ජනමාධ්‍යවේදියාගේ ජනමාධ්‍ය හැඳුනුම්පත භාවිත කරමින්, ඔහුගේ අනුදැනුම මත මින්නේරියේ සිට කොළඹට මේ ආයුධ ප්‍රවාහනය කළා කියන චෝදනාව මත තමයි ඔහුව අත්අඩංගුවට ගන්නේ. පසුව ජනමාධ්‍යවේදියාට රැඳවුම් නියෝගක් ලබාගෙන අදාළ විමර්ශන සිදුකරගෙන යනවා. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී යුද හමුදා මේජර්වරයෙක්, යුද හමුදාවේ සාමාන්‍ය සාමාජිකයන් හය දෙනෙක්, පොලිස් නිලධාරියෙක්, ජනමාධ්‍යවේදියෙක් ඇතුළු තවත් සැකකරුවන් 30 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ පිරිසෙන් 12 දෙනෙක් මේ වෙනකොට මුදාහැරලා තියෙනවා. තවත් 23 දෙනෙක් සැකකරුවන් විදියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය නම්කරලා තියෙනවා. තවත් උසාවිවලටත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරලා තියෙනවා.
මේ විමර්ශනයට අදාළව දැනට සොයාගෙන තියෙනවා ටී56 ගිනි අවි 36ක්. 73න් 36ක් සොයාගෙන තියෙනවා කියලා කියනවා. ඒවා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ගිනි අවි 7ක්, පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ගිනි අවි 14ක්, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ගිනි අවි 1ක්, සී.අයි.ඩී. එකෙන් ගිනි අවි 12ක් සහ සාමාන්‍ය පොලිසිවලින් ගිනි අවි 1ක් (ගනේමුල්ල පොලිසියෙන්) ලෙසයි. ඒ අනුව ටී56 ගිනි අවි 36ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේවායින් මුල් අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා ටී56 ගිනි අවි 24ක්, පිස්තෝල 11ක්, රිවෝල්වර 1ක්, ගල්කටස් 1ක් සහ උණ්ඩ 1,359ක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට වාර්තා කරපු මේ කරුණු ඇත්ත නම් මිනිස්සු කී දෙනෙක් මරන්න පුළුවන් උණ්ඩ තොගයක්ද මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? ගිනි අවි 73ක් අතුරුදන් වෙලා තියෙනවා. එයින් ගිනි අවි 36ක් සොයාගෙන තියෙනවා. මුල් අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා ටී56 ගිනි අවි 24ක්, පිස්තෝල 11ක්, රිවෝල්වර 1ක්, ගල්කටස් 1ක්, උණ්ඩ 1,359ක්. කොච්චර භයානක තත්ත්වයක්ද?
අධිකරණයට භාරදුන් ගිනි අවි ටික මුල් අවස්ථාවේ රසපරීක්ෂකවරයා වෙත යැව්වා. මේ ආයුධවල සමහර අංක මැකිලා තිබුණා, රසපරීක්ෂකවරයා ඒ අංක රිකවර් කළා. රිකවර් කරලා වාර්තාවක් කැඳවනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. ඒ වාර්තාව 2023.08.14 වැනි ආරක්ෂක අමාත්‍යාංශය අධිකරණයට එවලා තිබුණා. ඒ වාර්තාවට ටී56 ගිනි අවි 5ක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීලා තියෙනවා. ඒ අනුව මේ හොයාගෙන රස පරීක්ෂවරයා වෙත යවපු ගිනි අවිවලින් ගිනි අවි 3ක් මින්නේරිය පාබල හමුදා පුහුණු මධ්‍යස්ථානයට නිකුත් කරපු ගිනි අවි බව ආරක්ෂක අමාත්‍යාංශය පිළිඅරගෙන තියෙනවා. ඒ වගේම එක ගිනි අවියක් තුන්වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවට නිකුත් කරපු ගිනි අවියක් බවත්, තවත් ගිනි අවියක් 14 වැනි විජයබා පාබල රෙජිමේන්තුවට නිකුත් කළ ගිනි අවියක් හෙළිවෙලා තියෙනවා. මේක තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණ වාර්තාව අනුව අවසන් නිගමනය වෙන්නේ.
මේකෙදී පොලිසියේ කතාවක් තියෙනවා. ඒක තමයි මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේ අවි ගබඩාවෙන් ගිනි අවි 79ක් පැහැරගත්තා කියලා. ඉන් 36ක්, ඒ කියන්නේ ටී56 ගිනි අවි 35ක් සහ වෙනත් ගිනි අවියක් සොයාගත් බව කියනවා. තවත් හොයාගන්න තියෙන ගිනි අවි ගණන 37ක් බවත් කියැවෙනවා. හැබැයි ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මේ ගැන විමසුවාම ශ්‍රී ලංකා යුද හමුදාව අධිකරණයට වාර්තාවක් දෙනවා 2021 අගෝස්තු 09 වැනිදා. 2021 අගෝස්තු 09 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව දුන්න වාර්තාව අනුව කලින් කියපු මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයෙන් නැතිවෙලා තියෙන්නේ ගිනි අවි 10ක් පමණයි. නැතිවුණා කියලත් ඒකේ නෑ. ඒකේ තියෙන්නේ ‘භෞතික තොගයේ තිබිය යුතු ගිනි අවි 10ක් භෞතිකව නෑ’ කියලා. ඒ කියන්නේ ගිනි අවි 10ක් අස්ථානගත වෙලා කියන එක. එතකොට පොලිසිය බරපතළ අර්බුදයකට ගියා මේ ප්‍රකාශයත් සමග. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා ඒගොල්ලෝ කරපු විමර්ශනවලින් අනාවරණ වුණා කියලා ගිනි අවි 73ක් පැහැරගත්තා කියලා. ජනමාධ්‍යවේදියෙක්ගේ අනුදැනුම මත ඒ ආයුධ ටික ප්‍රවාහනය කළා කියලා. හැබැයි හමුදාවෙන් කියනවා ආයුධ 10ක් පමණයි නැතිවෙලා තියෙන්නේ කියලා. එතකොට ඇත්ත කතාව මොකක්ද?
හමුදාව බොරු කියනවද? පොලිසිය බොරු කියනවද? විමර්ශනයේ ගැටලුව මොකක්ද? මේ විමර්ශනය තාවකාලිකව අතරමග නතර වෙලා තිබුණා. මේ වෙද්දී ඒ විමර්ශනය ආරම්භ කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වේ මෙන්න මේ විමර්ශනය ගැන. දැනට අනාවරණ වෙච්ච විදියට යුද හමුදා කඳවුරකින් ගිනි අවි 73ක් පැහැරගෙන තියෙනවා. හැබැයි මේක ගැන යුද හමුදාව දැනුම් දෙන්නේ ආයුධ 10ක් නැතිවෙලා තියෙනවා කියලා. එතකොට කවුද බොරු කියන්නේ? කවුද ඇත්ත කියන්නේ? මොකක්ද කතාව? කියලා අනිවාර්යයෙන්ම විමර්ශනයක් විය යුතුයි. ලංකාවේ දවස ගානේ හැම තැනම වෙඩිතැබීම් වෙනවා. මේවා සාමාන්‍යකරණය වීගෙන යනවා. රට පුරා නීති විරෝධී ගිනි අවි සංසරණය වෙනවා කියන්නත් මේ ඝාතන රැල්ල හොඳ උදාහරණයක්. එතකොට නීති විරෝධී අවි කොහෙන්ද, කොහොමද කියලා හරි විමර්ශනයක් සිදුවිය යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරලා තියෙන මේ කතාව ඇත්ත නම් එය ඉතා බරපතළ තත්ත්වයක්. වහාම විමර්ශනය කළ යුතුයි. පොලිසිය වැඩි බරක් මේකට දෙනවා කියලා තාම පේන්න නෑ. වැඩි බරක් මේකට දීලා මේක ලොකු විමර්ශනයක් බවට පත්කළ යුතුයි. මේවාට සම්බන්ධ කවුද, මේවා යටගැහුවේ කවුද කියන එකත් අනාවරණ කරගත යුතුයි.
පොලිසිය කියන්නේ මේ ආයුධ ටික පාතාලයට දුන්නා කියලා. පාතාලයට දුන්නා කියලා පොලිසිය නම් ටිකකුත් කියලා තියෙනවා. එතකොට ඇත්තටම කාටද දුන්නේ? කොහොමද දුන්නේ? කවුද ගෙනාවේ? මොකද වුණේ? තව තැන් කීයකට මේ විදියට නීති විරෝධී ගිනි අවි ගිහින් තියෙනවද? කියලා වහාම විමර්ශනයක් කළ යුතුයි. දැනට කරන විමර්ශනය ටිකක් සංකීර්ණ එකක්. ඒ විමර්ශනය තවත් ශක්තිමත් කළ යුතුයි. දැනට කරලා තියෙන විමර්ශන අනුව සැකකරුවන්ට අධිචෝදනා දාන්න යනවද නැද්ද කියලා අපි දැන්නේ. කොහොම වුණත් එහෙම අධිචෝදනා දාන්න යනවා නම් ඊට කලින් මේ විමර්ශනය ශක්තිමත්ව කළ යුතුයි. එහෙම නැත්නම් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්න බැරිවේවි. අපි බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනයේ ප්‍රගතිය ශ්‍රී ලංකා පොලිසිය විසින් නොසඟවා රටට අනාවරණ කරයි කියලා.

MediaLK යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ යුද්ධය! ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගවලට විනිසුරුවන් තිදෙනකු එරෙහි වෙයි! අවස්ථා තුනකදී පැවරූ නඩු තුනකින් ට්‍රම්ප් පරාජයට පත්වෙයි! ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත්වීමටත් අස්සන් තබයි! ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව චීනයෙන් 25%ක තීරුබදු ඇමෙරිකාවට! Sri Lanka Latest News

Next Post

වඳුරෙක් හින්දා ලයිට් නැතිවුණා කියලා දවල් කිව්වා! මෙන්න ඇමැතිගේ අලුත්ම නිවේදනය..! පහුගිය ආණ්ඩු නිසයි මෙහෙම වුණේ! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.