ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුශීය මෙහෙයුම මගින් දෙවැනි වරටත් සංවිධාන කරන ‘වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප්’ ආරාධිත විස්සයි විස්ස තරගය හෙට (8 වැනිදා) පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ සමග තිලකරත්න දිල්ශාන් සහ උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක් වීමට නියමිතය.Sri Lanka Latest News
මිත්‍රත්ව තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කර්ණාටක ප්‍රාන්තයේ සත්‍ය සායි ග්‍රාමහි සායි ක්‍රිශ්ණන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උදෑසන 9ට ඇරැඹීමට නියමිත අතර දෙරටෙහි ප්‍රවීණ සහ නම්දැරූ ක්‍රීඩකයින් මෙයට සහභාගී වීමට නියමිතව ඇත. මෙම තරගය පැවැත්වීමෙන් ලැබෙන සියලු ආධාර මුදල් ශ්‍රී මධුසුධන් සායි අරමුදල වෙත බැර කෙරෙන අතර එමගින් නොමිලේ ආහාර, අධ්‍යාපනය සහ පෝෂණය දරුවන්ට ලබාදීමට කටයුතු කරනු ලබයි.
හෙට තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය:
අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, තිලකරත්න දිල්ශාන්, උපුල් තරංග, මුත්තයියා මුරලිධරන්, චමින්ද වාස්, රවින්ද්‍ර පුෂ්පකුමාර, රොමේශ් කලුවිතාරණ, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අසේල ගුණරත්න, නුවන් සොයිසා, තරංග පරණවිතාරන, තිලාන් තුශාර, මිලින්ද සිරිවර්ධන










