කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය පුද්ගලයා ජාතික රෝහලේම වෛද්‍යවරයෙක් බවට සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබේ.
අද දහවල් කාලයේදී මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත පැමිණ කාර්යාලයේ සිටි සේවකයෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කොට මුදල් දමා තිබු සේප්පුව බලහත්කාරයෙන් විවෘත කොට එහි තිබු මුදල් ලක්ෂ 70ක් අඩංගු මල්ලද රැගෙන පළා ගොස් තිබිණි.
පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මගින් පියවර ගෙන තිබූ අතර පිස්තෝලයද සෙල්ලම් එකක් බව අනාවරණය විය.










