හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක් යොදාගෙන ආරක්ෂක අංශ වෙත නිකුත් කරන විශේෂ නියෝගක් ලෙස කරුණු ඇතුළත් කරමින් දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට එම ජාවාරම සිදු කිරීමට අවසර දෙන ලෙස කරුණු ඇතුළත් කරමින් හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නට නිකුත් කරන ලද නියෝග ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. Sri Lanka Latest News
හිටපු පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.
මෙම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යොමු කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ආරක්ෂක ලේකම් වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට යොමු කර ඇති බව පොලීසිය වැඩිදුර වාර්තාවක් යොමු කරමින් අධිකරණයට දන්වා සිටියා.
හිටපු පොලිස්පතිවරයාද මේ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස් දී ඇති බවත් මෙම ලිපිය ව්‍යාජ ලිපියක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලීසියට නියෝග කළා.
hirunews










