• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහින්ද සහ ජවිපෙ ආදර කතාව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
අපි පක්ෂයක් විදිහට තීන්දු කළා 2005දි මහින්දව දිනවන්න! අපි නැත්නම් මහින්ද දිනන්නේ නෑ! අපි තමයි කැම්පේන් එක කළේ! ජවිපෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ආ රාජපක්ෂලාට දැන් හම්බන්තොට ගිහින් දේශපාලනය කරන්න පුළුවන්ද…?’Sri Lanka Latest News

මේ, හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න පාර්ලිමේන්තුවේදී එවක විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ කට වහපු හැටිය. මහින්ද දිගින් දිගටම තරුණ තරුණියන් අතුරුදන් වෙන හැටි කියද්දී රන්ජන් එලෙස පිළිතුරු දෙද්දී මහින්ද ලැජ්ජාවට පත්විය.

1988-89 ජවිපෙ කැරැලි ගසන විට මහින්ද හම්බන්තොට ශ්‍රීලනිප සංවිධායකවරයෙකි. 1988 ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනියට සහාය ලබාගන්න ජවිපෙ සමග සාකච්ඡා කළ එක් ශ්‍රීලනිප නායකයෙක් වූයේ මහින්දය. මහින්ද ජවිපෙ සමග සාකච්ඡා කළේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හරහාය. ඒත් සාකච්ඡා අසාර්ථක විය. 1988 ජනාධිපතිවරණයෙන් මැතිනිය පරාජය වූයේ ජවිපෙ ඡන්ද වර්ජනය නිසාය. ඉන්පසු මහින්ද ඇතුළු ශ්‍රීලනිප – ජවිපෙ ලව් එක ඉලව් විය.

1989 මහ මැතිවරණයෙන් පසු ජනාධිපති ප්‍රේමදාසට ජවිපෙ මර්දනය කරන්න බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ශ්‍රීලනිපය සහාය දුන්හ. ඔවුන් සහාය දුන්නේ ප්‍රේමදාස කැඳවූ සර්වපාක්ෂික සාකච්ඡා හරහාය. ඒ වෙනකොට මහින්දලාට හම්බන්තොටවත් යන්න නොහැකි විය. කළුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප නායක චන්ද්‍රපාල අබේවීර ජවිපෙ විසින් ඝාතනය කළ විට මහින්දලාද බයවිය. මහින්දලා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරු කොළඹ ඇවිත් හැංගුණි. හැංගිලා ජවිපෙ මර්දනය කරන්න ප්‍රේමදාසට නිහඬ සහායක් දුන්හ. මහින්දලා යළි හම්බන්තොටට ගියේ ප්‍රේමදාස ජවිපෙ මර්දනය කළාට පසුවය. ජවිපෙ මර්දනය කළාට පසු කවුරුත් ජවිපෙ ගැන කතා කරන්නත් බයවිය. ඒත් පාර්ලිමේන්තුව දෙවනත් කරමින් ජවිපෙ අතුරුදන් වූ තරුණ තරුණියන් ගැන කතා කළේ මහින්දය. ප්‍රේමදාස ආණ්ඩුවේ ජවිපෙ මර්දනයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම්වලට ගියේත් මහින්දය. ඔහු සිය බෑගයේ අතුරුදන් වූවන්ගේ පින්තූර රැගෙන කටුනායකින් ජිනීවා මානව හිමිකම් කොමිසමට යන්න හදද්දී රහස් පොලිසිය ඔහුව පරීක්ෂා කළ විට ඔහු අතටම අහුවිය.

ඒත් මහින්ද බයවුණේ නැත. ඔහු අතුරුදන් වූවන්ගේ මවුපිය සංගම් හදාගෙන ප්‍රේමදාසට කෝවිල් ගානේ පොල් ගසමින් පාද යාත්‍රා ගියේය. ජනඝෝෂා පැවැත්වීය. මේ වෙනකොට මිනිස්සු ජේ.වී.පී.කාරයන්ව දැක්කේ ත්‍රස්තවාදීන් ලෙසය. එයට හේතුව ජවිපෙ නිල නොවන ඇඳිරිනීතිය යටතේ මිනිස්සු වින්ද දහදුකය. මිනිස්සු ප්‍රේමදාස ආණ්ඩුවට ජවිපෙ මර්දනය කරන්න සහාය දුන්නේත් මේ දහදුක නිසාය. ජවිපෙ මර්දනය වූවාට පසු ඉතිරි වූ ජවිපෙ ක්‍රියාකාරීන් හැංගුණේ ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනයටත් වඩා මිනිස්සුන්ගේ වෛරයට බයේය.

මිනිසුන්ගේ මේ ජවිපෙ වෛරය නැති කළ එකම මිනිසා මහින්ද රාජපක්ෂය. ඔහු ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහපු ඝාතනය වූ ජවිපෙ තරුණ තරුණියන් කෙරෙහි මිනිසුන්ගේ තිබූ වෛරය නැතිකර ඔවුන් කෙරෙහි අනුකම්පාව ඇති කළේය. ජවිපෙ මර්දනය කොට වීරයෙක් වූ ප්‍රේමදාස පසුව මිනීමරුවෙක් ලෙස හංවඩු ගැසුණේ මහින්දලාගේ ජවිපෙ ලේ හෝදපු කැම්පේන් එක නිසාය. ජවිපෙ යූ.ඇන්.පී.යට එල්ල කළ තුවක්කුව ශ්‍රීලනිපයටත් එල්ල කළාට පසු ශ්‍රීලනිපය ජවිපෙ ආරක්ෂා කිරීම අතහැරියේය. යළිත් ශ්‍රීලනිපය ජවිපෙ ආරක්ෂා කරන තැනට ගෙන ආවේ මහින්දය.

හැබැයි 1994 ශ්‍රීලනිපය යළි බලයට ආ පසු මහින්දට හම්බන්තොටින් පළමුවැනි දේශපාලන තර්ජනය ආවේ ජවිපෙන්ය. මහින්ද ජවිපෙට බයවිය. හම්බන්තොට තම දේශපාලන ආධිපත්‍යය කඩන්න ජවිපෙ හම්බන්තොට ශක්තිමත් වීම මහින්ද ඉවසුවේ නැත.

1994 සිට 2004 දක්වා කාලයේ මහින්දගේ පරම හතුරා වූයේ ජවිපෙය. ජවිපෙ පරම හතුරා වූයේත් මහින්දය. 2004 දී ශ්‍රීලනිපය ජවිපෙ සමග සන්ධානගත වනවිට මහින්ද එම සන්ධානය කඩාකප්පල් කරන්න නොකළ දෙයක් නැත.

හැබැයි 2004 මහ ඡන්දය ශ්‍රීලනිපය දින්නේ ජවිපෙ නිසාය. එම මහ ඡන්දයෙන් ශ්‍රීලනිපය දින්නත් ජවිපෙට ආසන විශාල සංඛ්‍යාවක් හිමිවූයේ හිටපු ශ්‍රීලනිප මැති ඇමැතිවරු පරාජයට පත් කරමිනි. ඒ වෙලාවේ ජනාධිපති සහ ශ්‍රීලනිප නායිකා චන්ද්‍රිකා හොඳටම බයවිය. ඇය ජවිපෙ නැග්මට කොයි තරම් බය වූවාද කියනවා නම් ඇයගේ දේශපාලන හතුරෙක් ලෙස ඇය සලකපු මහින්දට අගමැතිකම දෙන්න තීරණය කළේ ජවිපෙ නැග්ම පාලනය කරන්න හොඳම මිනිසා ජවිපෙ එක්ක බය නැතිව හැප්පුණු මහින්ද නිසාය. ඇයගේ එම තීරණයට බලපෑ ප්‍රධාන හේතුව මහින්දට අගමැතිකම නොදෙන ලෙස ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇයට යවපු ලිපියය. ඇය ජවිපෙ තර්ජන නොතකා මහින්දව අගමැති කළේය.

ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් වන්නේ එවක කෘෂිකර්ම ඇමැති වූ ජවිපෙ මන්ත්‍රී අනුර කුමාරගේ වැව් දසදහසේ ව්‍යාපෘතියේ දූෂණ ගැන කියමින් චන්ද්‍රිකා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් මහින්ද මාධ්‍යයට ලීක් කළාට පසුවය. ජවිපෙ එය නොදැන වෛර බැඳගත්තේ චන්ද්‍රිකා එක්කය. මහින්දත් ඒකට පෝර දැම්මේය. අන්තිමේදී මහින්දව 2005 ජනාධිපති අපේක්ෂකයා කරන්න ජවිපෙ කැමැත්ත ප්‍රකාශ කළේ චන්ද්‍රිකාට ගේම දෙන්නටය. මහින්දව කරේ තියාගෙන ගියේ ජවිපෙය. මහින්ද දින්නේත් ජවිපෙ නිසාය. 2004 සිට 2006 වනතෙක් මහින්ද සහ ජවිපෙ හොඳ හනිමූන් එකක් ගියහ. 2006න් පසු මහින්ද ජවිපෙ දෙකඩ කළේය. ජවිපෙ හතර ගාතේ වැටී 2010 ජනාධිපතිවරණයේ ෆොන්සේකා දිනවන්න යූ.ඇන්.පී.ය සමග සන්ධානගත විය. 2006 සිට 2024 දක්වා මහින්ද ජවිපෙ ගණන් ගත්තේ නැති වුණත් ජවිපෙ පරම හතුරා මහින්ද විය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කරන්න යූ.ඇන්.පී. පොදු අපේක්ෂක මෛත්‍රීපාල දිනවන්න ජවිපෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේත් නැත. 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවට අනුර එන්නේත් මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලට පාඩමක් උගන්වන්නටය.

අනුර සහ ජවිපෙ හිතන්නේ මහින්දව ඉවර කළොත් ශ්‍රීලනිපය දුර්වල වී ඉන් කොටසක් ජවිපෙට දිනාගන්නටය. ඒත් ජවිපෙ උපාය වැරැදී මෛත්‍රී-රනිල් ආණ්ඩුවට පන්දම් අල්ලන්න ගොස් ජවිපෙ තවත් වැටුණි. රාජපක්ෂවරු යළි බලයට පත් විය.

2006 සිට 2022 දක්වා ජවිපෙ පරම හතුරා මහින්ද වූවාට මහින්ද හිතුවේ ජවිපෙ හැමදාම 3% පක්ෂයක් කියලාය. ඔහු ජවිපෙට අත තිබ්බෙවත් නැත. ජවිපෙ කොටසක් කඩාගෙන ගොස් පෙරටුගාමී පක්ෂය පිහිටුවූ විට මහින්ද උදව් කළේ අනුරටය. මහින්දගේ ආණ්ඩුව පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගෙන අනුරව ශක්තිමත් කළේය.

2022 අරගලය පටන්ගත්තේ ජවිපෙ නොවේ. පෙරටුගාමීන්ය. අනුර සහ ජවිපෙ ඒ වෙලාවේ රාජපක්ෂවරු තරහා කරගන්න බය විය. වෙනකක් තබා අරගලයෙන් ගෝඨා පැනගිය පසු රාජපක්ෂවරු රනිල් ජනාධිපති කරන්න තීන්දු කළ විට අනුර පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ඡන්දයට ඉදිරිපත් වුණේ අනියමින් රනිල්ට සහ මහින්දට සහාය පළකරමින්ය.

ඉන් පසු ජවිපෙ, මහින්ද සහ රාජපක්ෂ පවුලත් පොදුජන පෙරමුණු පක්ෂයත් විනාශ වනු දැක ඒ ඡන්ද ලක්ෂ 69 ගන්න මහින්දලාට ගහන එක බාල කොට පොදුජන පෙරමුණේ හතුරා වූ විපක්ෂ නායක සජිත්ට ගහන්න පටන් ගත්තේය. 2024දී ජවිපෙ පරම හතුරා වූයේ සජිත්ය.

2024 ජනාධිපතිවරණය අනුර දිනන්නේ මහින්ද සහ රාජපක්ෂලාව බිමටම සමතලා කරගෙන ඒ ඡන්දවලිනි.

ජනාධිපතිකමත් ආණ්ඩුවත් ගත්තාට පසු ජවිපෙ බයවෙන්නේ රාජපක්ෂලාට යළි පණ ඇවිත් තමන් රාජපක්ෂලාගෙන් උදුරාගත් ඡන්ද ලක්ෂ 69 රාජපක්ෂලා යළි උදුරා ගනීය කියාය. දැන් අනුර මහින්දටත්, රාජපක්ෂ පවුලටත් ගහන්නේ ඒකය.

මහින්දත් ජවිපෙත් අතර ඇත්තේ දේපළ බෙදාගන්න බැරි වලියකි. ඒ දේපළ නම් පසුව පොහොට්ටුව වූ ශ්‍රීලනිප ඡන්ද පදනමය. මහින්ද එරෙහි ජවිපෙ වලිය ප්‍රේමයත් වෛරයත් අතර වෙනසක් පමණි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බෙහෙත් හිඟයට තිත තියන හැටි GMOA එක කියයි! Sri Lanka Latest News

Next Post

අපි රනිල්ගේ – දිනේෂ්ගේ ගෙදරට යන්නේ නෑ! රනිල්ට දිනේෂ්ට CIDයට එන්න කියනවා! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.