• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 35දී බ්‍රිතාන්‍යයෙන් ඉහළම සම්මානය දිනාගත්තා! ලෝ ප්‍රකට නායකයන් එක්ක කතා කළා යාපනේ කරෙයිතිව් සිට බකින්හැම් මාලිගාවට ගිය රාජනායගම්! Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අවුරුදු 35දී බ්‍රිතාන්‍යයෙන් ඉහළම සම්මානය දිනාගත්තා! ලෝ ප්‍රකට නායකයන් එක්ක කතා කළා යාපනේ කරෙයිතිව් සිට බකින්හැම් මාලිගාවට ගිය රාජනායගම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

OBE යනු ඔෆිසර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බි්‍රටිෂ් එම්පරර් යන්නයි. එනම් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයා වෙනුවෙන් උසස් කැපවීම් සිදුකරන ලද අයෙකුට ලැබෙන ඉහළම ඇගයීමයි. එය ඔවුන්ගේ ක්ෂේත්‍රයේ හෝ ඔවුන්ගේ ප්‍රජාවට සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් පුද්ගලයන්ට ලබාදෙන එක්සත් රාජධානියේ සම්මානයකි.
දේශපාලනය, විනෝදාස්වාදය, ක්‍රීඩාව හෝ ව්‍යාපාර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක ජයග්‍රහණ සඳහා එය ප්‍රදානය කළ හැකිය.OBE ලබාගන්නා පුද්ගලයන්ට ඔවුන්ගේ නමට පසුව OBE අකුරු තැබිය හැකිය. මෙහිදී ප්‍රාදේශීය මට්ටමින් ප්‍රධාන දායකත්වයක් ලබාදී ඇති හෝ ජාතික පැතිකඩක් ලබා ඇති පුද්ගලයන් ඔවුන්ගේ සේවා රේඛාව තුළ විශාල බලපෑමක් ඇති කළ පුද්ගලයන් ඇගයීම සිදුකරනු ලබයි. එය ප්‍රදානය කරන්නේ අලුත් අවුරුදු දිනයේ (අලුත් අවුරුදු ගෞරව) සහ ජුනි මාසයේ රැජිනගේ නිල උපන්දිනය (උපන් දින ගෞරව) මුල් කරගනිමින්ය. Sri Lanka Latest News

යාපනයේ කරෙයිතිව්හි ඉපිද බකින්හැම් මාලිගය දක්වා තම නාමය රැගෙන යාමට සමත් වූ සබාපතිපිල්ලේ රාජනායගම් මහතා වයස අවුරුදු 104 දක්වා (1908-2012) ජීවත් වූ ප්‍රඥාවන්තයෙකි. ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් මියගිය විට ඔහු අවසානය ගැන අවදියෙන් සිටියේය. ඔහුගේ ජයග්‍රහණ ආදර්ශවත්ය. නිහතමානී මානව හිතවාදියෙකු වූ ඒ මහතා, ඔහු විසින් රචිත London Diaries නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. ඔහු ලංකාවේ උතුරු අර්ධද්වීපයේ කරෙයිතිව් නම් දුරස්ථ දූපතක පැල්පතක හැදීවැඩුණු ආකාරයත් එතැන් සිට ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් වූයේ බකින්හැම් මාලිගයට ආරාධනා කිරීමෙන් වගත් සඳහන් කර ඇත. ඔහු වෙහෙස මහන්සි වී ඉගෙනගත් අතර 1930 දී ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයට යුනිවර්සිටි ටෙලිග්‍රාෆ් ඉංජිනේරු ශිෂ්‍යත්වය පිරිනමන ලදී.

ඔහු 1934දී නැවත ලංකාවට පැමිණ, ටෙලිග්‍රාෆ් ඉංජිනේරුවකු ලෙස සේවයට පත්විය. ප්‍රීතිඝෝෂා නගමින් කාරෙයිතිව් ජනතාව ඔහුට විධිමත් පිළිගැනීමක් ලබාදුන්හ. විවාහ දිනයේදී, ඔහු සාමාන්‍යයෙන් හින්දු භක්තිකයන් විසින් අඳින ලද අයිතමයක් වන ටර්බන් (Turban) පැලඳ පල්ලියට සහභාගි වූයේය. නොසතුටට පත් වූ පැවිද්දෝ ඔහු කෙරෙහි වූ ගෞරවය නිසාම විරෝධය නොදැක්වූහ. තෘප්තිමත් මිනිසෙක් ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාවටම තම තනතුරු වැඩිදියුණු කරගැනීමට වෙහෙස මහන්සි වී වැඩකළේය. ජපානය ශ්‍රී ලංකාව වෙත ප්‍රහාර එල්ල කරන විට අත්‍යාවශ්‍ය සන්නිවේදනයක් සැපයීම වෙනුවෙන් ඔහුට 1943 වසරේදී ඔෆිසර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බි්‍රටිෂ් යන සම්මානය ප්‍රදානය කරන ලදී.

ඔහු 1938 දී ස්වේච්ඡා නිලධාරියකු ලෙස ලංකා ආරක්ෂක බළකායේ සංඥා බළකායට බැඳුණි. ඔහුට ත්‍රිකුණාමලයේ ජීවිතය දුෂ්කර විය. දෙමසකට පසු ඔහුව කපිතාන් නිලයෙන් ඉවත් කර නැවත කොළඹට එවන ලද්දේ මධ්‍යම ටෙලිග්‍රාෆ් කාර්යාලයේ ඔහුගේ සිවිල් රාජකාරිය යුද ප්‍රයත්නයට වඩා වැදගත් යැයි සැලකූ බැවිනි. සේනාධිනායක, අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් විසින් යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නියෝජිතයන්ගෙන් සමන්විත විදුලි සංදේශ මණ්ඩලයක් පිහිටුවන ලදී. රාජනායගම් සිවිල් නිලධාරියකු ලෙස එම මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත්කරන ලදී. යුද ප්‍රයත්නය සඳහා සංඥා (සන්නිවේදන) අවශ්‍යතා සාකච්ඡා කරන ලද අතර ගොඩබිම පදනම් වූ විදුලි සංදේශ මාර්ග පිළිබඳ වගකීම රාජනායගම්ට පැවරිණි.

මවුන්ට්බැටන් සාමිවරයා සිය කාර්යාලය මහනුවර පිහිටුවා ගත්තේය. බි්‍රතාන්‍ය නෞකාවකින් ඉන්දියාව සහ ලංකාව අතර කැපවූ සන්නිවේදන කේබලයක් ද, කොළඹ සහ ත්‍රිකුණාමලය අතර තවත් කේබල් එකක් ද එළා ඇත. වෙරළ ආශ්‍රිත ශ්‍රමය සැපයීම සහ ඉඩම් සවිකිරීම සම්බන්ධයෙන් රාජනායගම් ද වගකිව යුතු විය. ප්‍රහාරක ගුවන් යානා ඇතුළු ගුවන් යානා කොළඹ, ත්‍රිකුණාමලය සහ ගිනිකොනදිග ලංකාවේ නව මුහුදු ගුවන් යානා කඳවුරක් වන කොග්ගල පදනම් කරගෙන ඇත. සිංගප්පූරුවට සිදුවූ විනාශය සමග ඊළඟ සන්ධිස්ථානය ලංකාව වන බවට වූ අදහස නිසාවෙන්ම සක්‍රීය වශයෙන් කටයුතු කිරීමේ රාජකාරිය ඔහුට පැවරුණි.

1942 අප්‍රේල් 05 වැනිදා ජපන් ගුවන් යානා කොළඹ වරායට ප්‍රහාර එල්ල කරන විට ත්‍රිකුණාමලයෙන් සහ කොග්ගලින් ප්‍රහාරක ගුවන් යානා කොළඹ ප්‍රහාරකයන්ට සහාය වීමට පිටත් විය. මෙම විශාල ගුවන් සටනේදී දෙපාර්ශ්වයටම පාඩු සිදුවිය. ඉන් අනතුරුව 1942 අප්‍රේල් 09 ත්‍රිකුණාමලයට ප්‍රහාරයක් එල්ල වූ විට සහායට සටන්කාමීන් කොළඹින් සහ කොග්ගලින් පිටත් විය. මෙම ආරක්‍ෂාවෙහි වැදගත්කම වූයේ සිංගප්පූරුවේ වැටීමෙන් පසු ජපන් ජාතිකයන්ට සැබෑ විරෝධයක් දැනුණු පළමු අවස්ථාව එය වීමයි. සර් වින්ස්ටන් චර්චිල් අතිශයින් සතුටට පත් වූ අතර ඔහුගේ පාර්ලිමේන්තුවට එසේ පැවසීය. රාජනායගම් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සකස් කරන ලද සහ නඩත්තු කරන ලද විදුලි සංදේශ මාර්ග නිසා ප්‍රහාරක ගුවන් යානා වඩාත් අවශ්‍ය තැනට හරවා යැවීමට හැකි විය. ජපන් ජාතිකයන් මිත්‍ර හමුදා ගුවන්විදුලි සන්නිවේදනයට සවන් දුන් බැවින් රැහැන් රහිත (රේඩියෝ) සන්නිවේදනය සඳහා භාවිතා නොකළේය. ප්‍රහාරක කඳවුරු, වරායන්, ගුවන් යානා නාශක බැටරි සහ අණදෙන මධ්‍යස්ථාන අතර තීරණාත්මක සන්නිවේදන ස්ථාවර දුරකතන හරහා සිදුවිය.

රාජනායගම් සිය මතක සටහන්වල මෙසේ පවසයි. ‘මට OBE කෙනෙක් ලෙස ත්‍යාග ලැබුණා. ත්‍යාගය ඇත්තටම මගේ කාර්ය මණ්ඩලයට ලැබිය යුතුයි. සතුරු ගුවන් යානාවලින් ප්‍රහාර බලාපොරොත්තු වූ විට, මම මගේ රේඛීය කාර්ය මණ්ඩලයට දිනපතා ඔවුන්ගේ කොටස මුර සංචාරයේ යෙදෙන ලෙස උපදෙස් දුනිමි. එබැවින් ගුවන් ප්‍රහාර අතරතුර මගේ රේඛා ක්‍රියාත්මක විය. ත්‍රිකුණාමලයට ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින මම එතැනට ගියේ මගේ කාර්ය මණ්ඩලයට විශ්වාසයක් දෙන්න. ඔවුන් පැවැසුවේ සියලු සිවිල් වැසියන් ගොස් ඇති බවත්, සාප්පු සියල්ල වසා ඇති බවත්, ඔවුන්ට ආහාර නොමැති බවත්, පිටව යාමට අවශ්‍ය බවත්ය. මම පොරොන්දු වුණා ඒ අයට කොළඹින් කෑම එවන්න කියලා….’

‘මම නැවත කොළඹට පැමිණ රාගමට ළඟා වූ විට මට පෙනීගියේ සියල්ල කොළඹින් පිටව යන බවත්, පයින් යන මිනිසුන් සහ ගෘහ භාණ්ඩ, භාජන පුරවා ඇති කරත්තය. කොළඹ ගුවන් ප්‍රහාරයෙන් පසු කොළඹ නගරයේ සියලු වෙළෙඳසල් වසාදමා තිබිණි. ත්‍රිකුණාමලයේ මගේ කාර්ය මණ්ඩලයට යවන්න කෑම ගන්න කඩයක් හොයාගන්න බැරිවුණා. ඒ නිසා මම සිවිල් ආරක්‍ෂක කොමසාරිස් සර් ඔලිවර් ගුණතිලක මහතා වෙත ගිය අතර, ඔහු මගේ මිනිසුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා කඩ විවෘත කිරීමට බලය පවරමින් ඔහුගේ මිනිසුන් සමග මා එව්වා. ඉතින් අපි මරදානට ගිහින් ලොකු කඩයක් විවෘත කර අපි බත්, පරිප්පු සහ තවත් ආහාර ද්‍රව්‍ය එකතු කර මගේ විශ්වාසවන්ත මිනිසෙකු සමග එදිනම සවස දුම්රියෙන් ත්‍රිකුණාමලයට යැව්වෙමු. ත්‍රිකුණාමලයේ සිටින මගේ මිනිසුන්ට ඔවුන්ගේ ස්ථානවල රැඳී සිටින ලෙස ඒත්තු ගැන්වීමට මෙම ක්‍රියාව ප්‍රමාණවත් විය.’

රාජනායගම් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් කරන ලද කාර්ය OBE ප්‍රදානය කරන ලද යුද ප්‍රයත්නය සඳහා අතිශයින් වැදගත් විය යුතුය.
පහත දැක්වෙන්නේ 1943 ජූනි 04 වැනි දින ටයිම්ස් ඔෆ් සිලෝන්හි පළවූ සටහනකි. උපුටා දක්වනු කැමැත්තෙමි. ‘ගෞරව ලබන්නන් නීතියක් ලෙස සේවයේ අළු පැහැයෙන් වැඩුණු පිරිමින්ය. තරුණ රාජ්‍ය සේවකයකු විශේෂ ගෞරවයක් සඳහා වෙන්කරනු ලබන්නේ කලාතුරකිනි. මෙසේ ගෞරවයට පාත්‍රවූ ළාබාලතම පුද්ගලයා එස්. රාජනායගම් වන්නේය. ධගඊගෑ (සිවිල්) සම්මානයෙන් පිදුම් ලබන විට ඔහුගේ වයස අවුරුදු 35ක් පමණි.

සිවිල් ලැයිස්තුවේ ඔහුගේ නම විදුලි සංදේශ ඉංජිනේරුවන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් තරමක් අඩු බව පෙන්නුම් කරයි. නමුත් ඔහු කරන ලද කාර්යය විනිශ්චය කළ හැකි තත්ත්‍වයේ සිටින අයගේ ඇස්තමේන්තු අනුව ඔහු ඉතා ඉහළ මට්ටමක සිටින බව පැහැදිලි කරුණකි. මෙම තරුණ හා කාර්යක්ෂම ඉංජිනේරුවරයාට යම් විශේෂ කාර්යයක් කිරීමට යොදවා ඇති අතර ඔහු එය කෙතරම් විශිෂ්ට ලෙස සිදු කළේද යත්, එය විශේෂ වෙනසක් සඳහා වූ අවස්ථාවක් බව ඉහළ බලධාරීන්ට හැඟී ගියේය. රාජනායගම් මහතාගේ අනාගත වෘත්තීය ජීවිතය නැරඹීම වටී.

1950 දී ඔහු ලංකා ඉංජිනේරු සංගමයේ සභාපති වූ අතර 1951 දී ලංකා විද්‍යාවේ දියුණුව සඳහා වූ සංගමයේ සභාපති විය. එච්.එෆ්. බිලිමෝරියාගේ අභාවය මත ඔහු ඉංජිනේරු සංගමයේ ලේකම් ලෙස නැවත පත්කරන ලදී. ඉංජිනේරු සංගමය, ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, මිනින්දෝරුවන් ආදීන්ගෙන් සැදුම්ලත් සමාජයක් වූ අතර එය වෙනත් රටවල් විසින් වෘත්තීය ආයතනයක් ලෙස පිළිගනු ලැබුවේ නැත. ලෝක ව්‍යාප්ත පිළිගැනීම සඳහා බි්‍රතාන්‍ය ආයතනවල සාමාජිකත්වය ලබාගැනීමට ලංකා වෘත්තිකයන්ට බලකෙරුණි. ඉංජිනේරු සංගමය පොදුරාජ්‍ය මණ්ඩලීය ඉංජිනේරු සමුළුවේ සාමාජිකත්වය ලබාගැනීම හොඳම ප්‍රවේශය බව රාජනායගම් මහතා තේරුම් ගත්තේය. 1956 දී ඔහු ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා ලෙස පත්කරන ලද අතර 1958 දී ඔස්ටේ්‍රලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ඉංජිනේරු සමුළුවට සහභාගි වූ ඔහු ලංකා ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමට මූලික විය. රාජනායගම් මහතා ලංකා ඉංජිනේරු ආයතනයේ පියා විය.

1960 දී ඔහු තරුණ වියේදී ඉගෙනුම ලැබූ යාපනය විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා වූ අතර 1962 දී ඔහු ආසියා ඉලෙක්ට්‍රොනික සංගමයේ උපසභාපතිවරයා විය. ඔහු 1971 දී යාපනය විද්‍යාලීය කාර්මික ආයතනය පිහිටුවා එහි අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබුවේ උතුරු පළාතේ තරුණ තරුණියන්ට අත්‍යාවශ්‍ය අවස්ථාවන් ලබාදෙමිනි. පළමු කණ්ඩායම 1977 දී උපාධිය ලබාගත්තේය. 1973 සිට ඔවුන් පදිංචියට ගිය යාපනයේ දරුණු යුද වාතාවරණය හේතුවෙන් 1986 දී ඔහු සිය බිරිය සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය විය. ඔහු 2012 දී මියයන තුරුම ඇඩිලේඩ් හි ජීවත් විය. මේ කාලය තුළ ඔහු පොත් 7ක් ලියා ඉන් 5ක් ප්‍රකාශයට පත්කර ඇත. ඔහුගේ වයස අවුරුදු 100 ඉක්මවන විට කරෙයිනගර් ගැන දෙමළ භාෂාවෙන් ලියා ඇති ඔහුගේ අවසන් පොත මිල කළ නොහැකි සම්පතක් වන අතර එය ප්‍රකාශනය වෙමින් පවතී.

ඔහුගේ ස්වයං චරිතාපදානය වන How I Became ඔහුගේ වයස අවුරුදු 89 දී ලියන ලද ඔහුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මේ ග්‍රන්ථයේ අඩංගු වේ. ඔහු ඇඩොල්ෆ් හිට්ලර් හමුවීමට නොහැකි වීම සහ බෙනීටෝ මුසෝලිනී හමුවීමට උත්සාහ කිරීමට නොහැකි වීම ගැන කනගාටුව සඳහන් කරන අතර නමුත් නිහතමානී සහ සුහදශීලී සහ තමාගේ අස්සන් සහිත ඡායාරූපයක් ලබාදුන් ඔහුගේ බෑනා වන කවුන්ට් ගල්කාසෝ සියානෝ හමුවීමෙන් සෑහීමට පත්වීමට ඔහුට සිදුවිය. ගාන්ධි, තාගෝර් වැනි කුලුණු චරිත ඉදිරියේ තමා සිටියද ඔවුන් සමග කතා කිරීමට ලැජ්ජා වූ බව ඔහු පවසයි. ශ්‍රීමත් පී. රාමනාදන්, ජවහර්ලාල් නේරු, එම්.ඒ. ජින්නා සහ ජෝර්ජ් බර්නාඩ් ෂෝ වැනි තවත් ප්‍රවීණයන් ද සිටි අතර ඔවුන් සමග කතාකිරීමට අවස්ථාව ලැබුණත් එසේ කතා නොකිරීම සම්බන්ධයෙන් ඔහු අදහස් පළකර ඇත. ඒ වෙනුවට ඔහු ෆේමස් පීපල් හි සිය අදහස් ලිවීය. ඔහු සමග සාකච්ඡා කළ අය අතර ක්‍රිෂ්ණ මෙනන්, ශ්‍රී රාජගෝපාලචාරී, සරෝජිනී නායිදු, ඩී.එස්. සේනානායක, ජී.ජී. පොන්නම්පලම්, ශ්‍රීමත් බාරොන් ජයතිලක සහ එඩින්බරෝ ආදිපාදවරයාය. ඔහු වරක් ලංකාවේදී (1956) ආදිපාදවරයා හමුවූ අතර පසුව ලන්ඩනයේ බකිංහැම් මාලිගයේදී හමුවිය.

වෛද්‍ය ආතර් සී ක්ලාක් රාජනායගම් මහතාගේ අසල්වැසියකු වූ අතර ඔවුහු සවස් වරුවේ විහාර මහාදේවි උද්‍යානයේ කතාබස් කිරීමට පුරුදුව සිටියහ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාද ඔහුගේ අසල්වැසියකු වූ අතර, ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ට සුබ පැතීමට ඡන්දය දිනූ දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ගේ නිවෙසට ඇවිද ගිය ආකාරය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. ඔහුව බදාගෙන ඔහුව වැලඳගත් ආකාරය ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
රාජනායගම්ගේ වෘත්තීය ජීවිතය වසර 29ක් තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විහිදී ගියේය. 1956 දී ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා ලෙස පත්වූ ඔහු 1963 දී විශ්‍රාම ගත් අතර 2012 දී වයස අවුරුදු 104 දී මියගියේය.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

මහින්දට කඩේ ගියා…! ගෝඨාට කඩේ ගියා..! රනිල්ට කඩේ ගියා..! මෙන්න සමන්තභද්‍ර හාමුදුරුවෝ දැන් අනුරට කඩේ යනවා..! අයියෝ සාමි..! I Sri Lanka Latest News

Next Post

කලකදි වහලු – කලකදි රහලු! අපිට බයක් නෑ කියපු සිරසටම මෙන්න බොලේ බයක් දැනෙනවලු! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.