• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවසේ සිට ලසන්ත ළඟට! අනුරව බලන්න ඉස්පිරිතාලෙට ගියාම මැතිනියගෙන් බැණුම් කෝටියක්! පොලුවලින් ගහද්දී ලසන්තව බේරගත්තේ රේන්! Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දවසේ සිට ලසන්ත ළඟට! අනුරව බලන්න ඉස්පිරිතාලෙට ගියාම මැතිනියගෙන් බැණුම් කෝටියක්! පොලුවලින් ගහද්දී ලසන්තව බේරගත්තේ රේන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂිත දේශපාලනයේ කඩතුරාවන් රටට හෙළිකිරීමට පෑන් තුඩ මෙහෙයවූ අභීත මාධ්‍ය සෙන්පතියා අප අතැරගොස් මේ වනවිට වසර 16කි. 2025 ජනවාරිය තුළින් ඒ අබිරහස් ඝාතනය යළි වැසී යාවිදෝ යන සැකය ඔහු ළඟින් ඇසුරු කළ මා තුළද ඇති නිසා එය ලියා තැබීමට අදහස් කළේ එය මගේ හෘද සාක්ෂියට වධ දෙන්නක් වූ නිසාය. ඔහුගේ අබිරහස් ඝාතනයත් සමග මාධ්‍ය ජීවිතය නමැති හදවතේ කොනක එකතු වූ වියෝවේ කඳුළු බිඳු ටික තවමත් එකතු වී ඇත්තේ ඔහුගේ රුව සමග යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ලසන්ත වික්‍රමතුංග නමැති මාධ්‍යවේදියා එහෙමත් නැත්නම් එවක ‘සන්’ පත්‍රයේ විශේෂාංග කතුවරයා මා හැඳිනගෙන සිටියේ ‘දවස’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ පදවිය දරන කාලයේදීය. (Sri Lanka Latest News)

1986 ‘සන්’ පත්‍රයේම මාධ්‍යවේදියකුව සිටි රේන් අමරසිංහ සමග ඒ වහල යටම ආදර තෝතැන්නක් සකස් කරගත් ලසන්ත, ඇය සමග විවාහ වී සිටියේ මාධ්‍යවේදී දෙහදක ආදර කතාව සනිටුහන් කරමිනි. පි ඇයව ඇමතුවේ රේන් යන නාමයෙනි. එදා දැන හැඳිනගත් ඒ මාධ්‍යවේදී යුවල පසු කලෙක මෙරට පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධියට පත් මාධ්‍ය දෙපළක් වීමට වැඩි කලක් ගත නොවීය. ඒ, 1990 දෙසැමබ්ර් 30 ‘දවස’ ආයතනය වසාදැමීමෙන් පසුවය. ‘සන්ඩේ ලීඩර්’ පබ්ලිකේෂන් ආයතනය ආරම්භ කර, ‘සන්ඩේ ලීඩර්’ පුවත්පත ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රධාන කර්තෘවරයා වූයේ ලසන්ත වික්‍රමතුංගය. සභාපතිවරයා වූයේ ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතාය. ඒ වනවිට මමද ‘දවස’ වසාදැමීම නිසා සිටියේ තරමක සංක්‍රාන්ති සමයකය.

‘දවස’ වසාදැමූ දිනයට පසු දින අලුයම මගේ නිවෙසේ දුරකතනයට ඇමතුමක් ලබාදෙමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මිත්‍ර ආරියසිංහ පැවැසුවේ අයැදුම්පතක් රැගෙන පසු දින උදෑසන තමන් හමුවන ලෙසටය. එවැනි ඉල්ලීමක් ආවේ කොහෙන්දැයි යන්න ගැන ඔහු කිසික් මා හට දැනුම් දීමක්ද කළේ නැත. මම පසු දින උදේ ඔහු හමුවෙනවා වෙනුවට මගේ මිත්‍ර හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා හමුවීමට ගොස් මෙම සිද්ධිය පිළිබඳ පැවැසුවෙමි. එවිට ඔහු කීවේ, ‘ප්‍රේමලාල්, ඔයා ඔය අයැදුම්පත අරන් ආපහු ගෙදර යන්න. ඔය යෝජනාව ඇවිත් තියෙන්නේ දේශපාලන බලවතෙකුගෙන්. ඔයාගේ මාධ්‍ය ජීවිතයට හානි කරගන්න එපා. ඔයාට කවුරුන් හෝ මාධ්‍යයකින් කතාකරාවි. මම ඒක දන්නවා. ඒ ගැන හොයන්නේ නැතුව ආරියසිංහ හමු නොවී ගෙදර යන්න….’ යැයි කියාය. ඒ අනුව මා ආපසු නිවෙසට පැමිණ පැය කීපයක් ගතවීමට පෙර ලසන්ත වික්‍රමතුංගගෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි.

‘ප්‍රේමලාල්, ඔයා එන්න අපේ පත්තරයට. ඔයා ආරක්ෂක අංශවල හුඟක් දෙනෙක්ව හඳුනනවනේ. අපි අලුත් වැඩක් පටන්ගනිමු. මම ඔයාට ‘දවස’ පත්‍රයේදී ලැබුණු වැටුපට වඩා ගෙවන්නම්. ඔයා අපේ වාහනයක් අරන් පිට පළාත්වලට ගිහින් අබිරහස් අපරාධ ගැන ලිපි සිංහලෙන් ලියන්න. මම ඉංග්‍රීසි මාධ්‍යවේදිනියක් ලවා ඒ ලිපි පළකරන්නම්….’ යනුවෙන් ලසන්තගේ ඇමතුමෙන් කියැවිණි.

ලසන්තගේ එම ඉල්ලීම ලැබී ටික වේලාවකින් ඊළඟ ඇමතුම ලැබුණේ ලසන්තගේ බිරිය වූ රේන්ගෙන්ය. ඇයත් ඒ වනවිට ලීඩර් පුවත්පතේ සහකාර විශේෂාංග කතුවරිය ලෙස සේවය කළාය. ඇයගේ ඉල්ලීම වූයේද මගේ ආරක්ෂක අංශ සබඳතාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා එම පුවත්පත සමග එක්වන ලෙසය. ඒ ඉල්ලීම අනුව මම පසුදාම කොළඹ වෝර්ඩ් පෙදෙසේ වටරවුම අසල පිහිටා තිබූ ‘සන්ඩේ ලීඩර්’ කාර්යාලයට ගොස් මාධ්‍යවේදී යුවල හමුවී බොහෝ දේ සාකච්ඡා කළෙමි. මගේ කාර්යභාරය කරන අන්දම ගැන ලසන්තගෙන් උපදෙස් ලැබුණු අතර, ඒ සඳහා පහසුකම් සලසා දෙන්නටද ලසන්ත මට පොරොන්දු විය.

ඒ වනවිට දිවයිනේ පළාත් භාර පොලිස් අධිකාරිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැඩි දෙනකු මගේ මාධ්‍ය මිතුරන් බවට පත්කරගෙන සිටියෙමි. ඒ අනුව එක සතියකට එක පළාතක සිදුවී ඇති අබිරහස් ඝාතන සිද්ධීන් කිහිපයකට අදාළ විස්තර සහ ඡායාරූප ලබාගන්නා ආකාරය ගැන උසස් නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගතිමි. ඒ අනුව, එම කටයුත්ත සඳහා අප එම පළාතට යන අවස්ථාවේ අප සමග යෑමට විශේෂ පොලිස් කණ්ඩායමක්ද සූදානමේ සිටියහ. එම සැලසුම ගැන ලසන්තද සතුටට පත්ව සිටියේය. මා සමග පිට පළාත්වල යෑමට වැඩියෙන්ම උනන්දු වූයේ ඡායාරූප ශිල්පී පද්මසිරි ගමගේය. ඔහු ‘දවස’ කාර්ය මණ්ඩලයේ එවක සිටි ඡායාරූප ශිල්පියාද විය.

දිනක් අප මතුගම ප්‍රදේශයට ගිය විට දිවා ආහාරය සඳහා ඇරයුම් කර තිබුණේ එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසිරි උඩවත්ත මහතාය. ඔහු කලාකාමී අදහස් ඇති පුද්ගලයෙක් විය. එදින දහවල් ඔහුගේ නිවෙසට ගොස් කතාකරමින් සිටියදී ඔහුට ජපානයෙන් ලැබී තිබූ නවීන කැමරා කිහිපයක් අතරින් එකක්, අප ඡායාරූප ශිල්පී පද්මසිරි ගමගේට තෑගි කිරීමට ඔහු කටයුතු කළේය. ඒ සිද්ධිය පසුගිය ජනවාරි 01 වැනිදා අප ‘මව්රට’ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණ සිටි පද්මසිරි ගමගේද යළි සිහිපත් කළේය.

මෙසේ සෑම ප්‍රදේශයකටම තොරතුරු සොයා ගිය විට එම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගෙන් අපට ලැබුණේ නොමඳ සහායකි. ඒ බව ලසන්තද දැන සිටියේය. අප රැගෙන එන කතා සති හයක පමණ කාලයක් ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පළ කළේය.

1993 දී පමණ (මගේ මතකයේ හැටියට) දිනක් මම ලීඩර් කාර්යාලයේ ලිපියක් සකසමින් සිටියදී හදිසියේම එහි පැමිණි ලසන්ත මට මෙසේ පැවැසීය.
‘ප්‍රේමලාල්, මාත් එක්ක පොඩි ගමනක් යමු. ඉක්මනට එනවා. මේ ළඟට යන්නේ. යං යං. පරක්කු වුණා…’ එසේ කියූ ලසන්ත, ඔහුගේ මෝටර් රථයෙන් මාද කැටුව පිටත්ව ගියේය. ඒ ගමන ගිහින් නතර වූයේ කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් වාට්ටුව අසලය. ඒ වනවිට අනුර බණ්ඩාරනායක සුළු ශල්‍යකර්මයකට භාජනයකොට ප්‍රතිකාර ලබමින් සිටියේ එහිය. මා සමග එහි ගිය ලසන්ත, අනුර සිටින තැනට ගොස් ඔහු සමග කිසියම් දෙයක් සෙමින් කතා කරන්නට පටන් ගත්තේය. ඒ අතරතුර අනුරගේ සුවදුක් බැලීමට හදිසියේ එහි පැමිණියේ අනුරගේ මව වූ එවක විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියයි. ලසන්ත වික්‍රමතුංග එහි සිටිනු දුටු විට ඇයට කේන්ති ගිය ස්වරූපයක් දැකගත හැකි විය.

‘මෙතනටත් ආවද අපේ ළමයට කරදර කරන්න…? මෙතනට ඇවිත් මොනවද හොයාගත්තේ? හොයාගත්ත නම් යන එකයි ඇත්තේ…’ බණ්ඩාරනායක මහත්මිය ලසන්තට කෝපයෙන් පැවැසීය. එසේ කියූ ඇය ඊළඟට හැරුණේ මා දෙසටය. හඳුනන්නේ නැති අයව වාට්ටුව තුළට ගත්තේ කවුදැයි අසමින් අනුරගේ ආරක්ෂක නිලධාරියාටද ඇය බැණ වැදින්නට වූවාය. වැඩේ දිග්ගැස්සෙන බව දැනගත් අනුර බණ්ඩාරනායක, සිය මවට කීවේ ලසන්ත සහ මා එහි ගෙන්වා ගත්තේ තමන් විසින් බවය. එම ප්‍රකාශයත් සමග සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඬ තරමක් බාල වුවත්, ලසන්ත තමන් සිටි තැනින් සෙලවුණේවත් නැත. ලසන්ත යනු ඒ තරමටම නිර්භීත මාධ්‍යවේදියකු බව මට හොඳින්ම පැහැදිලි විය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය රෝහලෙන් පිටව ගිය පසුවද ලසන්ත, අනුර සමග කතාකරමින් සිට පසුව පිටතට පැමිණ, සාක්කුවේ තබාගෙන තිබූ අත්පොත එළියට ගෙන එහි සටහන් කිහිපයක් තැබීය. ඔහු එසේ සටහන් කළේ පත්තරයට අවශ්‍ය තොරතුරු බව මම හොඳින් දැන සිටියෙමි.

දූෂිත දේශපාලනයට යට නොවුණු ලසන්තගේ පෑනට රහසිගත තොරතුරු ගලා ඒම කිසිදු දේශපාලනඥයකුට නැවැත්විය නොහැකි වීම නිසාදෝ ඔහුට සහ ඔහුගේ පවුලටම මරණ තර්ජන එල්ල වීම දවසින් දවස වැඩිවිය. ඒ කිසිවකටත් ලසන්ත සැලුණේද නැත. ලසන්ත ඝාතනය කිරීමට පෙර අවස්ථාවක දිනක් ඔහු සිය බිරිය රේන් සමග දිවා ආහාරය ගැනීමට පොල්හේන්ගොඩ නිවෙසට ගියේය. සෑම දිනෙකම එම වෙලාවට ඔවුන් දෙදෙනා එහි පැමිණෙන බවට ඔත්තු බලා සිටි මැර පිරිසක් එදින පොලු මුගුරු රැගෙන එම නිවෙස අසල සැඟව සිටියහ. ඒ, නිවෙස අසලදීම ලසන්තට පහරදීමේ අදහසින්ය. ඒ අනුව මැර පිරිස ලසන්තගේ අතපය බිඳ දැමීමට පොලු පහර එල්ල කරද්දී සැමියාගේ සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන ඔහුව ආරක්ෂා කරගත්තේ, ඔහුගේ නිර්භීත බිරිඳ වූ රේන්ය. රේන්, ලසන්තගේ හිස දෑතින් වසාගෙන ඔහුගේ හිසට හානියක් වීමට ඉඩ නොදී ආරක්ෂා කරගත් අන්දම ගැන ඇගේ පිටේ රැඳී ඇති පොලු පහරවල් පෙන්වමින් පසු අවස්ථාවක එම සිදුවීම අප සමග විස්තර කළේ කිසිදු බියජනක හැඟීමකින් තොරවය. ඔවුන් දෙදෙනා ලීඩර් කාර්යාලයට පැමිණ එම ප්‍රහාරය ගැන අපට විස්තර කරද්දී මා පුදුමයට පත්වීමි. දිනය මතක නැති වුවද ඒ සිද්ධියද දැන් වැළලී ගොස්ය. ලසන්ත ඝාතනය ගැන සොයද්දී, වැළලී ගොස් ඇති මේ අපරාධය ගැනත් විමර්ශකයන් ආපසු හැරී බැලුවහොත් එදා පොල්හේන්ගොඩට ආ පොලු හමුදාව මෙහෙයවූයේ කවුරුන්ද යන්න සොයාගැනීම අපහසු නොවනු ඇත.

ලසන්ත දිනක් ලීඩර් කාර්යාලය හරහා ඔහුගේ කාමරයට යමින් සිටියදී ඉංග්‍රීසි මාධ්‍යවේදියකු දේශපාලනඥයකු සමග සංවාදයක යෙදෙමින්, ඔහුට ‘සර්’ කියමින් අමතනු ඇසී, එම මාධ්‍යවේදියාට තදින් අවවාද කළ අන්දම මට අද මෙන් මතකය.

“සර්’ කියලා වචනයක් මාධ්‍ය තුළ නැහැ. ලංකාවේ හතරවැනි පුරවැසියා තමයි මාධ්‍යවේදියා කියන්නේ. ඒ ගෞරවය රැකෙන විදියට වචන හසුරුවන්න. මම මීට කලිනුත් ඔය ගැන කියලා තියෙනවා…’ යැයි සිනහ මුසු මුහුණින් යුතුව පැවැසූ ලසන්ත සිය කාමරය වෙත ගියේ ඔහුව කුඩා කාලයේ සිටම රැකබලාගත් සන්දනම් නමැත්තාට විහිළුවක්ද කරමිනි. සන්දනම් ඒ වනවිට කාර්යාලයේ සේවකයෙකි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පැහැරගැනීමක්! කප්පම් ඉල්ලීමක්! රහස් මෙහෙයුමක්! වීර තරුණයෙක්! Sri Lanka Latest News

Next Post

කළුබෝවිල රෝහලේ බෙහෙත් නෑ! Sri Lanka Latest News

MORE NEWS

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

Load More
උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ (Volker Türk) ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීම සඳහා එක්සත්...

Read more
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.