• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දාගේ කාලේ නැව් 4ක් පුරවලා ලංකාවෙන් පුස්කොළ පොත් අරන් ගියා! AI තාක්ෂණයෙන් සියල්ල කියවන්න ලෑස්ති වෙයි! අවුරුදු 2500ක් පැරැණි හෙළ රහස් සුද්දො හෙළිකර ගන්නයි යන්නේ! Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සුද්දාගේ කාලේ නැව් 4ක් පුරවලා ලංකාවෙන් පුස්කොළ පොත් අරන් ගියා! AI තාක්ෂණයෙන් සියල්ල කියවන්න ලෑස්ති වෙයි! අවුරුදු 2500ක් පැරැණි හෙළ රහස් සුද්දො හෙළිකර ගන්නයි යන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුද්දගේ කාලේ ලංකාවෙන් නැව් හතරක් පුරවලා පුස්කොළ පොත් අරගෙන ගියා කියලා වාර්තාවක් තියෙනවා. ඒත් ඒවා ලේසියකට කෙනෙක්ට කියවන්න බෑ. ඒ නිසා ඒ පුස්කොළ පොත් කියවලා ඒවායේ තියෙන රහස් හොයාගන්න කෘත්‍රිම බුද්ධියකට දෙන්න යනවා කියලා www.nature.comවෙබ් අඩවියේ පසුගියදා ලිපියක් පළවෙලා තිබුණා. කොහොම හරි මෙතැනදී ලංකාවෙන් අරගෙන ගිය පුස්කොළ පොත් කියලා විශේෂයක් නෑ. ලෝකයේ තියෙන ගොඩක් පෞරාණික පොත්පත් මේ කෘත්‍රිම බුද්ධිය හරහා කියවලා ඒවායේ තියෙන රහස් හොයන්න යනවා කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ, චීනයේ, කොරියාවේ වගේ හැම රටකම තියෙන පරණ පොත්පත්. මේ නිසා හෙළ තාක්ෂණය බටහිර ජාතීන්ට හිමිවීමේ අවදානමකුත් තියෙනවා. ශ්‍රී ලංකාවෙන් අරගෙන ගිය පුස්කොළ පොත් ඇතුළු පුරාණ පොත් රාශියක් මේ වනවිට විදෙස් රටවල් සතුව තියෙනවා. ඒත් මොන ජගතෙක්ට වුණත් මේ පොත් කියවන්න අමාරුයි. විශේෂයෙන්ම ලංකාවෙන් අරගෙන ගිය වෙද පොත්. වෙද පොත් ලියන රටාවක් තියෙනවා. ඒ වගේම වෙද පොත් ලියන ක්‍රමවේදයක් තියෙනවා. අපි සරල සිංහලෙන් මේකට ගැටපද කියලා කියනවා. මේ ගැටපද ගැන දන්න කෙනෙක්ට තමයි අපේ පුස්කොළ පොත් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් පැරැණි සිංහලයන් අපේක්ෂා කළේ පැරැණි දැනුම ආරක්ෂා කරගන්න එක. සමහර විට එක වචනයකට තේරුම් ගණනාවක් තියෙන නිසාම එක ඡේදයකින් වුණත් අපිට එකිනෙකට වෙනස් ඡේද මිලියන ගණනක් ගන්න පුළුවන්. සරලවම කියනවා සංස්කරණ සහ සංයෝජන උසස් පෙළ ගණිතය විෂය ධාරාවට ඇතුළත් වෙනවා. Sri Lanka Latest News

මීට අමතරව සමහර තැන්වලදී කාලයක් තිස්සේ මේවා අතින් පිටපත් කරන නිසාම පිටපත් කිරීම්වලදී යම්කිසි වැරැදි සිද්ධ වෙලා තියෙනවා. දකුණු ඉන්දීය ආභාෂය ඇතුව සිංහල භාෂාවෙන් ලියැවුණු බොහෝ වැදගත් දේවල් මේ පොතේ තියෙනවා. මීට අමතරව විශේෂයෙන්ම පශු වෙදකම, කෘෂිකර්මයට අදාළ වන යම් යම් වෛද්‍ය ක්‍රම, විදුම් පිලිස්සුම් වෙදකම, වෙදකමට ජ්‍යොතිෂය යොදාගන්නා ආකාරය, ශාන්තිකර්ම, වට්ටෝරු වගේ දේවල් ගැන විශාල පොත් ගොඩක් විදෙස් රටවලත් තියෙන බව වාර්තා වෙනවා.
ලංකාවේ තියෙන පුස්කොළ පොත්වලට අමතරව යටත් විජිත සමයේදී ලංකාවෙන් බැහැරට ගෙනගිය පුස්කොළ පොත් ලෝකයේ විවිධ රටවල කෞතුකාගාරවල පුස්තකාලවල තියෙනවා. වෙද පොත්, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර පොත් ඒ අතර තියෙනවා. කොහොම හරි කලින් කිව්වා වගේම සාමාන්‍ය මිනිස්සු බුද්ධියකට මේ පොත් කියවලා තේරුම් ගන්න බැහැ. 2023 ඔක්තෝබර් මාසෙදී ෆෙඩරිකා නිකොලාර්දි නමැති පර්යේෂිකාවගේ දුරකතනයට එක රූපයක් ලැබුණා. ඒ රූපය ඇගේ පර්යේෂණ ජීවිතයම වෙනස් කරන්න සමත් වුණා. ඒකට හේතුව මොකක්ද කියලා දන්නවද? ක්‍රි.ව. 97දී විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් පිලිස්සුණු පැපිරස් පත්‍රිකාවක කොටසක් තමයි ඒ රූපයෙන් පෙන්නුම් කළේ. මේ දැවුණු පත්‍රිකාව ඉතාලියේ පොම්පෙයි නගරය අසල හර්කියුලේනියම්හි තිබුණු සුඛෝපභෝගී රෝම විලාවක 18 වැනි සියවසේදී සොයාගත් සිය ගණනක් පත්‍රිකා අතරින් එකක්. ශතවර්ෂ ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් මේ පත්‍රිකා කියවන්න උත්සාහ කළත් එය සාර්ථක වුණේ නෑ. නිකොලාර්දි ඉතාලියේ නේපල්ස් විශ්වවිද්‍යාලයේ පැපිරස් අධ්‍යයන විශේෂඥවරියක්. කියවිය නොහැකි දේ කියවීමටත්, කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමේ වැදගත් ව්‍යාපෘතියකටත් ඇය සම්බන්ධ වුණා. ඇය මේ වෙනකොට ඒ අරමුණ ජයග්‍රහණය කරලා තියෙනවා.

‘දැන් මම මගේ ක්ෂේත්‍රයේ ඓතිහාසික මොහොතක් අත්විඳිනවා’ කියලා අවුරුදු 2000ක් තිස්සේ සම්පූර්ණයෙන්ම ප්‍රවේශ විය නොහැකිව තිබුණු පාඨයක සම්පූර්ණ පේළි මේ වෙනකොට ඇය කියවනවා දියුණු කෘත්‍රිම බුද්ධියක් ආශ්‍රයෙන්. ‘විසුවියස් අභියෝගය’ නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය බැංකුකරණයේ සිට වෛද්‍ය පරීක්ෂණ දක්වා නූතන ජීවිතයේ සියලු අංශ විප්ලවීයකරණය කරමින් සිටින දියුණු කෘත්‍රිම බුද්ධිය පුරාතන ලෝකය දෙස අප බලන ආකාරය වෙනස් කිරීමට සූදානම් වන බව එක උදාහරණයක් විතරයි. නියුරල් නෙට්වර්ක් තාක්ෂණය පුරාතන පෙළ විශිෂ්ට ලෙස විසඳීමට භාවිත කරනවා. මිනිසුන්ට කියවීමට නොහැකි තරම් විශාල ලේඛනාගාර තේරුම් ගනිමින් අතුරුදන් වුණු සහ කියවිය නොහැකි අක්ෂර පුරවමින් ඉතා සුළු සාක්ෂි පමණක් ඉතිරිව තිබෙන දුර්ලභ සහ අතුරුදන් වුණු භාෂා විසඳීමටත් මේවා උපකාරී කරගන්නවා. මෙමගින් විද්වතුන්ට ශතවර්ෂ ගණනාවකට වඩා දත්ත ලබාදෙනවා. නමුත් එපමණක් නෙවෙයි. කෘත්‍රිම බුද්ධි මෙවලම්වලට කිසිම පුද්ගලයෙක්ට දැනගත නොහැකි තරම් භාෂා හඳුනාගෙන ගබඩා කරගන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යාන රටාත් ඔවුන්ටම හඳුනාගන්න පුළුවන්. මේ තාක්ෂණය පුරාතන මූලාශ්‍ර ගවේෂණය කිරීමට මුළුමනින්ම නව ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා.

නිකොලාර්දි පවසන විදියට නම් අපි පිළිතුරු සොයන ප්‍රශ්න පමණක් නොවෙයි, අපිට අසන්න පුළුවන් ප්‍රශ්නත් වෙනස් කරනු ඇති. කොහොම නමුත් පරිගණක භාවිත කළ ඩිජිටල් පාඨ විශ්ලේෂණය කරන එක දශක ගණනාවක් තිස්සේ සිදුවෙනවා. ඒ වුණාට දැන් මේ ගැන මේ තරම් උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවද? ඒකට හේතුව තමයි නියුරල් නෙට්වර්ක්. මේවා එකිනෙකට සම්බන්ධ වුණු නෝට්ස්වල ස්ථර කීපයකින් සමන්විත ජාලයක්. විශේෂයෙන්ම ඩීප් නියුරල් නෙට්වර්ක්වලට අභ්‍යන්තර ස්ථර කීපයක් තියෙනවා. 2010 මුල් කාලෙදී පැරැණි ලේඛන සඳහා ඩීප් ලර්නින් යොදවලා පැපිරස් හෝ තල් පත්‍රවල ඡායාරූප පාවිච්චි කරලා කියවලා තියෙනවා. මේ සඳහා කොන්වර්ෂන් නියුරල් නෙට්වර්ක් හෙවත් සී.එන්.එන්. වගේම රීකරන් නියුරල් නෙට්වර්ක් හෙවත් ආර්.එන්.එන්. තාක්ෂණයන් භාවිත කරලා තියෙනවා. මෙමගින් දැනටමත් පිටපත් කර තිබෙන පාඨ සෙවීමට පරිවර්තනය කිරීමට සහ හිඩැස් පිරවීමට විශාල හැකියාවක් තියෙනවා.

උදාහරණයක් විදියට පැරැණි බැබිලෝනියාවේ පරිපාලන සහ නීති පාඨ සිය ගණනක අඩු අකුරු යෝජනා කිරීමට මේවා පාවිච්චි කරලා තියෙනවා. ඒ අනුව මේ වනවිට මානව විශේෂඥයන්ට නොහැකි සම්බන්ධතා සොයාගැනීමට නියුරල් නෙට්වර්ක්වලට හැකියාව ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඒ.අයි.වල විභවය පෙන්වපු පළමු විශාල ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ 2017 අවුරුද්දේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ.

පැරැණි ලේඛන කියවන්න හුඟක් අමාරුයි. හොඳට සුරක්ෂිත වෙලා නෑ. ඒ නිසා කොටස් නැතිවෙලා තියෙනවා. ඒවා කොහෙන්ද ආවේ? දින වකවානු මොනවද කියලා අපිට හරියටම විශ්වාස නෑ. විවිධ භාෂා විලාස මිශ්‍ර වෙලා තියෙනවා. ඒ වුණාට කෘත්‍රිම බුද්ධිය මේ අරමුණු ජයග්‍රහණය කරලා තියෙනවා. පසුව පර්යේෂකයන් පයිතියා කියලා කෘත්‍රිම බුද්ධියක් මේ සඳහා පුහුණු කරලා තියෙනවා. ඔවුන් ක්‍රි.පූ, 7 වැනි සියවසේ ඉඳලා ක්‍රි.ව. 5 වැනි සියවස දක්වා ලියැවුණු ග්‍රීක ලිපි දහස් ගානක් මේ සඳහා යොදාගත්තා. ඊට පස්සේ මේ මොඩලයට කලින් නොදැකපු පාඨ පෙන්වලා අතුරුදන් වෙච්ච වචන හෝ අකුරු යෝජනා කරන්න කිව්වා. ඒ ව්‍යාපෘතිය ඉතා සාර්ථක වුණා.

2022දී ඔවුන් ඉතකා කියලා තවත් කෘත්‍රිම බුද්ධියක් හදලා තියෙනවා. මේකට පුළුවන් නොදන්න පාඨකයක කාලය සහ මූලාශ්‍රය ගැනත් යෝජනා කරන්න. මේ වතාවේදී පර්යේෂකයන් ට්‍රාන්ස්ෆෝමර් මොඩ්ල් කියන ඒ.අයි. තාක්ෂණයේ විශේෂ වර්ධනයක් පාවිච්චි කළා. මේක වඩා සංකීර්ණ භාෂා රටා හඳුනාගන්න පුළුවන් තාක්ෂණයක්. දැනටමත් මේ තාක්ෂණය දකුණු කොරියානු පර්යේෂකයන් භාවිත කරනවා. ඔවුන්ට තියෙනවා ලෝකයේ විශාලතම ඓතිහාසික ලේඛනාගාරවලින් එකක්. 14 වැනි සියවසේ ඉඳලා 20 වැනි සියවසේ මුල දක්වා කොරියානු රජවරු 27 දෙනකුගේ කාලයේ ලියැවුණු දෛනික වාර්තා මේ අතර තියෙනවා. මේ වගේ ලිපි ලක්ෂ ගණනක් තියෙනවා. මේ දත්ත ප්‍රමාණය ඉතා විශාලයි. සාමාන්‍යයෙන් නූතන භාෂා එක්ක වැඩකරන ජෝ මහතා මේ ලේඛනාගාරය ගැන උනන්දු වුණේ කොරියානු සාහිත්‍යයේ විශ්‍රාමික මහාචාර්යවරයකු වන ඔහුගේ පියා සමග මේ ගැන කතා කරලා. මේ වාර්තා සම්පූර්ණයි. ඒ වගේම මූලාශ්‍රත් දන්නවා. හැබැයි කවුරුවත් ඒ වගේ ඒවා කියවන්න දන්නේ නෑ. ඒවා ලියලා තියෙන්නේ ‘හංජා’ කියන පැරැණි ලිපි ක්‍රමයක් භාවිත කරලා. මේවාට චීන අක්ෂර තමයි පාදක කරගෙන තියෙන්නේ. නමුත් නූතන චීන හෝ කොරියානු භාෂාවලට වඩා ඉතා වෙනස්. රජයේ පරිවර්තකයන් කුඩා කණ්ඩායමක් මේවා නූතන කොරියානු භාෂාවට අතින් පරිවර්තනය කරනවා. හැබැයි ඒකට දශක ගණනාවක් ගතවෙනවා.
දැන් මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? සෝල් නුවර සන්කෙන්මාන් විශ්වවිද්‍යාලයේ ජින්යොන්බැක් ඇතුළු සගයන් එක්ක එකතු වෙලා ජෝ මහතා ට්‍රාන්ස්ෆෝමර් පදනම් කරගත්ත නෙට්වර්ක් එකක් පුහුණු කළා මේවා ස්වයංක්‍රීයව පරිවර්තනය කරන්න. ඒ වගේම තමයි පැරැණි භාෂාවලින් ඉතිරි වෙලා තියෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි නම් පර්යේෂකයන් නියුරල් නෙට්වර්ක්ස් පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට ග්‍රීසියේ පැට්‍රස් විශ්විද්‍යාලයේ කැතරිනා සහ එයාගේ සගයෝ කෘත්‍රිම බුද්ධියක් පාවිච්චි කළා ක්‍රි.පූ. දෙවැනි සහශ්‍රයකට අදාළ ටැබ්ලට් 1100ක තියෙන නැතිවෙච්ච පාඨ ප්‍රතිස්ථාපනය කරන්න.

ඉතින් මේ නවීන කෘත්‍රිම බුද්ධියත් එක්ක අපේ හෙළ ඉතිහාසයේ සැඟව ගිය වෛද්‍ය ක්‍රම ඇතුළුත් බොහෝ රහස් ලේඛන නුදුරේදීම ලෝකයට නිරාවරණය වෙන්න තියෙන ඉඩකඩ නම් ඉතා වැඩියි කියලා කියන්න පුළුවන්.

Watapita යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මුල්ම වාහන තොගය මේ මස අන්තිමේදී ලංකාවට එනවා! ඇල්ටෝ එක ලක්ෂ 75යි! ඇක්වා එක ලක්ෂ 135යි! වෙසල් එක ලක්ෂ 200යි! වැගන් ආර් එක ලක්ෂ 90යි! ලීෆ් එක ලක්ෂ 200යි! ගන්න සල්ලි ලෑස්ති කරගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සමාජවාදය – ධනවාදය ඉවරද? පඩත්තලවාදය සහ මුසාවාදය! Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.