විධායක බලය වසර ගණනාවක සිට විවේචනයට ලක්වෙමින් පවතී. ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්, නීති විශාරදයන්, මහාචාර්ය-ආචාර්යවරුන්, බුද්ධිමතුන් විවිධ අර්ථ දක්වමින් විධායක බලය විවේචනයට ලක්කර ඇත. අවසන් තීරණයකටද එළඹ ඇත. ඒ, විධායක බලය අවශ්‍ය නැත යන්නයි.
ජේ.ආර්. ජයවරධන ජනාධිපතිවරයා ජනාධිපති වූයේ හයෙන් පහක ජනවරමක් ලබාගෙනයි. ඔහුගේ ධුර කාලයේ රට අභ්‍යන්තරයෙහි කැරැල්ලක් පැවැති අතර, එල්.ටී.ටී.ඊ. නම් සංවිධානය මෙම කැරැල්ල මෙහෙයවූ බවත්, මෙම කැරැල්ල යුදමය තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවත් කිව යුතුය. එම තත්ත්වය නිසා රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවූ බවත් සියලු දෙනාම දන්නා කරුණකි. Sri Lanka Latest News
රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරනු වස් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එම යුදමය ක්‍රියමාර්ගය මර්දනය කිරීමට හයෙන් පහක ජනවරම පදනම් කරගෙන මෙම පනත ස්ථාපිත කළ බවත් ප්‍රකාශිතය.
ඇවෑමෙන් ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ද තම ධුර කාලවකවානුවල එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමට මෙම පනත බලගන්වා කටයුතු කළ බවත්, එම යුදමය තත්ත්වය මුලිනුපුටා දැමීමට මෙම පනත මූලික සාධයක වූ බවත් මතක් කරමි.
ඉන් පසුවද මෙම අතිවිශේෂ පනත රට පාලනය කිරීම සඳහාද යොදාගැනීම නිසා මෙම පනත හෑල්ලුවට ලක්වූ බවත්, රට පාලනයට මෙම පනත යොදාගැනීම ව ැරැදි බවත් යුක්ති යුක්ති නොවන බවත් අවධාරණය කරමු.
මෙම පනත ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මකව පවතින බවත්, යම් රටක ස්වාධීනත්වයට, රටට, ජනතාවට එරෙහිව එම රටේ අභ්‍යන්තරව හෝ ජාත්‍යන්තරව කැරැල්ලක් හෝ යුද්ධයක් උද්ගත වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙම අතිවිශේෂ පනත අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙම පනත රටකට අහිතකර නොවේ. රටක පාලනයට මෙම පනත අහිතකර වේ.
තවද මෙම පනත ස්ථාපිත කිරීම සඳහා අවම වශයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුය. නැතහොත් මෙම පනත සම්මත කළ නොහැක්කේමය.
ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන් රට පාලනය කිරීම සඳහා මෙම විධායක බලය යොදාගත් බව පැහැදිලිවම දක්නට ලැබිණි. ඕනෑම රටක් පාලනය කිරීම සඳහා අණපනත් ඇතුළත් ව්‍යවස්ථාවක් ඇත.
විධායක බලය යනු කුමක්ද? කවර අවස්ථාවන්වල බලගැන්විය යුතුද? රටේ පාලනය සඳහා විධායක බලය භාවිත කළ යුතුද? නොකළ යුතුද? හරිද? වැරැදිද? ජනතාවට, පරමාධිපත්‍යයට බලපෑමක් වේද? ජනාධිපති වූ පමණින්ම එය කළ හැකිද? යන්නවත් තේරුම්ගත නොහැකි මන්දබුද්ධික පාලකයන් මෙතෙක් කල් රට පාලනය කර ඇත. රට පාලනය සඳහා ඔවුන් විසින්ම භාවිත කළ මෙම පනත ඔවුන් විසින්ම අහෝසි කළ යුතු බවට ප්‍රකාශ කිරීමම කොතරම් හාෂ්‍යජනකද? රටක පාලකයන් ලෙස මෙවැන්නන් පත්කළ මන්දබුද්ධික ජනතාවද මෙයට වගකිව යුතු නොවන්නේද?
ගැටලුව වන්නේ විධායක බලය පසෙක තිබියදී ජනතා අපේක්ෂා ඉදිරියේ මෙම පනත ක්‍රියාත්මක නොකොට, රට පාලනය කළ හැකි නායකයන් අප රටේ නොමැති වීම නොවේද? ඉදිරියටත් බිහිවේදැයි සැකයකි. එයට විධායක බලය වගකිව යුතු නොවේ.
අපේ රටේ එපා දේට ඕනෑ යැයි ප්‍රකාශ කරන, ඕනෑ දෙයට එපා යැයි කියන, ඇත්ත ප්‍රකාශ කිරීමට බිය, කොන්දක් නැති, හැකියාවක් නැති පාලකයන්ට කඩේ යන උන්ට කඹුරන, උගත් බුද්ධිමතුන් යැයි කියාගන්නා අය රටේ උන්නතිය වෙනුවෙන් යමක් කර තිබේද? නැත. කැලේට හඳ පෑව්වා වැනිය. එවැනි උගතුන්ගේ ප්‍රකාශවලින් රටට සුගතියක් නොවන්නේමය. මෝඩ ජනතාවක් සිටිනතාක් කපටින්ට සොරුන්ට රජ මඟුල් බව ප්‍රකාශ කරමු. රට අගාධයට – ජනතාව වළපල්ලට. විධායක බලය රටක තිබිය යතුය. ඒ, මා දරන මතයයි.
හේ.බ. සුමතිපාල, හැඩවින්න, මාමඩල.










