පසුගිය රජය කාලයේ ඖෂධ ගෙන්වීමේදී සිදුව ඇති මහාපරිමාණ දූෂණ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව රහස් පොලිසිය සිදුකරගෙන යන පුළුල් විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ළඟදීම රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
එවැනි අක්‍රමිකතා සිදුවෙද්දී ඒ පිළිබඳ එවක පැවැති රජයේ ඇමැති මණ්ඩලය සාමූහික වගකීම දරා ඇති අන්දම ගැන එවක සිටි ඇමැති මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලිසිය මේ වනවිට පියවර ගෙන ඇති බව සඳහන්ය.
මීට පෙර ඊට අදාළව හිටපු ජනාධිපති සහ අගමැතිගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඔවුන්ගේ නිවෙස්වලට රහස් පොලිසිය යෑමට අදහස් කර ඇති බවට ඇතැම් මාධ්‍යවලින් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, එම ඖෂධ වංචාවලට අදාළව එවක සිටි ඇමැති මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍යවරුන් පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගැනීම මේ වනවිට සිදුකර ඇති නමුත් තවත් ඉතිරිව ඇති හිටපු ඇමැතිවරුන්ගේද ප්‍රකාශ ලබාගැනීම ඉදිරියේදී සිදුවන බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










