• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ හෙළිදරව්ව දේශපාලන බෝම්බයක් වෙයි! බදු නොගෙවා පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීමේ පාඩුව බිලියන 5 ඉක්මවයි! රනිල්ගේ ආණ්ඩුව පොල්තෙල් ආනයනකරුවන්ට දුන් සහනය අනුරගේ ආණ්ඩුවෙනුත් දීලා! බදු නොගෙවා නොවැම්බර් මාසයෙත් පොල්තෙල් ගෙනල්ලා! විපක්ෂය මේක අතහරින්නේ නෑ වගේ! VIDEO I Sri Lanka Latest News

January 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News

ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘‘සමාගම් කිහිපයක් පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී බදු ගෙවීම පැහැර හැරිම හේතුවෙන් රජයට ලැබිය යුතු කෝටි 5000 ක බදු ආදායමක් අහිමි වී තිබෙනවා. පිරිපහදු නොකළ තෙල් ආනයනයෙන් රජයට කෝටි පන්දහසක බදු පොල්ලක් කියලා දිවයින, sunday times, මව්රට පුවත්පත් පසුගියදා වාර්තා කරලත් තිබෙනවා.

2024 ජනවාරි මස පලමු වැනිදා සිට ඔක්තොම්බර් මාසයේ අග දක්වා කාලය තුළ තමයි මේ බදු ආදායම රජයට අහිමි වෙලා තිබෙන්නේ. 2024 ජනවාරි මස පලමු වැනිදාට පෙර පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කිරීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ මෙට්ට්‍රික්ටොන් එකකට රුපියල් එක්ලක්ෂ විසිපන්දාහක් ද පිරිපහදු කළ පොල්තෙල් මෙට්ට්‍රික්ටොන් එකකට රුපියල් එක්ලක්ෂ පහස් දහසක බද්දක් නියම කරලා තිබුණා.

ඒ වගේම 2024 ජනවාරි මස පලමු වැනිදාට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් වුණා ආනයනික පොල්තෙල් වලට වැට් බදු අය කරන්නේ නෑ කියලා. නමුත් 2024 ජනවාරි මස පලමු වැනිදා වැට් බද්ද පිළිබඳව නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයේ වැට් බදු නොගෙවිය යුතු ලැයිස්තුවේ ආනයනික පොල්තෙල් නෑ. ඒ කියන්නේ පොල්තෙල් ආනයනයේදී බදු ගෙවීම සිදුකරන්න වෙනවා.

නමුත් සමාගම් කිහිපයක් පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 38.8 ක් ගෙන්වලා තිබෙනව බව වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම එක් සමාගමක් කිලෝග්‍රෑම් මිලියන 12.9 ක් , තවත් සමාගමක් කිලෝග්‍රෑම් හයලක්ෂ විසි හතරදහසක් , තවත් සමාගමක් මිලියන 18. 8 ක් සහ මිලියන 4.23 ක් වශයෙන් පොල්තෙල් ගෙන්වලා තිබෙනවා. 2024 ජනවාරි මස පලමු වැනිදා වැට් බද්ද පිළිබඳව නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රය අනුව සියයට 18 ක වැට් බද්දකුත් සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දකුත් ගෙවිය යුතුයි. ඒ අනුව පොල්තෙල් කිලෝග්‍රෑම් එකකටම සියයට 20.5 ක බදු නොගෙවාහැර තිබෙනවා.

පොල්තෙල් ආනයනය කළ එක් සමාගමක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට පසුගිය වසරේ ජුලි මාසයේ 17 වැනිදා ලියුමක් යවලා තිබෙනවා. පොල්තෙල් ආනායක කළ ඒ සමාගම බදු සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලා තිබෙනවා. මේ ලියුම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව යොමු කරලා තිබෙනවා. එතනින් 2024 07 31 වැනිදා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට මේ ලියුම් යොමු කරලා තිබෙනවා. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව 2024 08 29 වැනිදා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරික්ෂණ ඇතුලත් කරලා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට ලියුමක් යොමු කරනවා.

රටේ තිබෙන නීතියක් ගැසට් පත්‍රයක් මගින් ක්‍රියාත්මක කර තිබෙනවානම් භාණ්ඩ ආනයනය කරන සමාගම් සියල්ල ඒ නිතියට යටත් වෙනවා. ඒ නීතියට යටත්වෙන සමාගමක් බදු ගෙවිය යුතුද නැද්ද කියලා කොහොමද අහන්නේ. එහෙම අහන්න බෑ. පිරිපහදු නොකර විකුණුවොත් විශේෂ වෙළද භාණ්ඩ බද්ද පමණක් ආනයනය කරන අවස්ථාවේදීම අයකරනවා. වැට් බද්දට යටත් වෙන්නේ පිරිපහදු කරලා විකුණන අවස්ථාවේදී. එහෙමනම් ඒ සමාගම ප්‍රකාශ කළ යුතුයි පොල්තෙල් පිරිපහදු නොකර විකුණනවා කියලා. එහෙම කළොත් විශාල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා.

මේ සිද්ධිය සිදුවෙන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුලයි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් තමයි ඒ සමාගම බදු සහන ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒ අනුව තමයි රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධුරයෙන් ඉවත් වුණාට පස්සෙත් මේ සිදුවීම දිගින් දිගටම සිදුවෙමින් තිබෙන බව තමයි අපට වාර්තා වෙන්නේ. මේ රටේ අලුත් ජනාධිපති ලෙස අනුර දිසානායක මහත්තයා පත්වෙන්නේ සැප්තැම්බර් 21 වැනිදා. 2024 ඔක්තොම්බර් මාසය දක්වා පොල්තෙල් ටොන් 38,000 ක් ගෙනත් තිබෙනවා. ඒ අනුව අනුර දිසානායක මහත්තයා ජනාධිපති වුණාට පස්සෙත් මේ ආකාරයට බදු නොගෙවා පොල්තෙල් ආනයනය කරලා තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ දිගින් දිගටම මේ සමාගම් බදු ගෙවීම පැහැර හරිමින් තිබෙනවා. නොවැම්බර් මාසයේදීත් මෙම සමාගම් විශාල පොල්තෙල් ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙන බව වාර්තා වෙනවා.

වංචාව , දූෂණය , හොරකම නතර කරන බව ප්‍රකාශ කර බලයට පැමිණි , බදු හොරුන්ට දඩුවම් දෙන පවසා බලයට පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේත් මේ හොරකම් සිදුවෙනවා. මෙවැනි හොරකම් , වංචා දිගින් දිගටම මාධ්‍ය වාර්තා කරන අවස්ථාවකදී මෙවැනි දේවල් වෙන්න දීලා ආණ්ඩුව බලාගෙන සිටිනවා. මහ බැංකු බැදුම්කර සිද්ධිය වගේම එකක් තමයි මේ සිද්ධියත්. මාස 10 ක කාලයක් තුළ කෝටි 5000 ක් නම් වසරකදී මේ සමාගම් කෝටි 6000 ක පමණ බදු පැහැර හැරිමක් සිදුකරලා තිබෙනවා. බදු පොලු තබමින් මේ සමාගම් ලබන අයුතු ලාභයන් පිළිබඳව වර්තමාන ආණ්ඩුව වහාම සෙවිය යුතුයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ලබාදෙන උත්තර කුමක් කියලත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. ආණ්ඩුව රජයට අහිමි වුන බදු මුදල් නැවත අය කරගැනිමට කටයුතු කරනවාද නැත්නම් දිගින් දිගටම වර්තමාන රජය යටතේත් මෙවැනි හොරකම් සිදුකරන්න , බදු පොලු තියන්න ඉඩ ලබාදෙනවාද කියන ප්‍රශ්නයට ආන්ඩුව පැහැදිලි පිලිතුරක් ලබාදිය යුතුයි.

මේ ප්‍රශ්නවලට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැතිව කෙදිරි ගගා ඉදලා වැඩක් නෑ. ආණ්ඩුව ගත්ත දවසේ ඉදලා අද වනතුරු ආණ්ඩුව කෙදිරි ගානවා. කෙදිරි ගගා ඉන්නේ නැතුව මැතිවරණයට පෙර ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගේනවා කිව්වා , උගන්ඩාවේ තිබෙන හංගපු සල්ලි ගේනවා කිව්වා , විදුලිබිල අඩුකරන බව කිව්වා , ඉන්ධන මිල අඩු කරන බව කිව්වා තවම ඒ පොරොන්දු ඉටු කරලා නෑ. ඒ වගේම රජයේ ආයතනවලින් තෙල් සංස්ථාව , විදුලි බල මණ්ඩලය , ජල සම්පාදන මණ්ඩලය අද වනවිට අධික ලාභයක් ලබනවා. විදුලි මණ්ඩල පනත අනුව විදුලි බල මණ්ඩලය පිරිවැය කළමනාකරණය කරගත යුතු ආයතනයක් විනා ලාභ ලැබිය යුතු ආයතනයක් නෙවෙයි. ඒ වගේම දළ වශයෙන් බිලියන 139 ක් විදුලි බල මණ්ඩලය ලාභ ලබලා තිබෙනවා. ඒ සහනය සමාජයේ දරිද්‍රතා රේඛාවෙන් පහල සිටින ජනතාවට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ.

ඒ වගේම තෙල් සංස්ථාවේ සමස්ථ ණය මහා භාණ්ඩාගාරය බාර ගෙන තිබෙන ඒ සදහා තෙල් සංස්ථාවෙන් රුපියල් 50 ක බද්දක් අයකරනවා. ඒ බද්ද ජාතික ජනබලවේග ආණ්ඩුවකින් අඩුකරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු සියල්ල මතක් කරලා ආණ්ඩුව ලවා ජනතාවට පොරොන්දු වුණ සහන ජනතාවට ලබාදෙන්න තමයි විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන්නේ. ආණ්ඩුව සැම අවස්ථාවකම කියනවා ජන වරමේ තරම තේරුම් ගන්න කියලා. ජනවරමේ තරම තේරුම් ගන්න ඕන ජාතික ජනබලවේගය. ජාතික ජන බලවේගය ජනවරම ගත්තේ බොරු කියලා. ජන වරමේ තරම ජාතික ජන බලවේගය තේරුම් ගත්තානම් පොරොන්දු වුණ දේවල් ඉටු කරන්න ඕන. වෘත්තිය සමිතිවලින් ආණ්ඩු කඩංවට්ටනවා තරම් ආණ්ඩු කරන්න ලේසි නෑ. ඒ බව ආණ්ඩුව මනාව උප්පුකරමින් සිටිනවා.

ඒ වගේම වර්තමාන ආණ්ඩුව හොරුන් වංචාකාරයින් රකින්නේ නැත්නම් පිරිපහදු නොකළ තෙල් ආනයනයෙන් රජයට කෝටි පන්දහසක බදු පොල්ලක් තියපු සමාගම්වලට සිදුකරන්නේ කුමක් කියලා විපක්ෂය බලාගෙන සිටිනවා.‘‘

මිනිස්සු කන හාල්වලටත් බදු! දරුවන්ගේ පාසල් උපකරණවලටත් බදු! 2024 ජනවාරි සිට සියලු දේට බදු ගහද්දී බදු ගහන්නේ නැතිව ලංකාවට පොල් තෙල් ගෙනාවේ කොහොමද? මාස 10ට කිලෝ 38814918ක් ගෙනල්ලා! ආණ්ඩුවට පාඩුව කෝටි 5000යි! කවුද බලවතා මේකට අවසර දුන්න? Sri Lanka Latest News
SendShareShare
Previous Post

මානව සම්පත් අධ්‍යාපනයේ නව යුගයක්, CIPM විසින් විවර කරයි! Sri Lanka Latest News

Next Post

අනුර-ජින්පින් සාකච්ඡා දැන් පටන් ගත්තා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.