• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්න යන්න වලාකුළු වනාන්තරේ ඇවිදින්න! දැන් පිරිසිදුව තියෙනවා – ලස්සනටත් හදලා! Sri Lanka Latest News

January 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එන්න යන්න වලාකුළු වනාන්තරේ ඇවිදින්න! දැන් පිරිසිදුව තියෙනවා – ලස්සනටත් හදලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැලෑ කොලමේ අප ගහකොළ සතා සිවුපාවාට පරිසරයට යහපතක් වන ඕනෑම දෙයක් අගයන්න සහ ප්‍රශංසාත්මකව කතාකරන්නට දෙවරක් නොසිතන්නෙමු. අප අද ඔබට කියන්නේද එවැනි දෙයක් පිළිබඳවය. ඒ, අන් කිසිවක් නොව, නිස්කෝ ලෝක උරුමයක් වන වලාකුළු වනාන්තරය හෙවත් හෝර්ටන්තැන්න පිළිබඳවයි.

කාලයක් අඩපණව, නඩත්තු නොවී තිබූ හෝර්ටන් තැන්නේ පොදු පහසුකම් හා අනෙකුත් යටිතල පහසුකම් මේ වනවිට ක්‍රමයෙන් ස්ථාවර මට්ටමට පැමිණෙමින් ඇති බව පසුගිය දිනෙක එහි සංචාරයක නිරත වූ මෙම ලියුම්කරුට දැකගත හැකි විය. කැඩී බිඳී පිළිසකර නොකර තිබූ පට්ටිපොළ පිවිසුම අලංකාරවත් ලෙස යථා පරිදි ඉදිවෙමින් තිබෙන අතර, ඒ ආශ්‍රිතව මහජන වැසිකිළි පද්ධතියද ඉතා හොඳින් අලුතෙන් ඉදිකර තිබේ. එසේම සෙසු යටිතල පහසුකම්ද ඉතා උසස් මට්ටමකින් අලුත්වැඩියා වෙමින් පවතී. එම කටයුත්ත සිදුකරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ස්තුතිය මේ මොහොතේ පළකළ යුතුය. එසේම දෙස් විදෙස් සංචාරකයන්ගේ යහපත උදෙසා ඉදිකෙරෙන මෙම සියලු පහසුකම් සුරැකීම සංචාරකයන්ගේ සහ හෝටන්තැන්නට ආදරය කරන හැමගේ වගකීමකි.

තොටුපළ කන්ද මාර්ගයේ පාමුල ඇති වැසිකිළි පද්ධතියද ඉතා හොඳින් නඩත්තු කර ඇත. කසළ කළමනාකරණයද යහපත් මට්ටමකට සිදුවන බව පෙනෙන්නට තිබේ. එහෙත් ඇතැම් සංචාරකයන් තවමත් අවිධිමත් ලෙස කසළ බැහැර කරන බැවින් වනජීවී නිලධාරීන් ඔවුන් දැනුවත් කරමින්, එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ලියුම්කරුගේ අදහසයි.

එසේම ලෝකාන්තය මාර්ගයේද පොදු වැසිකිළි කිහිපයක් ඉදිකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව පෙනෙන්නට තිබේ. එය සංචාරකයන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම පරිසර කලාපය පොලිතින්වලින් තොර ප්‍රදේශයක් බවට පත්කිරීමද වැදගත් වන අතර, අවිධිමත් ලෙස පොලිතින් බැහැර කරන්නන් ගැන අවධානයෙන් සිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද අත්‍යාවශ්‍යය. එමෙන්ම ඝෝෂාකාරී සංගීතයද මෙම පරිසර කලාපය තුළ තහනම් කිරීම පරිසරයේ සහ වන සතුන්ගේ යහපත පිණිස ගත හැකි තවත් වැදගත් තීරණයකි.

පරිසරහිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස හෝටන්තැන්න දියුණු කිරීම පරිසරයට ආදරය කරන පුරවැසියන් ලෙස අපගේ අරමුණයි. නිලධාරීන්ට පමණක් එම කටයුත්ත සිදුකළ නොහැකි අතර, පරිසරය රැකගැනීම සෑම කෙනකුම තම පෞද්ගලික වගකීමක් ලෙස සිතන්නේ නම් එය වඩාත් පහසු වනු ඇත. එසේ වන්නේ නම්, අනාගත පරපුරට මේ සුන්දර වලාකුළු වනාන්තරයේ සුන්දරත්වය අත්විඳීමට පුළුවන් වනු ඇතැයි යන්න කැලෑ කොලමේ අපේ විශ්වාසයයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රහසිගත තීන්දුවක් ජනාධිපතිටයි කතානායකටයි යවයි! I Sri Lanka Latest News

Next Post

ආචාර්ය තනතුරක් නිසා කතානායකකම නැතිකර ගත් අශෝක රන්වල කාලෙකට පස්සේ එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.