• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම අරූන් සෙල්වරාජ්! මගේ සීයා රාජසිංහ රජ්ජුරුවෝ! Sri Lanka Latest News

February 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මම අරූන් සෙල්වරාජ්! මගේ සීයා රාජසිංහ රජ්ජුරුවෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පාලනය ඉංග්‍රීසින් යටතට පත්වීමට පෙර අවසන් වරට රජකම් කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමායි. 1798 සිට 1815 වසර දක්වා වසර 17ක් ලංකාව පාලනය කළේය. බි්‍රතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට බලයෙන් පහකරන ලදී. දකුණු ඉන්දීය තෙළිඟු සම්භවයක් ඇති රාජසිංහ රජු සිංහලේ නායක්කාර රාජ වංශයට අයත් විය. කන්නසාමි යන නමින් කුඩා කල හඳින්වූ ඔහු 1798 දී සිංහාසනාරූඪ වන විට රාජාභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ යන නම තෝරාගන්නා ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 18කි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය. රාජසිංහ රජු මියගියද, එම රජ පෙළපතෙහි සාමාජිකයන් අදද මෙරට ජීවත් වෙයි.
පහත පළවන්නේ රාජසිංහ රජුගේ 6 වැනි පරම්පරාවේ සාමාජිකයකු වන අරූන් සෙල්වරාජ් මහනුවර නාථ දේවාලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සැමරුම් උත්සවයකට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත පළකළ අදහස්ය
. Sri Lanka Latest News

‘මම අරූන් සෙල්වරාජ්. මම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ 6 වැනි පරම්පරාවේ සාමාජිකයෙක්. අපි අද මේ ඇවිත් ඉන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අභාවප්‍රාප්ත වෙලා අවුරුදු 192ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය වෙනුවෙන්. මේකේ විශේෂත්වය තමයි මේ දේවාලයෙන් තමයි රජතුමා රජ වෙනකොට ඔටුන්න පැලඳීමයි, නම තැබීමයි සිදුවුණේ. ඒ නිසා අපි මේ නාථ දේවාලය මූලික කරගෙන රජතුමාගේ 192 වැනි සංවත්සරය පවත්වන්න අදහස් කළා.

මීට පෙර අපි එම සැමරුම් පූජාව සෑම වසරකම සිදුකළේ ගුරුදෙණියේ තියෙන නායක්කාර් රාජ වංශයට අයත් දේවාලයක. ඒ සැමරීමට මැදමහනුවර, ගුරුදෙණිය, තලාතුඔය, බලගොල්ල ප්‍රදේශවල ඉන්න අපේ පරම්පරාවේ සාමාජිකයෝ සියලු දෙනාම එකතු වුණා.

රාජසිංහ රජතුමා 1815 වෙනතුරු මේ රට පාලනය කළා. 1832 ජනවාරි 30 වැනිදා හවස 3.00ට පමණ ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශයේ තිපුමහල් කියන මාලිගාවේදී තමයි එතුමා මරණයට පත්වුණේ. ඒ අනුව වෙල්ලෝර්වල ඒ මාලිගාව ආසන්නයේ තියෙන ගංගාව ළඟ රජතුමාව සිහිවෙන්න ස්මාරකයක් හදලා තියෙනවා. එතැන තමයි රජතුමාව ආදාහනය කරලා තියෙන්නේ. ඒ තැන අද වෙනකොට කෝවිලක් බවට පත්වෙලා. ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයෙක් වුණු කරුණානිධි
මහත්තයා තමයි ඒක කෝවිලක් විදියට සංවර්ධනය කළේ. ඉතින් බොහෝ දෙනෙක් එතැනට ඇවිල්ලා වැඳුම් පිදුම් කරනවා. ලංකාවේ ස්වාමින්වහන්සේලා පිරිසකුත් ඒ කෝවිල නරඹන්න වැඩම කරලා තිබුණා මෑතකදී.

ගුරුදෙණියේ අපේ ගම් ප්‍රදේශයේ ඇළක් ගලාගෙන යනවා. ඒ ඇළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් කරවපු එකක්. ගොවි ජනතාවගේ කෙත් වතුවලට ජලය සැපයීම සඳහා තමයි ඒ ඇළ කප්පවලා තියෙන්නේ. ඒ වගේම ඇළ කැපීමෙන් රජතුමා බලාපොරොත්තු වෙලා තියෙනවා තලාතුඔය සහ ගුරුදෙණිය පහළ කොටස අතර අමුණක් නිර්මාණය කරන්න. නමුත් රජතුමාගේ ඒ කටයුත්ත ඉටුකරන්න හැකිවෙලා නෑ. කොහොම හරි රජතුමාගේ මරණයෙන් පස්සේ 1840 අපේ සීයා කෙනෙක් ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔහු තලාතුඔය, ගුරුදෙණිය ප්‍රදේශවල අමුණු නිර්මාණය කරලා ගොවි ජනතාවට ජලය ලබාගැනීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. ගුරුදෙණිය හන්දියේ තියෙනවා පැරැණි අටුවක්. ඒ අටුවේ සෑම වසරකම සහල් මංගල්‍යයක් පැවැත්වෙනවා. ඒ සහල් මංගල්‍යයට අපේ සීයා තමයි සහල් පූජා කරලා තියෙන්නේ. ගුරුදෙණිය අවට තිබුණු ඉඩකඩම් පවා අපේ සීයා පන්සලට පූජා කරලා තියෙනවා. ඒ වගේම අපේ සීයා සහ පරම්පරාවේ වැඩිහිටියෝ ගමට වගේම මේ මාතෘභූමියට විශාල සේවයක් කරලා තියෙනවා. රජතුමාට හතුරුකම් කළා කියලා අපි කා එක්කවත් තරහා නෑ. අපි මේ රටට හරිම ආදරෙයි. රජතුමා අවසාන මොහොතේ ඒක අපේ සීයට කියලා තිබුණා.
අද අපි මේ සැමරීම කිරීමේ බලාපොරොත්තුව තමයි රජතුමාගේ ආත්මය හොඳ තැනකට යන්න ඕනේ කියන එක. ඒ වගේම රටට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන්. අපේ පරම්රපාවේ අයගේ ලොකු බැඳීමක් තියෙනවා බෞද්ධ දර්ශනයත් එක්ක. රජතුමා ජීවත්ව ඉන්න කාලේ පවා අපේ ගෙවල්වල බෞද්ධ ධර්මය සහ හින්දු ධර්මය එක හා සමානව හදාරලා තියෙනවා. ගුරුදෙණිය පන්සල නිර්මාණය කරන්න අපේ පරම්පරාවේ මුතුන්මිත්තෝ තමයි දායක වෙලා තියෙන්නේ. අදටත් අපේ ගෙවල්වල බෞද්ධ වත්පිළිවෙළත් සිදුකරනවා. අපේ පරම්පරාවේ කෙනෙක්ගේ ගෙදරක මරණයක් සිදුවුණොත් ගමේ පන්සලේ ස්වාමින්වහන්සේලා වැඩමවලා පාංශුකූලය දෙන එක අපි අනිවාර්යයෙන්ම සිදුකරනවා. ඒකට හේතුව අපි බෞද්ධාගමත් එක්ක බොහොම තදින් බැඳී ඉන්න නිසා. රජතුමාත් බෞද්ධාගම වැලඳගත්ත කෙනෙක්. ඒ නිසා රජතුමාට කරන ගෞරවයක් විදියට අපි බෞද්ධාගමට ගොඩක් ළැදියාවක් දක්වනවා. හින්දු ආගමට වඩා අපි බෞද්ධ වත්පිළිවෙළත් තමයි ගොඩක් සිදුකරන්නේ.

හින්දු ආගම සහ බෞද්ධාගම කියන්නේ ගොඩක් සමාන ආගම් දෙකක්. බුද්ධත්වයට පත්වෙන්න කලින් සිදුහත් තාපසයත් හින්දු ධර්මය හදාරලා තියෙනවා. නිවනට යන මාර්ගය බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන පසුකාලීනව උන්වහන්සේ ඒක අපිට පෙන්වා දුන්නා. ඒ නිසා අපි මේ ආගම් දෙකටම ගරු කරන්න ඕනේ. සමහරු මේ ආගම් දෙක අතර ප්‍රශ්න ඇතිකරන්න හදනවා. නමුත් අපි හැමෝම සමගියෙන් ඉන්න ඕනේ. අපි අතර වෙනසක් නෑ. හින්දු අය පන්සලට යනවා, බෞද්ධ අය කෝවිලටත් යනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම සමගියෙන්, හැම ආගමකටම ගරු කරමින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.

Uncut news යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ගිය අවුරුද්ද ළමයින්ට අන්තිම නරකයි! අවුරුදු 18ට අඩු ළමයි 270ක් සියදිවි නසාගෙන! Sri Lanka Latest News

Next Post

වාහන උපාංග දේශීයව නිපදවීම තුළින් බිහිවූ නව කර්මාන්තයේ පෙරගමන්කරු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.