• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අර්බුදය මොකක්ද? දඩිබිඩි ගාලා හිටි හැටියෙම සභාපතිවරු ආණ්ඩුව දාලා යන්නේ ඇයි? Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ අර්බුදය මොකක්ද? දඩිබිඩි ගාලා හිටි හැටියෙම සභාපතිවරු ආණ්ඩුව දාලා යන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව ආණ්ඩුව බලයට පත්ව ගතවූ මාස දෙකක පමණ කාලය තුළ ඔවුන් විසින් රජයේ විවිධ සංස්ථාවලට පත්කළ සභාපතිවරුන් 6 දෙනකු එම තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ මහතා සිය යූටියුබ් නාලිකාව හරහා අදහස් දක්වා තිබෙනවා. පහත පළවන්නේ වරුණ රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම අදහස් දැක්වීමයි. Sri Lanka Latest News

ගතවෙච්ච මාස දෙකක කාලය තුළ මාලිමා ආණ්ඩුවේ සභාපතිවරු 6 දෙනෙක් ඉවත් වෙලා තියෙනවා. මොකක්ද මේ සභාපතිවරු එක දිගට ඉවත් වෙන්න හේතුව? මේ සම්බන්ධයෙන් මාලිමාව පැත්තෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් වෙලා නෑ. නමුත් ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය බළකාය, යූටියුබර්ස්ලා, සහ ආණ්ඩුව කරන දේවල් පැහැදිලි කරන කට්ටිය ඒ වෙනුවෙන් හේතු දක්වමින් ඉන්නවා. ඒගොල්ලෝ හේතු දෙකක් කියනවා. එකක් තමයි බැරිකම. දැන් මාස 2ක් 3ක් ඇවිල්ලා, මෙච්චර කාලයක් ගිහිල්ලත් වැඩේ කරගන්න බැරි නිසා අපි අයින් කරනවා කියලා. බැරිනම් යන්න. ඔහොම තමයි කියන්නේ. තව හේතුවක් ඒගොල්ලෝ කියනවා ටෙන්ඩර් ප්‍රශ්න වගේ දේවල් නිසා කලින් කළා වගේ හොරකම් කරන්න ලෑස්ති වෙච්ච කට්ටියව යැව්වා කියලා. ඒ චෝදනා දෙකට සභාවේ සිනා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද පත්කළේ කවුද? පත්කළෙත් ඒගොල්ලොමනේ. කලින් කවුරු හරි පත්කරපු අය නෙවෙයිනේ. ඒගොල්ලොම පත්කරපු අය. හැබැයි ඇත්තටම ඒකද හේතුව?

ඒ වගේම විපක්ෂය පැත්තෙනුත් මේකට හේතු දක්වනවා. විපක්ෂය පැත්තෙන් කියන්නේ ඇමැතිලා බැණලා, ඇමැතිලාගේ ලොකුකම හින්දා වැඩකරන්න බෑ, ඇමැතිලා සභාපතිලට නිදහසේ වැඩකරන්න දෙන්නේ නෑ වගේ කතා. තව සමහරු කියනවා වෘත්තීය සමිතිවල බලපෑම නිසා වැඩකරන්න බැරුව ඉවත් වෙනවා කියලා. ඒ විපක්ෂයේ හේතු දැක්වීම.

ඇමැතිලා කවුද කියලා බැලුවොත් එහෙම ඒ ඇමැතිලා හොඳට බලන්න. ඒ ඇමැතිලා ඔක්කොම ගත්තම ජනතා විමුක්ති පෙරමුණේ ඇමැතිවරු. මාලිමාවේ හරිනිලාගේ අමාත්‍යාංශවල සභාපතිලා නෙවෙයිනේ මේ අයින් වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තෙන් මෙහෙයවන කණ්ඩායමේ එරංගලාගේ බිමල්ලගේ නලින්දලගේ සභාපතිලා තමයි මේ අයින් වෙන්නේ. ඊළඟට වෘත්තීය සමිති ගත්තම, වලි දානවා කියලා කියන්නෙත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිනේ. එහෙම නම් මේක පැලවත්තෙන් මෙහෙයවන ඔපරේෂන් එකක්ද? ඇයි මේ තමන්ම පත්කරපු සභාපතිවරු එළවන්නේ? මොකක්ද හේතුව?

මේක පොඩ්ඩක් තේරුම් ගනිමු මෙන්න මෙහෙම. අපි දන්නවා ඒගොල්ලන්ට මේ වැඩේ පටන් ගන්නකොට මුදල් අමාත්‍යාංශය කොහොමද කරන්නේ, අයි.එම්.එෆ්. එකත් එක්ක වැඩේ යන්නේ කොහොමද, අමාත්‍යාංශවල වැඩ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දෙගිඩියාවක් තිබුණා. කෙටි කාලයක් ඕනේ මේක ලෑස්ති කරගන්න. ඒ වගේම ඒගොල්ලන්ට මාලිමාවෙන් ගත්ත අයව එක පාරටම එළියට දාගන්න බෑ. එතකොට ඒගොල්ලෝ පෙන්නන්න ඕනේකම තිබුණා ජනාධිපතිවරණයේ ඉඳන් මහ මැතිවරණය දක්වා කාලෙදි බොහොම නියුට්‍රල් එකේ යන්න ඕනේකම තිබුණා මාලිමාව බැලන්ස් කරගෙන. මහ මැතිවරණයෙන් පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ අතට බලය ගන්න ඕනේ කියන සැලැස්ම තිබුණේ.

මේ ගොඩක් සභාපතිලා ගත්තම මේගොල්ලෝ පත්කළේ ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වෙච්ච කෙටි කැබිනට් මණ්ඩලයෙන්. ඒ පත්කරපු අය දැම්මේ මාලිමාව පොඩ්ඩක් බැලන්ස් කරගෙන. ඒගොල්ලන්ගේ යෝජනාත් සලකා බලමින්. එතකොට දැන් ඒ කතාව ඉවරයි. මාලිමාව හුරතල් යුගය ඉවරයි. දැන් ජනතා විමුක්ති පෙරමුණට තමයි මේකේ බලය ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. රාජ්‍ය බලය ගන්න එකේ ඊළඟ ස්ටෙප් එක. ඔවුන් කියලා තියෙනවනේ අපිට තාම රාජ්‍ය බලය ආවේ නෑ කියලා. ටිල්වින් සිල්වා මහත්තයා කිව්වනේ එහෙම. හඳුන්නෙත්තිත් කිව්වනේ. අන්න ඒ වැඩේ කරන්න. ඒ වැඩේ කරනකොට අයින් කරන්න ඕනේ අය අයින් කරනවා. උදාහරණයක් විදියට මෙහෙම තේරුම් ගන්න. මගේ ගෙදර මාළු ටැංකියක ඉන්නවා රෙඩ් ටේල් කැට් ෆිෂ් කෙනෙක්. මේකට කෑම දැම්මම උගේ ලොකු කටෙන් ඔක්කොම කාගෙන කාගෙන යනවා. එතකොට ඉස්සර අහුවෙන, ගල්, ගස්, කෑමත් එක්ක ඔක්කොම ගිලගෙන යනවා. එහෙම ගිලගෙන ගිලගෙන ගිහින් පැත්තකට වෙලා හෙමීට වමාරනවා. වමාරලා තමයි ගල් කැට අරවා මේවා හෙමීට එළියට දාගන්නේ. ඒ වගේ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙලාවේ තමන්ට ඕනේ ඔක්කොම උරාගෙන ගියා. දැන් ඒගොල්ලන්ව හලාගෙන යනවා. මේක ඉවත් කිරීමේ කාලපරිච්ඡේදය. අනවශ්‍ය කෑලි ගලවන කාලය. ඒක ඒගොල්ලන්ගේ ඔළුවේ වැඩකරන සයිකොලොජි එකක්. අනවශ්‍ය දේවල් එක්ක ගේම ගහන්න බෑ.

බහුජන බලයකට වඩා මේ බොල්ෂෙවික් පක්ෂයක් හැම තිස්සේම විශ්වාස කරන්නේ තමන්ට අවනත, ශක්තිමත්, සංවිධානාත්මක, තමන්ගේ වෙච්ච කණ්ඩායමක්. එතකොට අනවශ්‍ය කෑලි අයින් කරන්න ඕනේ. බස් එකක වුණත් අනවශ්‍ය කෑලි ගැලෙව්වාම ඒගොල්ලෝ හිතනවා බස් එක ක්ලීන්, සැහැල්ලුයි කියලා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් ක්ලීන් කරගෙන සැහැල්ලුවෙන් යන්නේ. මේ ක්ලීන් ශ්‍රී ලංකා එකේම පාර්ට් එකක්. හැබැයි මේ අයින් වෙලා ගියපු අය මොකක්ද කියන්නේ? අයින් වෙලා ගියපු අය කියන්නේ පෞද්ගලික හේතුවක්, වෙනත් වගකීමක් තිබුණා, මට වැඩ ගොඩක් තියෙද්දී ආවේ වගේ කතා. කලාතුරකින් කෙනෙක් තමයි ඉන්න බැරුව ගියා කියලා කියන්නේ. ඒකට හේතුව මොකක්ද? ඕනේ නම් කියන්න පුළුවන් බොල්ෂෙවික් නීතිය, කොමියුනිස්ට් නීතිය කියලා. කොමියුනිස්ට් නීතිය කියලා කියන්නේ තුවක්කුවෙන් බලහත්කාරයෙන් විතරක් නෙවෙයි ගොඩනගන්නේ. මේක ගොඩනගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි නින්දා. නින්දා කියලා කියන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා කට හෙල්ලුවෙ නැත්නම් මේගොල්ලෝ සයිලන්ට්. කට හෙල්ලුවොත් කියනවා ‘හොරකම් කරන්න ආවා, ටෙන්ඩර් එකට ඇඟිලි ගහන්න ආවා, වාහන නැතුව බෑ කිව්වා’ කියලා. එතකොට අර පුද්ගලයා මෙතෙක් කාලයක් තමන්ගේ ජීවිතේ ගොඩනගාගත්ත සියල්ලටම විශාල අපහාසයක් නින්දාවක් වෙනවා. ඒ නිසා එයා සයිලන්ට් වෙනවා. ඊළඟට හුදකලා කරනවා. ඒ කියන්නේ එයා ආවේ මොකක් හරි දේශපාලන කවයකින් නම්, අපි හිතමු නීතිඥ සංගමයකින්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයකින් ආපු කෙනෙක් කියලා. ඒකේ ඉන්න අය එයාව හුදකලා කරනවා. සමූහයෙන් ගැළවීමේ භීතිය නිර්මාණය කරනවා. අතීත උදාහරණ අරවා මේවා එක්ක පොඩ්ඩක් තර්ජනාත්මකවත් යනවා.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍ය ස්වභාවයක් තමයි ජවිපෙන් ගියපු අය හොඳින් ඉන්නවට ඒගොල්ලෝ කැමැති නෑ. හොඳින් ඉන්නවා කියන එකේ අදහස තමයි ඒගොල්ලෝ සල්ලි හම්බකරලා හරි, ඒගොල්ලෝ සැපට ඉන්නවා කියන එක නෙවෙයි. එහෙම ප්‍රශ්නයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ ආචාරධර්ම තියෙනවනේ. හොඳ මිනියෙක් මෙන්න මෙහෙමයි කියලා. දැන්නම් ඒවා ගොඩක් වෙනස් වෙලා. නමුත් ඉස්සර තිබුණා. හොඳ මිනිහෙක් මෙන්න මෙහෙමයි කියලා. බොන්නේ නෑ, ලිංගික කටයුතු නෑ, ටිකක් අමුතු සදාචාරයක් තිබුණනේ. අන්න ඒ ෆ්‍රේම් එකේ ඉන්නවට කැමැති නෑ. ජවිපෙන් කවුරු හරි අයින් වෙච්ච ගමන් ඒගොල්ලෝ චෝදනාවක් දානවා. මොකක්ද චෝදනාව? එක්කෝ මුදල් චෝදනාවක්. රෝහණ විජේවීරගේ කාලේ ඉඳන් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය කියවලා බලන්න. පක්ෂයෙන් ලියපු පොත්වල. පිට අයට මම මේ කියන්නේ. අනිත් අය නම් ඕවා දන්නවනේ. හැමෝටම තියෙන චෝදනා මොනවද? චෝදනා 3යි තියෙන්නේ. එකක් තමයි හොරකම් කළා, මුදල් චෝදනා. කාන්තා චෝදනා. එහෙම නැත්නම් බලය අල්ලන්න ගියා කියන චෝදනාව. ඔය චෝදනා තුනට දානවා. මෙයාට තියෙන්නේ එක්කෝ ගෑනු සම්බන්ධයෙන් චෝදනාවක්, නැත්නම් සල්ලි සම්බන්ධ චෝදනාවක්, නැත්නම් බලය සම්බන්ධයෙන් චෝදනාවක්. පසුකාලීනව මේ චෝදනාවලට එකතු වුණා ජීවිතේ හදාගන්න, රට යන්න.

කවුරු හරි කෙනෙක් ජවිපෙ සංවිධානයකින් ඇහුවොත් ‘අහවලා දැන් කෝ?’ කියලා, ඔවුන් කියන්නේ ‘අපෝ මිනිහා දැන් නන්නත්තාර වෙලානේ’, නැත්නම් ‘මිනිහා ආණ්ඩුවට ගියානේ’ ‘බැසිල් එක්ක ගියානේ’ කියලා. එහෙම නැත්නම් කියනවා ‘මිනිහා පවුලත් එක්ක රට ගිහිල්ලනේ…’ කියලා. එයාව මොකක් හරි කැටගරි එකකට දාලා ඉවර කරනවා.
ඒගොල්ලෝ කැමැති, සභාපතිවරු සද්දේ වහලා වෙච්ච පාඩුව විඳගෙන පාඩුවේ ඉන්නවට. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ සමාජ මාධ්‍ය බළඇණියේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වෙනවා. උදාහරණයක් විදියට, මේ වීඩියෝවට වැටෙන කමෙන්ට් බලන්න. ‘තෝ හොරා’ ‘අරූට කඩේ ගියා නේද?’ වගේ ප්‍රහාර එල්ල වෙනවා. මේ අපවාදය හැම මිනිහම විඳින්නේ නෑ. අපිට ඕක අදාළ නෑ. අපි ජීවත් වෙන විදිය, අපේ ඉතිහාසය, අපි කරන දේවල්, අපි විවෘතයි. අපේ පවුල්, නෑදෑයෝ හිතවතුන් අපි ගැන දන්නවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නෑ. අපි ගැන නොදන්න අය මොනවා කිව්වත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ජීවත් වෙන්නේ අපිත් එක්ක. අනෙකා මං ගැන මොනවා හිතයිද කියලා හිතමින් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි අපි. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිත් සමාජයේ මිනිස්සු එහෙම නෙවෙයි. ඒගොල්ලෝ හැම වෙලාවෙම තමන් වටේ ඉන්න සමාජ ප්‍රජාව තමන් ගැන හිතන්නේ මොනවද කියලා හිතනවා. එහෙම හිතන හින්දා නින්දා අපහාසවලට ලක්වෙන්න බෑ. මේ භීතිය නිසා ඒගොල්ලෝ නිහඬ වෙනවා. මේ භීතිය සමාජයට ක්‍රමානුකූලව ගේනවා. සමාජය නිහඬ කරන්නේ ඒකෙන්. ඒක වමේ බොල්ෂෙවික් පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ උපයෝගී කරන හෙජමොනික උපක්‍රමයක්.

මේකේ ඊළඟ කොටස තමයි, මේගොල්ලෝ දැන් පත්කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අමාත්‍යාංශවලට අධීක්ෂණ කමිටු. හතර පස් දෙනෙක් ඉන්න කමිටු. මට ආරංචි වුණා එක්තරා ආයතනයක උදේ හත අට වෙද්දී මේ කමිටුව. කමිටුව හරහා තමයි සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඇමැති කමිටුව එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙහෙම කමිටුවක් දාපු ගමන් ඇමැතිවරයට කේන්ති යනවනේ. හැම ලියවිල්ලක්ම කමිටුවට පෙන්න පෙන්න කරන එක හරිම අපහසුයිනේ. හරි නම් ඊළඟට වෙන්න ඕනේ දේ තමයි සභාපතිලා වෙනුවට ඇමැතිවරු තමන්ගේ තනතුර දාලා යන්න ඕනේ. මාලිමාවට අයින් කරන්න ඕනේ ඇමැති කෙනෙක් ඉන්නවා නම් අයින් කරනවා. නමුත් දාලා යන්නේ නෑ. හොඳට බලන්න, ඔය ඇමැතිලා පූසෝ වගේ ඕකට යටත් වෙනවා. ඒකයි මම කියන්නේ, සභාපතිලා දාලා ගියේ බලපෑමට නෙවෙයි කියලා. ඒ බලපෑමට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ යටත් වෙනවා.

තරුණ සේවා සභාවේ සභාපතිව එළෙව්වේ අන්තිම කාලේ ඇමැති එරංග ගිහිල්ලා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, ස්ටාෆ් එක කැඳවලා එයා සාකච්ඡා කරමින් යනවා සභාපතිට කියන්නේ නැතුව. ටික දවසක් යද්දී සභාපතිට තේරුණා මට මේ යන්න කියලා තමයි කියන්නේ කියලා. ගොඩක් තැන්වල එහෙමයි. සමහර තැන්වල අයට කතාකරලා යන්න කියලා තියෙනවා, සමහර අයගේ ඊගෝ එක දිහා බලලා මූට බැන්නොත්ද යන්නේ, කිව්වොත්ද යන්නේ, අපහාස කළොත්ද යන්නේ කියලා බලලා ඒ උපක්‍රමය තෝරනවා. තෝරලා අනවශ්‍ය කට්ටිය අයින් කරලා, බොල්ෂෙවික් කමිටු අමාත්‍යාංශවලට දාලා ක්‍රමානුකූලව මේ ස්ට්‍රක්චර් එක හදාගනිමින් ඉන්නේ. මේකෙන් අපිට විපක්ෂයට පණිවුඩයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ සාම්ප්‍රදායික විදියට හිතලා නම් සටන් කරන්න යන්නේ, ඕගොල්ලෝ විශාල අමාරුවක වැටෙනවා. මේ ඇවිල්ලා තියෙන්නේ බලය අතහැරලා යන අය නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ අතින් තැන් තැන්වලදී කියැවෙනවා. ඒගොල්ලෝ ඒකට සූදානම් වෙනවා. සංවිධාන වෙනවා. බලය කියන්නේ එහෙම දෙයක් තමයි. බලය කියන්නේ කවුරුවත් අතහරින්න ගන්න එකක් නෙවෙයි. බලය ගන්නේ පවත්වාගෙන යන්න. ඒගොල්ලො තමන්ට කැමැති අකෘතියක් ඒකට තෝරගන්නවා. අනිත් අයත් ලෑස්ති වෙන්න ඕනේ ඒ ආකෘතියත් එක්ක සෙල්ලම් කරන්න. රාජපක්ෂලට මේගොල්ලෝ ගහලා කුඩුපට්ටම් කරලා දානවනේ. එතකොට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස කියන දෙන්නනේ ඉතුරු වෙන්නේ. දැන් ඒ දෙන්නා සන්ධානගතවීම්, සාකච්ඡා එහෙමත් යනවනේ. මම මේ දෙන්නගේ ස්වභාවයන් දන්නවා. ඒ ස්වභාවයන් පිළිබඳ යම්කිසි අදහසක් කියන්න ඕනේ. පළමු කාරණාව තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ චෙස් ප්ලේයර් කෙනෙක්. පවර් පොලිටික්ස් ප්ලේයර් කෙනෙක්. ඒ නිසා රනිල් සාමාන්‍යයෙන් වෙලාව ගන්නවා. අවස්ථාව එනකල්ම ඉන්නවා. ඒක තමයි මෙතෙක් කල් ඔහු කළේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ දේශපාලනය කරන අයත් එක්ක පවර් පොලිටික්ස්වලදී ඒ ප්ලේ කරපු ගේම් එක ප්ලේ කරන්න බෑ වික්‍රමසිංහ මහත්තයා. මේකේ ඔයා කාලය ගන්නකොට, ඔයා හිතනවා සතුරාගේ වරදක් එනතුරු, හරිම වෙලාව එනතුරු ඉන්න ඕනේ කියලා. හැබැයි සතුරා ඔයා නොදන්නා තලයක, ඔයාට නොතේරෙන තලයක සංවිධාන වෙනවා.

ඒ වගේම අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දේවල් හිතන කෙනෙක්. තමන්ගේ සාමාජිකයට මොකද වෙන්නේ, පක්ෂයට මොකද වෙන්නේ කියලා හිතනවා. තමන්ගේ පක්ෂයටයි, සාමාජිකයටයි හොඳම ආකෘතියට බලය ගන්නේ කොහොමද, මෙහෙම ගත්තොත් තව අයත් එක්ක බලය බෙදාගන්න වෙයිද වගේ ගොඩක් දේවල් එතුමා හිතනවා. ඒවා වැරැදි දේවල් නෙවෙයි. දේශපාලන නායකයන් එහෙම හිතන්න ඕනේ. නමුත් මේක විශේෂ තත්ත්වයක්. මේ විශේෂ තත්ත්වය යටතේ විශේෂ ආකෘතියකින් හිතන්න ඕනේ. මොකද, මේ මාලිමාව පෙන්වන ආධුනිකකම, ඒගොල්ලෝ ඉතා ඉක්මනින් අවසන් කරනවා. ඊට පස්සේ ඉන්නේ වෙන විදියක ආණ්ඩුවක්. මාලිමාවේ කට්ටිය මේකට සතුටු වෙන්න එපා, දැන් එහෙනම් හරි, තව මාස කීපයකින් අනුර රට හදයි කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. රටේ ආර්ථිකයට මොනවත් වෙන්නේ නෑ. කෙළවෙනවා. කෙළවෙනකොටත් කඩාගෙන වැටෙන එක බේරගැනීම සඳහා සංවිධාන වීම තමයි මේ සිද්ධ වෙන්නේ.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

‘මොන වඳුරෙක්ද මහත්තයෝ..? වඳුරා පැන්නා නම් කොහේ හරි ඉන්න එපැයි…! විශාල සද්දයක් ආවා..! දුමක් නැග්ගා..! කරන්ට් නැතිවුණා!’ පොල්වල රිලා කතාව වගේ ඇමැතිතුමාගේ වඳුරු කතාවත් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.