• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක රැයට එක පොතක් ලිව්වා! ලියපු පොත් ගණන 1800ක්! අදටත් එක පොතක්වත් නෑ! රේස්කොලේ කියවපු අයට පොත් කියවීම හුරු කළ රහස් පරීක්ෂක ලේඛකයා! Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
එක රැයට එක පොතක් ලිව්වා! ලියපු පොත් ගණන 1800ක්! අදටත් එක පොතක්වත් නෑ! රේස්කොලේ කියවපු අයට පොත් කියවීම හුරු කළ රහස් පරීක්ෂක ලේඛකයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔහු ලියූ සම්පූර්ණ පොත් ප්‍රමාණය එක්දහස් අටසියයකි. පොතක් සම්පූර්ණයෙන්ම ලියා අවසන් කිරීමට ඔහුට ගතවන්නේ එක් රැයක් පමණි. රැයකින් ලියා නිමකරන පොතක් එළිදුටු විට එය මිලදී ගන්නා පාඨකයා පැය කිහිපයක් තුළදී එය කියවා හමාර කරන්නේ පිපාසිතයකු එක හුස්මට දිය බඳුනක් හිස් කරන්නාක් මෙනි. Sri Lanka Latest News

මේ ලේඛකයා 1960 දශකයේ සිරි ලක පුරා සුළි සුළඟක් සේ හමාගිය උන්මාදනීය මාරක කතා රැල්ලේ සක්විතිය. ඔහු නමින් ඩීමන් ආනන්ද වේ.

මළවුන්ගේ ලෝකයේ අද්භූත තොරතුරු එක්කොට, භීතිය, ත්‍රාසය එකට මුසුකොට දස වසරක් මුළුල්ලේ ලොමුදැහැ ගැන්වෙන මාරක කතා පාඨකයන්ට තිළිණ කළ ඔහුට කිසි දිනක කිසි⁣වකු උපහාර පිදුවේ නැත. උපහාර වෙනුවට විචාරකයන්ගෙන් ඔහු වෙත එල්ල වූ වේගවත් ප්‍රහාරවලට ඔහු කිසිදා ප්‍රතිප්‍රහාර එල්ල නොකළ නමුත්, පාඨක ප්‍රතිචාර ඔහුට ඉහළින්ම ලැබිණි. ඒ බව සනාථ වූයේ ඔහු ලියූ සෑම පොතක්ම උණු කැවුම්වලටත් වඩා වේගයෙන් අලෙවි වීමෙනි.

70 දශකයේ මුල් භාගය වනවිට ඔහුගේ පොතක් නොකියවූ තරුණයකු නැති තරම් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ඔහු පොත් ලිව්වේ, විචාරය කරගන්නවත්, පාසල් පොත් විදිහට අනුමත කරගන්නවත් නොව පාඨකයාට කෙ⁣ටි කාලයක් තුළ එනම් බසයක දුම්රියක යන ගමන් කියවා හුදු විනෝදයක් ලබාගැනීම පිණිස පමණය.

සම්භාව්‍ය සාහිත්‍ය කෘති අගය කළ, එසේම ඒ අවධියේ රටේ ඉහළ තැන්වල සිටි බුද්ධිමත් පිරිස් අතරින් වැඩි දෙනෙක් ඔහු ලියූ පොත් කියවූ බවද නොරහසකි. ඒ බව ඩීමන් ආනන්ද 1978 දී සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ පවසා තිබිණි.

‘රේස් කොළේ කියවමින් සිටි වැඩකරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි. අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා….’

කවුරුන් කුමන විවේචන සිදු කළත් ඔහුගේ ලේඛන තුළින් සමාජයට විෂබීජ ඇතුළු කිරීමවත්, තරුණ සිත් දූෂණය කිරීමවත් සිදු නොවුණි. ඔහු තමාටම ආවේණික චරිත නිර්මාණය කළා. ඔහුගේ රහස් පරීක්‍ෂකයා වූයේ ඩිකී වීරකෝන්. ඔහුගේ රහස් ඔත්තු නියෝජිත ජේම්ස් බණ්ඩා බැලූ බැල්මට ජාත්‍යන්තරව ප‍්‍රකට ජේම්ස් බොන්ඩ්ට සමාන වුවත් බණ්ඩා බටහිර (විශේෂයෙන් CIA) සැලසුම්වලට එරෙහිව කි‍්‍රයා කරමින් දේශීයත්වය මතු කරන්නෙක් වුණා.

වාමාංශික නැඹුරුවක් තිබූ ඩීමන් ආනන්ද 1960 දශකයේ ජන මනසේ ප‍්‍රකටව තිබූ CIA කුමන්ත‍්‍රණ තම කතාවලට ඈඳාගත්තා.

ත‍්‍රාසජනක කතා පුවත් සොයමින් කොළඹ නගරයේ සැරිසැරූ ඩීමන් ආනන්ද බටහිර හා හින්දි චිත‍්‍රපටවලට අමතරව අලුත්කඩේ උසාවියේ නඩු අසනු බලා සිටීමෙන් ද ප‍්‍රබෝධක ආවේගයන් ලද බව කියැවෙනවා.

කොල්වින් ආර්. ද සිල්වා, ජී.ජී. පොන්නම්බලම් වැනි දක්‍ෂ අපරාධ නීතිඥයන් සම්බන්ධිත නඩුවලට ඔහු විශේෂ අවධානය යොමුකළ බව ඔහුව හොඳින් දන්නා හඳුනන ඔහුගේ සමීපතමයන් පවසා තිබෙනවා.

රහස් පරීක්‍ෂක කතා සාහිත්‍යයක් සිංහලෙන් නොතිබූ යුගයක ඒ අඩුව යම් තරමකට හෝ පියවුණේ ඩීමන් ආනන්ද අතිනි. රහස් පරීක්‍ෂක කතා යනු විශ්ව සාහිත්‍යයේ ප‍්‍රබල සාහිත්‍යාංගයකි. ඉංගී‍්‍රසී, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා හින්දි වැනි භාෂාවල එහි හොඳ සම්ප‍්‍රදායන් තිබේ. ශ්‍රී ලංකාවේ මුල් යුගයේ ලේඛකයන් වූ පියදාස සිරිසේන හා ඩබ්ලියු.ඒ. සිල්වා වැනි අය ද රහස් පරීක්‍ෂක කතා රචනා කළ අය වෙති. ඒ අයට සමකළ නොහැකි වුවත් ජනප‍්‍රිය සංස්කෘතියට මේ සංකල්ප රැගෙන ආ ලේඛකයා ඩීමන් ආනන්දය.
රහස් පරීක්‍ෂක කතාවලින් ජන මනස දූෂණය කරන බවට සුචරිතවාදීන් දුන් විලාප කිසිවකින් ඩීමන් ආනන්ද සැලුණේ නැත. ඔහු විශ්වාස කළේ, නීති තර්ක, සියුම් ගවේෂණ හා තීක්‍ෂණ බුද්ධිය ආදිය මත පදනම් වූ මේ කතා නිසා පාඨක මනස පුළුල්වන බවය.

ඩීමන් ආනන්දගේ පොත් ගැන මවුපියන්, ගුරුවරුන් හා සම්භාව්‍ය යයි සැලකෙන සාහිත්‍යයට සම්බන්ධ උදවිය බැලුවේ අවඥාවෙනි. ඒ අවධියේදී බොහෝ පාසල්වල මේ පොත් ගෙන ඒම තහනම් කොට තිබිණි. සිසු සිසුවියන් ඒවා කියවූයේ සඟවා ගෙනය. වෙනෙකක් තබා ඩීමන් ආනන්ද ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විදුහලේ ද ඔහුගේ පොත් කියවීම සහ ළඟ තබාගැනීමේ තහනම තදින්ම ක්‍රියාත්මක වී තිබිණි.

මුල් යුගයේ සිනමා සඟරාවකට සම්බන්ධ වූ ඩීමන් ආනන්ද පසු කලෙක සිංහල සිනමා කර්මාන්තයට ද දායක වූ අයෙකි. තිර රචකයෙක් හැටියට ‘මේ දෑස කුමකටද?’, ‘යළි ඉපදේ’, ‘සූරයා සූරයාමයි’ හා ‘දාමරිකයෝ’ යන චිත‍්‍රපට ඔහු අතින් රචනා විය.

ඩීමන් ආනන්ද චිත‍්‍රකතා ක්‍ෂේත‍්‍රයටත් දායක වූ බව එතරම් ප‍්‍රකට කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ එළිදුටු මුල්ම චිත‍්‍රකතා පොත වූයේ සුසිල් පේ‍්‍රමරත්න නිර්මාණය කළ ‘රන් දූපත’යි. එයින් පසු දෙවැනි පොත වූයේ ‘තිසා’ නම් චිත‍්‍රකතාවයි. 1960 දශකයේ පළවූ එහි කතාව ඩීමන් ආනන්දගේය. චිත‍්‍ර දයා කරුණාරත්නගේය. ඒ අවධියේ මෙයින් පිටපත් 55,000ක් ඉක්මවා අලෙවි වූ බව ඩීමන් ආනන්ද පවසා තිබේ

ඩීමන් ආනන්ද ලියූ පොත් එක්දහස් අටසීයෙන් එක පිටපතක්වත් 1990 වන විට ඔහු ළඟ නොමැති බව ඔහු වරක් ප්‍රකාශ කර තිබිණි. ලංකාවේ ප්‍රකාශනය කරන සෑම පොතකම පිටපතක් අනිවාර්යයෙන්ම රාජ්‍ය ලේඛනාගාරයේ සතුව පවතී. එහෙත් ඩීමන් ආනන්ද ලියූ පොත්වලින් එක පිටපතක්වත් රාජ්‍ය ලේඛනාගාරයේද නැති බව ඒ අවධියේදීම ඩීමන් ආනන්දම ප්‍රකාශ කොට තිබිණි.

එවකට නුවරඑළියේ පැවැති රාජ්‍ය ලේඛනාගාරය කොළඹ අලුත් ගොඩනැගිල්ලට මාරුකරන විට, එහි තිබූ ඩීමන් ආනන්දගේ පොත් සියල්ල පොත් පැටවූ කම්කරුවන් සොරකම් කොට තිබේ. පරම්පරා ගණනාවක් ආරක්ෂා කළ යුතුව තිබූ මෙම පොත් එසේ සොරකම් කොට ඇත්තේ මොකටවත් නොව කියවීමට බව ඩීමන් ආනන්ද පසු කලෙක ප්‍රකාශ කොට තිබිණි.

1933 මාර්තු 30 වැනිදා මාතර බණ්ඩාරවත්තේදී උපන් ඩීමන් ආනන්ද නම් වූ මෙම කලාකරුවා 2007 අප්‍රෙල් 15 වැනිදා අප අතරින් සදහටම සමුගත්තේය.
ඩීමන් ආනන්ද නම් වූ කලාකරුවාගේ කලා ජීවිතය පිළිබඳ ලියන්නට තව බොහෝ දේ ඇතත් මෙය ඊට ⁣අවස්ථාව නොවේ. මේ ඔහු පිළිබඳ කෙටි සටහනක් පමණි.

සුනිල් ගාමිණී ජයලත්ගේ

SendShareShare
Previous Post

ගාල්ලෙදි ලංකාව ඔස්ට්‍රේලියාවෙන් ලොවෙත් නැතිවෙන්න කෑවා!  I Sri Lanka Latest News

Next Post

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.