රට පුරා විශාල ඖෂධ හිඟයක් මතුව ඇති බවත්, වහාම ඊට මැදිහත් වී පිළියම් ලබා දෙන ලෙසත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඉකුත් ආණ්ඩු සමයේදී ඖෂධ විශාල ප්‍රමාණයක් අඩු මිලට ලබා දුන් බවත්, මේ වනවිට ඇතැම් ඖෂධවල මිල ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එමනිසා රටේ පවතින බරපතළ ඖෂධ හිඟයට වහා පිළියම් යොදා අසරණ රෝගී ජනතාව සුවපත් කරවීමට ආණ්ඩුවක් වශයෙන් පියවර ගන්නා ලෙසද ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය.










