ලෝක වෙළෙදපොළේ තෙල් මිල විශාල වශයෙන් පහත වැටීමේ වාසිය පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් එරට ජනතාවට ලබා දී ඇති බවත්, දකුණු ආසියාවේ විශාලතම තෙල් මිල අඩු කිරීම තමන් විසින් කළ බවට පකිස්ථානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබා නොදී ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් සිටින බවකි.
එමනිසා වහාම තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන ලෙසට ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කළේය.










