පසුගිය සති කීපය තුළ උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑ ගංවතුර තත්ත්වය මත ආපදා තත්ත්වයකට පත්වූ පවුල් 20,817ක පුද්ගලයන් 68,454 දෙනකු එම තත්ත්වයට මුහුණපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
එම සිද්ධියෙන් ආපදා තත්ත්වයට පත්වූ පවුල් 553ක පුද්ගලයන් 1,587 දෙනකු ආරක්ෂිත මධ්‍යස්ථාන 26ක රඳවා ඇති බවද ඔහු සඳහන් කළේය.
ගංවතුර සිද්ධීන්වලින් මියගිය සංඛ්‍යාව 3ක් වන අතර, තවත් 3 දෙනකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.
ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේද පවුල් 16ක පුද්ගලයන් 49 දෙනකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවද සඳහන්ය.
පසුගිය බදාදා රාත්‍රියේ සිට නුවර, මහියංගනය මාර්ගයට ගල් පෙරළීමේ අවදානම නිසා රාත්‍රී කාලයේ පමණක් එම මාර්ගය තාවකාලිකව වසා මාර්ගය නඩත්තු කටයුතු ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආරම්භ කොට තිබිණි.
ප්‍රේමලාල් විජේරත්න










