පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයා ඇතුළු තිදෙනෙකු වහාම බලපැපැවැත්වෙන පරිදි සේවයෙන් නෙරපා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
කතානායකවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.
මෙම අපකීර්තිමත් ලිංගික හිංසන සිදුවීම් වාර්තා වී ඇත්තේ 2023 වසරේ දී ය.
ලැබුණු පැමිණිලි මත ඒ පිළිබදව සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබුණු අතර, එම කමිටුව සිය වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තු මහලේකම්වරියට ලබා දී තිබේ.
අදාල කමිටුව සිය වාර්තාව සකස් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවිකාවන් පහළොස් දෙනෙකු-ගෙන් පමණ ප්‍රකාශ ලබා ගනිමිනි.










