අගමැතිනි හරිනි අමරසූරිය ගමන් කරන විට මාර්ග 3ක් වසා දමන බවට චමින්ද විජේසිරි මහතා ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහනෙන්දී චෝදනා කළේය.
එහිදී වැඩසටහනට සහභාගී වී සිටි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් නැගිට යන බවකි.
ඒ අවස්ථාවේදී චමින්ද විජේසිරි මහතා ඊට අදාළ වීඩියෝව සිය ජංගම දුරකතනයෙන් ප්‍රචාරය කිරීමට පියවර ගත් නමුත් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එය නොපිළිගන්නා බවකි.
Sri Lanka Latest News










