• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මොකද වුණේ? මාලිමා ආණ්ඩුව ඉවරයිද? Sri Lanka Latest News

February 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ මොකද වුණේ? මාලිමා ආණ්ඩුව ඉවරයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේදී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා සඳහන් කළා. රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි. විජිත හේරත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මෙන්ම රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සිදුකෙරුණු සංවාදයක් මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතා සිය SAY the TRUTH යූටියුබ් නාලිකාවට පසුගිය 28 වැනිදා එක්කර තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පූජ්‍ය කැකිරාවේ සුදස්සන ස්වාමින්වහන්සේ සමග සිදුකළ එම සංවාදයෙන් උපුටා ගත් කොටසක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

සේපාල්
හාමුදුරුවනේ අපිට ලොකු අත්දැකීමක් තියෙනවා අපේ සමාජයේ හොරු සහ බොරු ගැන. හැබැයි හොරකම්වලට නඩු දැම්මට බොරුවලට නඩු දාන්න අමාරුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටම ගෙනාපු වාහන විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා නේද?

සුදස්සන හිමි
ගෝල්ෆේස් එකේ සංදර්ශනයකුත් දැම්මනේ වසන්ත. එහෙම කළේ එයාට ගැළපෙන වාහනේ හොයාගන්න.
සේපාල්
චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කිව්වා. නමුත් ඒක අභියෝග කළේ නෑ කවුරුවත්. එහෙම එකක් පදිනවා කියලා.

සුදස්සන හිමි
මම හිතන්නේ එහෙම නම් එයා එන්න ඇත්තේ තමන්ට ගැළපෙන වාහනේ එතැනින් තෝරගන්න.
සේපාල්
එහෙම තමයි දැන් අපිට හිතන්න වෙන්නේ. මොකද දැන් හැමෝටම සෑහෙන වටිනා වාහනයක් ලැබෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. හාමුදුරුවනේ මේ කතාව ඇත්තද?
සුදස්සන හිමි
විජිත හේරත් අමාත්‍යවරයා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා තමයි ඒ ප්‍රකාශය කළේ. ඔහු එතැනින් විශාල බොරුවකුත් කිව්වා. ඒ කියපු බොරුව තමයි වාහන පර්මිට් අහෝසි කළේ ඒගොල්ලොයි කියලා. අපි ඇත්ත කතා කරගෙන යන එක තමයි වඩාත් වටින්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එක නතර කළේ. මේගොල්ලෝ කරපු නැති දේවල් තමන් කළා කියලා කියනවා. වාහන පර්මිට් දෙන එක නතර කළේ ගෝඨාභය රාජපක්ෂ. ඊළඟට දැන් වාහන පර්මිට් දෙන එකේ තිබ්බ එක විශේෂත්වයක් තියෙනවා. මන්ත්‍රීවරයාට වාහන පර්මිට් එක දුන්නට පස්සේ ඔහු තමන්ගේ සල්ලිවලින්නේ වාහනේ ගෙන්නගන්න ඕනේ. ආනයනික බදු එයාට වදින්නේ නෑ. තමන්ගේ සල්ලිවලින් තමයි හැබැයි වාහනේ ගෙන්නගන්න ඕනේ. නමුත් මේ මාලිමා ආණ්ඩුව කරන්න යන්නේ මොකක්ද දන්නවද? මෙයාලා කියපු දේම තමයි වැඩකරන ජනතාවගේ බදු සල්ලි විනාශ කරන්න එපා කියන එක. මෙයාලා පරණ පාලකයන්ට බැන්නෙත් ඒක කියලනේ. තමන්ගේ සුඛවිහරණය, සැපය උදෙසා වැඩකරන හදේ සෝගිනි තියෙන ඇවිළෙන ජනතාවගේ බදු සල්ලි විනාශ කරන්න එපා කිව්වා. හැබැයි දැන් මේගොල්ලෝ කරන්න යන්නේ රජයේ වියදමින් වාහන 225ක් මන්ත්‍රීවරුන්ට ගේන්න. අනෙක් මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න නෙවෙයි, තමන්ගේ 159 දෙනාට විතරක් වාහන ගෙනාවොත් දෝස්මුර එනවනේ. ඒක නිසා ඔක්කොම කළමනාකරණය කරගෙන මහජනතාවටත් ලස්සන සංදර්ශනයක් පෙන්නලා, ටොක්කක් ඇනලා මන්ත්‍රීවරු 225ටම තමයි වැඩකරන්න වාහන ඕනේ කියලා. බස් එකේ ඇවිල්ලා වැඩ කරනවා කියපු කට්ටියනේ මේ. ඔවුන් කියපු කතා මම මේ කියන්නේ. ඒ සුරංගනා කතාවලටනේ මිනිස්සු රැවැටුණේ. දැන් මේ කරන්න යන්නේ 159 දෙනාට සැපය දෙන්න ඒගොල්ලන්ට බොහොම හොඳ වාහන ටිකක් ගෙනල්ලා දෙන්න. 225ටම බජට් එක හදලා 159 දෙනා පිනවන්න තමයි මේ හදන්නේ. ඒකට සම්පූර්ණයෙන් රජයේ මුදල් තමයි වැයවෙන්නේ. එහෙම නැතුව බුරම්පි මාමා හරි සේතං අයියා හරි සල්ලි එවන්නේ නෑ. වැඩකරන ජනතාවගේ බදු මුදල්.

ඊළඟ හොඳම එක තමයි අවුරුදු 5 ඉවර වුණාට පස්සේ ක්ෂය වීමේ අගයට දාලා ඉතුරු මුදල් ටිකත් ගෙවලා වාහනේ ගෙදර අරගෙන යන්නත් පුළුවන්. අපි හිතමු කෝටි දෙකකට එක වාහනයක් ගෙනාවා කියලා. ඒක ක්ෂය වීමේ ගාස්තුව විදියට ලක්ෂ 150ක් අඩුකළාම තව ගෙවන්න ඕනේ ලක්ෂ 50යි නේ. ඒක ගෙවලා වාහනේ ගෙදර අරගෙන යන්න පුළුවන්. මම දන්නේ නෑ මන්ත්‍රීවරු 159 දෙනාගේ ගෙදර අරගෙන යන්න දෙනවද, එහෙම නැත්නම් පැලවත්තේ කාර්යාලයට ගන්නවද කියන එක. පැහැදිලිවම දන්නවා මේගොල්ලෝ ගෙන්වන්නේ ඇල්ටෝ නෙවෙයිනේ. සාමාන්‍ය සැපපහසුවට යන්න පුළුවන් වාහන.

සේපාල්
ආණ්ඩුව තියෙන වෙලාවේ මහින්ද රාජපක්ෂලා හෝ රනිල් වික්‍රමසිංහලා කරපු විදියේ හොරකම් කරන්නේ නැතුව වෙන විදියේ හොරකම් කරන්නද මේ සූදානම් වෙන්නේ?

සුදස්සන හිමි
ජනතාවටත් කොකා පෙන්නලා, බොරු මවලා, සුදු රෙදි ඇඳගෙන ඉන්නවා කියන කාරණාව කියලා, වෙනත් විදියකට මහජන මුදල් විනාශ කිරීමක් කරන්න යන්නේ. මේකේ තියෙන අනිත් කාරණාව තමයි මේ වාහන 159 අවුරුදු 5 ඉවර වුණාට පස්සේ මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව ගෙදර අරගෙන යන්න දෙනවද? පැලවත්තේ කාර්යාලයට ගන්නවද? කියන එක ඒගොල්ලන්ගේ දේශපාලන මණ්ඩලය තීරණය කරන්න ඕනේ දෙයක්. මේ අවුරුදු 5න් පස්සේ මේගොල්ලන්ගේ දේශපාලනය ඉවරයිනේ. ආයෙත් මේගොල්ලන්ට බලය ගන්න කවුරුවත් මේගොල්ලො කියන සුරංගනා බොරු කතාවලට මිනිස්සු රැවැටෙන්නේ නෑ. දේශපාලනයක් ඉවරයි කියන්නේ පැවැත්මක් නෑනේ.

සේපාල්
නාමල් කරුණාරත්නත් හුඟක් මේ මාතෘකාවට ආපු කෙනෙක් නේද?

සුදස්සන හිමි
අපේ සිංහල ජන සමාජයේ කියන දෙයක් තමයි ‘මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි’ කියන එක. ඔබට මතක ඇති අමුඩ ගස්සලා, උදලු කරේ තියාගෙන ගොවියෝ කොළඹට ගෙන්වපු පුද්ගලයෝනේ මේ නාමල් කරුණාරත්න ඇතුළු පිරිස. නාමල් කරුණාරත්න තමයි ගොවි සංවිධානවල නායකයා හැටියට හිටියේ. ඔහුගේ පරණ කතාවල කියපු දේවල් තමයි ගොවියා සූරාකනවා, වීවලට සහතික මිලක් නෑ, බත සරිකරලා දෙන ගොවියා හැමදෑම දුප්පත්කමේ ඉන්නවා කියලා උගුර ලේ රහ වෙනකල් කෑගහලා තමයි නාමල් ගොවියෝ ගැන එදා කතා කළේ. ඒ නාමල් කරුණාරත්න අද රූපවාහිනී වැඩසටහනක කියනවා ගොවියාගේ වීවලට සහතික මිලක් ඉල්ලන එක සාධාරණ නෑ කියලා. මම බැලුවා මනුස්සයෙක්ට මෙහෙම වෙනස් වෙන්න පුළුවන්ද කියලා. නාමල්ට දැන් පසුගිය සමස්ත අතීතයම අමතක වෙලා. ඒක හින්දා වෙන්න ඇති ඔහු එහෙම කියනවා ඇත්තේ. ඔහු කියනවා ගොවියෝ සහතික මිල ඉල්ලන්නේ බුලත් විටට, බීඩි සිගරට්වලට යන ගානත් ඒකට එකතු කරලයි කියලා. බත සරිකරන ගොවියා අමුඩ ගස්සලා ගොවි අයිතිවාසිකම් වෙනුවෙන් කොළඹට ගෙනාපු ගොවියා නිකන්ම නිකන්ම බුලත් හපයකුයි බීඩි සුරුට්ටුකාරයෙකුයි කළානේ. දැන් ගොවි ජනතාවගෙන් අහන්න තියෙන්නේ මේකද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ආත්ම ගෞරවය කියලා.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වඩා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ඡන්දේ දුන්නනේ. දැන් ඕගොල්ලන්ට පොහොසත් – රටක් ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන්නේ කොහොමද දන්නවද? ඕගොල්ලෝ දුන්න ඡන්දෙට දෙන වටිනාකම තමයි ඒ. බීඩි සුරුට්ටු, බුලත්විට කාලා රජයෙන් අසාධාරණ ඉල්ලීම් ඉල්ලනවා කියලා. මෝල්කාරයෝ වෙනුවෙන් පෙනී ඉන්නවද කියන්න මම දන්නේ නෑ. මේ කැබිනට් ප්‍රකාශනයි ජනාධිපතිගේ ප්‍රකාශනයි පරස්පරයිනේ. වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේ කියනවා අමාත්‍යවරයෙක් හැටියට මේ මෑතකදී, වී මෝල් මාෆියාව තියෙනවා. මෝල්කාරයෝ වී හංගනවා කියලා. අනුර කුමාර දිසානායක ඊයේ පෙරේදා සටන වැඩසටහනට ඇවිල්ලා කියනවා වීමෝල්කරුවන් හාල් හංගනවා කියන එක බොරුවක් කියලා. වසන්ත සමරසිංහ කියන කතාවද අපි පිළිගන්න ඕනේ, රටේ ජනාධිපති කියන කතාවද?

සේපාල්
මේ තරම් විසංවාදී වෙලත්, මේ තරම් පරස්පර වෙලත් ඉස්සරහට යන්න පුළුවන්ද?

සුදස්සන හිමි
ඒකට හේතුව තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා රටේ ජනතාව කියන්නේ පුන්නක්කු බයියෝ කියලා. මේගොල්ලො ‘බයියා’ කියන වචනය හදලා රටේ මහජනතාවට සම්පූර්ණයෙන්ම අපහසා කළානේ. මම කියන්නේ 3% නෙවෙයි, ඉතුරු කොටස බයියෝ නෙවෙයි. ඒගොල්ලෝ බයියෝ නම් මෙහෙම පරිවර්තනයකට එන්න විදියක් නෑනේ. හොඳම බයියෝ ඉන්නේ ජේ.වී.පී. එකේ. ඒගොල්ලෝ ජෙබයියෝ. මෙයාලා හිතනවා මේගොල්ලෝ පන්ති 5 කරලා හදපු කාඩර් එක වගේ මෙයාලා කියන ඕනේ බොරු කතන්දරයක් මේ රටේ සමස්ත ජනතාව විශ්වාස කරයි කියලා. පුන්නක්කු සහ තණකොළ කන අය හැටියටනේ මේගොල්ලෝ මිනිස්සුන්ට කතාකරන්නේ. හැබැයි ඕගොල්ලන්ව මිනිස්සු විශ්වාස කළා වගේ තමයි ඕගොල්ලන්ව අවිශ්වාස කරන්න පටන්ගත්තට පස්සෙත්. මාලිමා දායක සභාවේ පින්වතුන් සෑහෙන හෑලි ලියනවනේ මේගොල්ලන්ව සුද්ද කරන්න. පදරංග ජාතකය වගේ දිග හෑලි ලියනවා. ඒවා කියවන්නත් බෑ. කියවලා වැඩකුත් නෑ.

හොඳම වැඩේ තමයි මේගොල්ලන්ගේ කුණු කතා, මෝඩ කතා දායක සභාව හේදුවට, දායක සභාවේ ලොන්ඩරි ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා ඒකට. දැන් රටේ ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ ලොන්ඩරි ජනාධිපති කෙනෙක් වෙන්න. ජනාධිපතිට සිද්ධ වෙලා තියෙනවා මාසයකට සැරයක් සිරස සටන වැඩසටහනට ගිහිල්ලා ඒ මාසේ පුරා තමන්ගේ 159 දෙනා නාන ඒවා ටික, මඩ ගාගන්න ඒවා ටික හෝදන්න. කොහොමද හෝදන්නේ? මම මේ පෑන තියාගෙන ඉන්න එකේ අර්ථය මේකයි, මේ කොළේ තියාගෙන ඉන්න එකේ අර්ථය මේකයි, නාමල් කරුණාරත්න කියන බුලත්විට සිගරට් කතාවේ අර්ථය මේකයි, පොල් නැතුව සම්බෝල හදන්නේ මෙහෙමයි, පොල් කිරි නැතුව කිරි හොදි හදන්නේ මෙහෙමයි කියලා පැහැදිලි කරන්න ජනාධිපතිවරයාට අද සිදුවෙලා තියෙනවා. හැබැයි අපි ඒ.කේ.ඩී. ජනාධිපතිතුමාට කියන කතාව තමයි, තව සටන වැඩසටහන් දෙක තුනකට යන්නකෝ. අද ඔයා කියන ඔය පැහැදිලි කිරීම් අටුවාව අද මිනිස්සු අහයි. හෙටත් අහයි. අනිද්දා අහන්නේ නෑ ජනාධිපතිතුමනි. ඔයාගේ ලොන්ඩරියත් කැඩෙන දවස ඉතාම ළඟයි, මේ විදියට නම් ඕගොල්ලෝ ක්‍රියා කරන්නේ.

කරුණාකරලා මහජනතාවට ඇත්ත කියන්න. තක්කඩි දේශපාලනයක් කරන්න එපා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ ගමන් මාර්ගය කියන්නේ ජනතාවට පුළුවන් තරම් බොරු කියලා, ජනතාවට බදු පටවලා, හාලුත් නෑ, පොලුත් නෑ, කැඳත් නැති තත්ත්වයට මිනිස්සුන්ගේ ජන ජීවිතය පත්කරලා, දුන්න පොරොන්දු ඉටුකරන්නේ නැතුව, හෙටත් ගොවියා මහ පාරේ තමයි. ඕගොල්ලෝ වාහන අරගෙන එපාර්ට්මන්ට් අරගෙන හොඳට ඉන්න පාර්ලිමේන්තුවේ.

SAY the TRUTH යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඉල්ලා අස්වෙන එක ඉවරයක් නෑ! 6 වැනි සභාපතිත් ඉල්ලා අස්වුණා! මේ පාර පරමාණුක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රෝසා! I Sri Lanka Latest News‍

Next Post

ගිය අවුරුද්ද ළමයින්ට අන්තිම නරකයි! අවුරුදු 18ට අඩු ළමයි 270ක් සියදිවි නසාගෙන! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.