හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
දක්ෂීණ අධිවේගී මාර්ගයේ අගුණුකොළපැලැස්ස පිවිසුමේදී ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගල්කිස්සේ ප්‍රදේශයේ ඉඩමක් මුල්කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බව පැවසේ.
අයතා වත්කම් උපයාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.










