• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලකදි වහලු – කලකදි රහලු! අපිට බයක් නෑ කියපු සිරසටම මෙන්න බොලේ බයක් දැනෙනවලු! Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
කලකදි වහලු – කලකදි රහලු! අපිට බයක් නෑ කියපු සිරසටම මෙන්න බොලේ බයක් දැනෙනවලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කලකදි වහලු – කලකදි රහලු’ කියලා කතාවකුත් ‘කන්න හිතුණම කබරගොයා තලගොයා වෙනවා’ කියලා කතාවකුත් අපි අහලා තියෙනවා. ඇත්තටම මේකෙන් කියන්නේ එක කාලෙක රහ වෙන දේ තව කාලෙක වහ වෙනවා, නැත්නම් එක කාලෙක වහ කියලා කිව්ව දේ තව කාලෙක රහයි කියලා කියන තැනට සමහර මිනිස්සු පත්වෙනවා කියන එක. මේක ගොඩක් වෙලාවට වෙන්නේ දේශපාලනිකව. විවිධාකාර අවස්ථාවලදී තමන් පොරවල් යැයි සිතාගන්නා, තමන්ට මහා බලයක් තියෙනවා කියලා හිතාගන්නා, තමන්ට වඩා කෙරුමෙක් නෑ කියලා හිතාගන්නා සමහර අය අපි දැකලා, අහලා, අපිට මුණගැහිලා තියෙනවා. එහෙම අය ගැන උදාහරණ ඕනේ තරම් තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ එහෙම කතාවක් නෙවෙයි. පටන්ගනිද්දී එහෙම කතාවක් කියන්න හේතුව පහුගිය දවසක සිරස ‘සටන’ වැඩසටහනේදී සිදුවෙච්ච යම් කතාබහවල් කීපයක් අපි සුපරික්ෂාකාරීව අහලා බලද්දී දැනිච්ච දෙයක් නිසා. Sri Lanka Latest News

ඇත්තටම මාධ්‍යවේදීන් විදියට අපි මේ කිසිදු මාධ්‍යවේදියෙක් සමග පුද්ගලික අමනාපයකින් හෝ ඔවුන්ට රිදවන්නට හෝ ඔවුන්ව පීඩනයට පත්කරන්න අපිට අදහසක් නෑ. මොකද ලංකාවේ හැම දේශපාලකයාම, හැම තක්කඩියම මුලින්ම ඇවිල්ලා කරන්නේ මාධ්‍යවේදියාව තළන පෙළන එක. ඒ නිසා අපි ඔක්කොම එක පිරිසක් විදියට එක තැනක එකට හිටගන්න ඕනේ. ඒ නිසා මේ ලිපියේ තියෙන යම් අන්තර්ගතයක් හේතුවෙන් යම් කිසිවෙක්ට චෝදනාවක් එල්ල වෙනවා නම් අපි ඔවුන්ගෙන් සමාව ඉල්ලනවා. හැබැයි අපි විශ්වාස කරනවා යම්කිසි මාධ්‍ය ඒකාධිකාරයක් තමන් සතු යැයි හිතාගෙන වෙනත් මාධ්‍ය කණ්ඩායමකට නැගිටින්න නොදී, ඔවුන්ව තළලා පෙළලා විනාශ කරලා ඒක ජයග්‍රහණයක් විදියට ඔල්වරසන් දීලා කෑගහලා, අපි තමයි පොරවල් කියලා හිතන මිනිස්සුන්ට කණ්ණාඩියක් ගෙනල්ලා ඒගොල්ලන්වම පෙන්නන්න ඕනේ, එයාලව අපිට පේන්නේ මේ විදියටයි කියලා. මොකද එහෙම නැත්නම් තමන් කවුද කියන එක ගැන අවබෝධයක් සමහර අයට නැතිවෙලා යන හින්දා. මේ කතා කරන්නේ එක්තරා නාලිකාවක පහුගිය දවසක පැවැති එක්තරා වැඩසටහනක් ගැන. නම්ගම් අනවශ්‍යයි. නම්ගම් දැනගත යුතු අය දැනගත්තා නම් ඒ ඇති යැයි අපි විශ්වාස කරනවා.

මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි. චරිත් අබේසිංහ, ඔහු නළුවෙක්. ඔහු පහුගිය කාලේ ඡන්දේ ඉල්ලුවා. ඔහු එනවා එක්තරා වැඩසටහනකට. ඔහුගෙන් නිවේදකයෙක් සහ නිවේදිකාවක් හිතාගන්න බැරි විදියට ආවේගශීලී වෙලා ප්‍රශ්න අහනවා. ඔහු පිස්තෝලයක් ගන්නවද නැද්ද කියන කාරණාවක් සම්බන්ධයෙන්. අපිට ආරක්ෂාව තියෙනවා, අපි බය නෑ, පාන්දර 2ට ගෙදර යන්නේ, අපිට කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඔවුන් කෑකෝගහමින් තර්ක කරනවා. චරිත්ට ඇත්තටම ඒ වෙලාවේ සිහි බුද්ධියක් තිබුණා නම් ඔහු අහන්න ඕනේ දෙයක් තමයි ඇයි මේ නාලිකාවේ එක එක තැන්වල ආරක්ෂක නිලධාරීන් යොදවලා තියෙන්නේ, ඇතුළු වෙද්දී පරීක්ෂා කරන්නේ, අනන්‍යතාව විමසන්නේ, බඩු බාහිරාදිය එතැන තියන්න කියලා, හැඳුනුම්පත් පරීක්ෂා කරන්නේ ඇයි කියලා. ආරක්ෂාව පිළිබඳ රටේ ප්‍රශ්නයක් නැත්නම් එහෙම බල බලා ගන්න අවශ්‍ය නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිස්තෝල අවශ්‍ය වෙන්නේ කියන එක ගැන චරිත්ට නොතේරිච්ච කාරණාවක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් අවශ්‍ය වෙන්නයි, සාමාන්‍ය මනුස්සයෙකුට පිස්තෝලයක් අවශ්‍ය නොවෙන්නයි හේතුව තමයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපේ රටේ ප්‍රබල මැරයෝ හොරු වංචාකාරයන්ට විරුද්ධව යම් යම් තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. ඔවුන් ගැන පාර්ලිමේන්තුවේ විවේචනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ කරන කතා සම්බන්ධයෙන් ඒ අයට විශේෂ බලයක් දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කියන යම් කාරණා සම්බන්ධයෙන් නඩු පවරන්න බැරිවෙන විදියට. මොකද ඒකට හේතුව සමහර දේවල් හෙළිදරව් කරන්න අපේ රටේ බැහැ. අපේ රට හරි භයානක රටක්. අපේ රටේ මාධ්‍ය, මහජනතාව, දේශපාලකයෝ මේ සියලු දෙනාම විවිධ කණ්ඩායම් විසින් සල්ලිවලට අරගෙන ඉන්නේ. ඒ නිසා තමන්ට පාලන බලය තියෙනකොට හරිම තක්කඩි විදියට හැසිරෙනවා.

චරිත්ට ඔය කිසිම දෙයක් කියන්න ලැබෙන්නේ නෑ. චරිතුත් නිවේදකයොත් බොහොම තදින් විවාද කරගන්නකොට මේ නිවේදකයෝ කියනවා අපිට ප්‍රශ්නයක් නෑ, අපි බය නෑ, මේ රටේ ආරක්ෂාව තියෙනවා, අපි පාරේ යන්නේ නිදහසේ, ඉතින් එහෙම තියෙද්දී පිස්තෝල මොකටද කියලා. මේ කලින් පිටපතකට අනුව හදාගත්ත සැලසුම් කරගත්ත පහරදීමක්. ඔවුන් මේ පිස්තෝලය ගැන ප්‍රශ්නය අහන්න කලින් ඉඳලම ලෑස්ති වෙලා හිටියා කියන එක අපිට පැහැදිලියි. එහෙම කියපු කෙනෙක්ම පහුගිය දවසක සිරස සටන වැඩසටහනට ආපු ජනාධිපතිතුමාගෙන් අහනවා, ‘මට බයයි පාරේ යන්න, අපිට කදරයක් වෙන්න පුළුවන්, අපිව මරයි කියලා හිතෙනවා, අපිට මේ රටේ තත්ත්වය අනතුරුදායකයි, අතන වෙඩි තියනවා, මෙතන වෙඩිතියනවා, මොකක්ද කරන්නේ?’ කියලා. ඇත්තටම මහත්වරුනි, නෝනාවරුනි, ඔබේ ආවේගය, ඔබේ හැසිරීම කොහොමටත් මේ රටේ මිනිස්සුන්ට අප්‍රසන්නයි. ඒක තමයි ඇත්ත. නමුත් ඔය ඇයි එක දවසක් ඔබට තිබිච්ච අසීමිත නිදහස, පාන්දර 2ටත් බය නැතුව ගෙදර යන්න තිබුණු නිදහස මේ මාසයක් දෙකක් යද්දී නැතිකර ගත්තේ? අනේ ඇයි මේ බයයි කියන්නේ දැන්? දැන් මරයි කියලා හැතෙන්නේ ඇයි? තමන් මාධ්‍යවේදියෙක් නම් තමන් ඉන්න ඕනේ එක මතයක. එක ස්ථාවරයක. දේශපාලකයාව හිරකරන්න, ඔහුව අපහසුතාවට පත්කරන්න, හිතන හිතන පැත්තට, නැමෙන නැමෙන පැත්තට දිව හරවන්නේ නැතුව එක ස්ථාවරයක එක තැනක ඉන්න. මාධ්‍යවේදියෝ විදියට අපිට අයිතියක් නෑ දේශපාලකයා හැමදාම තක්කඩියෙක් හොරෙක් වංචාකාරයෙක් කියලා හිතාගෙන ඔහුව අපහසුතාවට පීඩාවට පත්කරමින් ප්‍රශ්න කරන්න. ඒක ලංකාවේ මාධ්‍යවේදියෝ කීප දෙනෙක්ම දැනටමත් කරමින් ඉන්නවා. ඒක කැත වැඩක්. ඒක නරක ව්‍යාපාරයක්. එතකොට එහෙම ප්‍රශ්න කරද්දී තව කෙනකුට අයිතියක් තියෙනවා ඔවුන්ගෙන් අහන්න, අපි ඒ අයිතිය තමයි පාවිච්චි කරන්නේ. ඔබට ඡන්දෙට කලින් පාන්දර 2ට 3ට දෙර යන්න තිබුණු නිදහස, බයක් සැකක් නැති, තුවක්කු පත්තුවෙන්නේ නැති, හුස්ම ගැනීමේ නිදහස හදිසියේම නැතිවුණේ කොහොමද නෝනාවරුනි මහත්වරුනි? එහෙම වුණා නම් ඒක වුණේ කවදාද? ඒකට හේතුව මොකක්ද?

දේශපාලකයාට පිස්තෝලයක් ගන්න එපා කියලා ඔබ කියන්නේ ඇයි? ඔබ පිස්තෝලයක් ගන්නවද කියලා අහන්නේ මොන පදනමේ ඉඳලද? ඒ පදනමේ ඉඳලා ඔබ එදා කිව්වනේ ඔබට නිදහසක් තියෙනවා කියලා. ඔබ බය නෑ කිව්වනේ. එහෙනම් ඇයි ඔබ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් රටේ ආරක්ෂාව ගැන අහන්නේ? අපි දන්නවා දිවේ ඇට නෑ, දිව ඕනේ පැත්තකට නවන්න පුළුවන් කියලා. හැබැයි ඔබ මාධ්‍යවේදියෝ විදියට දිවට නැමෙන්න පුළුවන් කියන එක සංදර්ශනයක් විදියට පෙන්නන්න එපා. මොකද ඊට පස්සේ වෙන්නේ රටේ මාධ්‍යවේදියෝ ගැනත් කිසිදු විශ්වාසයක් නැතිවෙලා යන එක. ඒ නිසා බොහොම ආදරෙන් කියන්නේ අපි ඒක අවබෝධ කරගෙන වැඩ කරමු, කල්පනාවෙන් වැඩ කරමු. නිකන් හැරෙන හැරෙන පැත්තට නැමෙන නැමෙන පැත්තට දේවල් කියන්නේ නැතුව ඉමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

එදා කතාව

මෙරට සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව 2024.11.05 දින සිරස රූපවාහිනියෙන් විකාශය වූ ‘සටන’ දේශපාලන සංවාදයේදී සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක චරිත් අබේසිංහ පැවැසුවා. ඔහු සිය පෞද්ගලික ආරක්ෂාවට පිස්තෝලයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වූ කතාබහක් එම සාකච්ඡාවේදී ඉස්මතු වූ අවස්ථාවේ වැඩසටහන මෙහෙයවූ සුරංග සේනානායක, ඔමායා කෝවිලගොඩගේ යන මාධ්‍යවේදීන් ඔහුගේ එම ප්‍රකාශය දැඩිව විවේචනය කළ අතර, ඔවුන් කියා සිටියේ රට තුළ කිසිදු අනාරක්ෂිත වාතාවරණයක් නොමැති බැවින් එලෙස පිස්තෝලයක් ඉල්ලා සිටීම හාස්‍යජනක ක්‍රියාවක් බවයි. එහිදී මාධ්‍යවේදීන් සහ චරිත් අබේසිංහ අතර මෙවැනි සංවාදයක් ඇතිවුණා.

මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
ඔබ පිස්තෝලෙ ගන්නවද?
චරිත් අබේසිංහ
ඔව් ගන්නවා.
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
ඇයි දැන් ඔබට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද?
චරිත් අබේසිංහ
ඔව්. ඔයාට මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැද්ද?
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
නෑ. ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නෑ මට. මම සාමාන්‍ය පුරවැසියෙක්. මම නිදහසේ කටයුතු කරනවා. මම කාන්තාවක්. රෑ 2ටත් මම සටන ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගෙදර යනවා. මට කිසි ප්‍රශ්නයක් වෙලා නෑනේ.
චරිත් අබේසිංහ
ඒක චරිත් අබේසිංහගේ පෞද්ගලික දෙයක් නෙවෙයි. මම එතකොට රාජ්‍යයේ කොටස්කාරයෙක් වෙනවා.
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඉණේ තියෙන පිස්තෝලේ…
චරිත් අබේසිංහ
මගේ ඉණේ පිස්තෝලයක් කවදාවත් තියාගෙන ඉඳලා නෑ මම.
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඔයාට පිස්තෝලයක් මොකටද ජනතා නියෝජිතයෙක් වුණාම?
චරිත් අබේසිංහ
ඇයි ඒක පෞද්ගලික අදහසකින් ගන්නේ? මේ රටේ ජනාධිපති කෙනකුට, මන්ත්‍රී කෙනකුට, ඇමැති කෙනකුට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නැද්ද? ඒ තරම් ප්‍රාථමික තැනකින්ද ඔයා මේක දකින්නේ?
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඡන්දේ ඉල්ලන ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ජනතාව හරි ප්‍රාථමිකයි කියලා. ඔන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ.
චරිත් අබේසිංහ
ජනතාව නෙවෙයි ඔයා ප්‍රාථමිකයි.

මෙදා කතාව


තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපා ඇති ගැටලුව මුල්කරගෙන චරිත් අබේසිංහ ඉදිරිපත් කළ අදහස 2024.11.05 දින ‘සටන’ සංවාදයේදී සුරංග සේනානායක සහ ඔමායා කෝවිලගොඩගේ විසින් දැඩිව විවේචනය කළේ, පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට තර්ක කරමින්. නමුත් එම තර්කය තමන් විසින්ම බිඳදමින් සුරංග සේනානායක පසුගිය 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැති ‘සටන’ දේශපාලන සංවාදයේදී අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

මාධ්‍යවේදී සුරංග සේනානායක
පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි පහුගිය දවස්ල සී.සී.ටී.වී.වල දකිනවා එනවා, වෙඩිතියනවා, යනවා. බයිසිකල්වලින් ඇවිල්ලා පාරේ යන මිනිස්සුන්ට වෙඩිතියනවා. අපිත් පාරෙ යන මිනිස්සු. මේ ක්‍රොස් ෆයර් එකකට මැදිහත් වුණොත් අපේ ජීවිත ආරක්ෂා කරන්න කවුරුවත් නෑ අවසානයේ. ඡන්දෙ කාලේ ඝාතන රැල්ල අඩු වුණා. මොකද කට්ටිය ඡන්දේ නිසා වෙන්න ඇති කියලා. හැබැයි දැන් ඡන්දේ ඉවර වෙලා, ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා, තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් ඇවිල්ලා දැන් හැම තැනම වෙඩි තියනවා. දකුණේ වෙඩි තියනවා. මේ එහාපැත්තේ ගල්කිස්සේ වෙඩිතිබ්බා….

SendShareShare
Previous Post

අවුරුදු 35දී බ්‍රිතාන්‍යයෙන් ඉහළම සම්මානය දිනාගත්තා! ලෝ ප්‍රකට නායකයන් එක්ක කතා කළා යාපනේ කරෙයිතිව් සිට බකින්හැම් මාලිගාවට ගිය රාජනායගම්! Sri Lanka Latest News

Next Post

මිනිසුන් බේරගත්ත මහ මෙහෙයුම් මැද්දේ ඝන කැලෑවේ විලාප දෙමින් සිටි ගැබිනි මවකට දරු ප්‍රසූතිය කළ කැප්ටන් සුරාජ් මුණසිංහ! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.