ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ.Sri Lanka Latest News
සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15කට පමණ පසුව වීම විශේෂත්වයකි.
පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය.
එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණි.
පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.










