හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බරපතළ දේශපාලන විවේචනයක් එල්ල කොට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් රටපුරා පවත්වන “ගම දැනුවත් කරමු, අපි යළිත් නැගිටිමු “ රැස්වීම් මාලාවේ නැගෙනහිර කොළඹ ආසනයේ දැනුවත් කිරීමේ රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. රැස්වීමේ නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජාශාලාවේදී පැවැත්විණ.
‘මහින්ද මහත්තයා අගමැති වෙන්න තිබුණේ 2015 දී. නමුත් මෛත්‍රී ඒක වැළැක්වුවා. මහින්ද මහත්තයා දින්නත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඊළගට අනුර යාපා ඇමතිතුමාවයි, බැසිල් ඇමතිතුමාවයි ලේකම් තනතුරු වලින් එළෙව්වා. ඒ නිසා ද අපිට ඒ වෙලාවේ දිනන්න බැරි වුණා. ඒක තේරුම් ගත්ත නිසයි අපි පොහොට්ටු පක්ෂය හැදුවේ. අපි පක්ෂයක් හදන්න යනවා කියලා ආරංචි වෙලා මෛත්‍රී කිව්වා අපි ව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවායි කියලා. ඒත් අපි සටන අතහැරියේ නෑ. එදා අපි මේ පක්ෂය පිහිටෙව්වේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තර්ජන මැද.
එදා අපි පොහොට්ටු පක්ෂය හැදුවේ නැත්නම් අද ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්නෙත් නෑ. දැන් මගෙන් අහයි මොකටද මෛත්‍රීව සන්ධානයේ සභාපති කළේ කියලා. ඔහුව නම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මිසක් මෛත්‍රී එක්ක නෙමෙයි. අපි සන්ධානය ගැහුවේ එකතුවෙලා රටට වින කරපු හතුරෝ එළවන්න මෛත්‍රී මේ රටට කරපු විනාශයට මටනම් ඔහුට කවදාවත් සමාව දෙන්න බෑ. ඒ නිසා මා ඔහුට එදත්, අදත්, හෙටත් විරුද්ධයි…’










