‘සොෆ්ට්ලොජික්’ ව්‍යාපාර සමූහයට අයත් ‘ආසිරි’ පෞද්ගලික රෝහල් ජාලය හා විදෙස් විශ්ව විද්‍යාලයක් සම්බන්ධ කොට MBBS වෛද්‍ය උපාධිය ලබා දීමට මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු වන අශෝක් පතිරගේ මහතා සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව මෙසේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පාඨමාලාවක් දියත් කිරීමට අශෝක් පතිරගේ මහතා සැලසුම් කර ඇත.
දැරිය හැකි මිල ගණන් යටතේ මෙම MBBS වෛද්‍ය උපාධි පාඨමාලාව දියත් කිරීමට දැනටමත් අදාළ බලධාරීන් සමග සාකච්ජා ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.
මෙහිදී වසර 3ක කාලයක් ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ න්‍යායික දැනුමත්, වසර 2ක කාලයක් ආසිරි රෝහල් සමූහයේ සායනික පාඨමාලාවත් ලබා දෙනු ඇති බව පැවසේ.
එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිත බවද අශෝක් පතිරගේ පවසා ඇත.










