• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝකිලයා සින්දු කියනවා වගේ රස වෑහෙන සින්දු කියනවා – මොනර රජා රඟදෙන විදියට අගේ කොතැනත් පොර රඟදක්වනවා – ඇයි කපුටො වගේ කපටිකමට උන් හුරුවන්නේ කිරි කොකා වගේ බොරුවටදෝ කැපිලා පෙනෙන්නේ! Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සින්දු කියන්න ආපු සංගීත් වේදිකාවේ කඩේ යන්න පටන් ගනී! කවුද කෙනෙක් යාන්තම් නවත්තන්න කියයි! ඒ පාර කියනවා මම කියන්න හැදුවේ වැරැදි කළොත් අනුරවත් පන්නනවා කියලලු! අනේ සංගීත් සින්දුම කියන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකමත් එක කාලෙක සංගීත් විජේසූරිය කියලා ඉතා දක්ෂ ගායකයෙක් හිටියා. කියන කියන සින්දුව හිට් වෙනවා. කියන සින්දු එකකට එකක් වෙනස්. හරිම දක්ෂයි. අදත් සංගීත් දක්ෂයි. එදත් දක්ෂයි. හැබැයි මම මේ කියන්නේ සංගීත් මෙන්න මේ ඩොලර් මිලියනය හොයලා දෙන්න ඉදිරිපත් වෙන්න කලින් කාලේ ගැන. 2024.09.01 වැනිදා මොකක් හරි රැස්වීමකට ඇවිල්ලා සංගීත් කියනවා, මම දන්නේ නෑ ඒක රැස්වීමක්ද, සාකච්ඡාවක්ද කියලා. නිශාන්ත වීරසිංහ වගේ නමක් ඔහු කියන්නේ. ඒ නම තියෙන වෙන කෙනෙක් ඉන්නවා නම් අමනාප වෙන්න එපා. ඒ යාළුවා සංගීත්ට කතාකළාලු. කතාකරලා කිව්වලු ඩොලර් මිලියනයක් තියෙනවා එන්.පී.පී. එකට දෙන්න ඕනේ කියලා. එයා ලංකාවට ආවට පස්සේ සංගීත් එයාව අතින් අල්ලගෙන අනුර සහෝදරයා ගාවට ගියාම අනුර සහෝදරයා ප්‍රශ්න කීපයක් අහලා සංගීත්ට කියනවා ඩොලර් මිලියනය අපිට එපා, අපි දිනුවට පස්සේ භාණ්ඩාගාරයට එවන්න කියලා. අනුර සහෝදරයා දිනුවනේ. ඊට පස්සේ ඔන්න සේපාල් අමරසිංහගේ සාකච්ඡාවක් අපි හිතන්නේ. ඒකත් මම දැක්කේ සමාජ මාධ්‍යවල. ඒ සාකච්ඡාවට නිල් පාට කෝට් එකක් එහෙම දාපු හාදයෙක් ඇවිල්ලා ඉන්නවා. එතුමා තමයි අපි හිතන්නේ මේ සල්ලි පරිත්‍යාග කරන්න හදන කෙනා. සංගීත් විජේසූරිය මහත්තයත් එක්ක ඉන්න කෙනා. ඉතින් ඒ මහත්තයා කියනවා දැන් මගේ ඩොලර් මිලියනය නෙවෙයි, ලෝකෙ පුරාම ඉන්න අය එකතු වෙලා ඩොලර් මිලියන 10ක් විතර දැන් ලෑස්ති කරලා තියෙනවා දෙන්න කියලා. ඒක බැංකුවක ලෙවල් එකේ වැඩක් කියලා ඔහු කියන්නේ 2024.09.28 වැනිදා. 09.28, 10.28, 11.28, 12.28 දැන් ජනවාරි මාසේ. මාස 3කට ආසන්න කාලයක් ගතවෙලා ගිහිල්ලා. දැන් අර බැංකුව හදලා ඉවරද සංගීත් කියලා සමහර අය සමාජ මාධ්‍යවලින් අහනවා. අපි දන්නේ නෑ මේවා වෙනවද, නොවෙනවද කියලා. (Sri Lanka Latest News)

ඇත්තටම රටේ තියෙන නව දේශපාලන ප්‍රවණතාව ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා දේශපාලන වේදිකාවල කියපු දේවල් ඔක්කොම යථාර්ථයක් බවට පත්වෙන සමාජ ක්‍රමයක් දේශපාලන ක්‍රමයක් නිර්මාණය වේවි කියලා. අපි හොඳටම දන්නවා කලින් දේශපාලකයෝ එහෙම නෑ. අමු තක්කඩි. ස්ටේජ් එකේ එකක් කියනවා. ගෙදර එකක් කරනවා. ඩොලර් මිලියනයක් දුන්නා නම් ඒකෙන් ඩොලර් සීයක් දෙසීයක් මහා භාණ්ඩාගාරයට දාලා, රටට දීලා ඉතුරු ටික යටිමඩි ගහගන්නවා. ඔව් ඒක ඇත්ත. ඩොලර් මිලියන 10ක් ලංකාවට ආවොත් කීයටවත් ඒක අපිට ලැබෙන්නේ නෑ. තමන්ගේ ගෙවල් හදාගෙන, බඩ වඩාගෙන, ඇපල් වතු අරගෙන, ආතල් දාලා, කාර් රේස් පැදලා, හෙලිකොප්ටර් අරගෙන, රත්තරන් අස්සයෝ අරගෙන මේ තත්කඩිකම් ඔක්කොම කරනවා. එතකොට මේ තක්කඩිකම් කරන තක්කඩි එළවලා අලුත් පාලනයක් හදාගත්තේ සංගීත් විජේසූරිය මහත්තයලා කියපු නිසා. දැන් ඔය වේදිකාවේ කියපු ඩොලර් මිලියනය දැන් කෝ කියලා අහනකොට ඒකට වෙන වෙන කතන්දර කියන්න බෑ. ඒ තිබිච්ච හදිසිය, ඒ මහත්තයට තිබුණු වුවමනාව නැතුව යන්න මොකක් හරි දෙයක් ආණ්ඩුව පැත්තෙන් වුණාද කියලා අපි දන්නේ නෑ. අපිට හිතෙන විදියට නම් එහෙම දෙයක් වුණේ නෑ.

මේ ආණ්ඩුව පත්වෙලා තියෙන කාලය ඇතුළත මිනිස්සුන්ට එපාවෙන නරක දේවල් කළේ නෑ. පොඩි පොඩි සිද්ධි දෙක තුනක් සිදුවුණා. එහෙම තමයි රටකට ආණ්ඩුවක් පත්වුණාට පස්සේ ආණ්ඩුවක් කියලා කියන්නේ රට පාලනය කරන අය. ඒගොල්ලන්ට මිනිස්සුන්ට ආතල් දිදිී හුරතල් කරකර ආදරේ කරකර ප්‍රේම සම්බන්ධතා පවත්වමින් ඉන්න බෑ. ඒක අපි හොඳටම දැනගන්න ඕනේ. ඒ නිසා තමයි රටක බලයට ආවට පස්සේ ඊට කලින් හිටපු දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේ අනුර සහෝදරයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි සංගීත් විජේසූරියලා වගේ කලාකාරයෝ අපිට විශ්වාසයි. අපි ඒගොල්ලන්ව විශ්වාස කළා.

ඩොලර් මිලියනයක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි. ඒක 300න් විතර වැඩිකරලා ගන්නනේ තියෙන්නේ. එතකොට ඩොලර් මිලියනයක් කියලා කියන්නේ රුපියල් මිලියන 300ක්. දහයෙන් වැඩිකළාම රුපියල් මිලියන 3000ක්. රුපියල් මිලියන 3000ක් කියලා කියන්නේ විශාල මුදලක්. අපිට නම් ඉතින් බින්දු ගාන හිතාගන්නවත් බෑ. මේ රටේ තියෙන යම් ප්‍රශ්න ප්‍රමාණයක් විසඳන්න පුළුවන්. මේවා ණය නෙවෙයි. මේවා ආධාර. මේවා පරිත්‍යාග. මේවා එක එක රටවලින් ඉල්ලගන්න සල්ලි නෙවෙයි. මේවා අපේ සල්ලි. කොහෙන් හරි කෙනෙක් අපිට දීලා වරාය ඕනේ, හයිවේ එක ඕනේ, අර ගොඩනැගිල්ල හදන්න ඕනේ, මේ ගොඩනැගිල්ල හදන්න ඕනේ, මේ පැත්තෙන් කෑල්ලක් ඕනේ, අර පැත්තෙන් කෑල්ලක් ඕනේ. ඒක තමයි අපේ රටේ තිබුණු ප්‍රශ්නේ. හැබැයි දැන් ඒ ප්‍රශ්න සියල්ල නිරාකරණය වෙලා. දැන් අපිට ගැටලුවක් නැතිව නිදහසේ ඉන්න රටක් තියෙනවනේ. අපි ප්‍රාර්ථනා කරපු වෙනස ලැබුණනේ. දැන් පොඩ්ඩක් සංගීත් විජේසූරිය මහත්තයා උනන්දු වෙලා අර ඩොලර් මිලියනයයි, ඔයාගේ යාළුවා කියන ඩොලර් මිලියන 10යි අපි ලංකාවට ගෙන්නගමුද? ගෙන්නලා බැංකුව හදාගෙන හෝ බැංකුවක් නැතුව හෝ මේ රටේ ඇනහිටලා තියෙන සංවර්ධන ව්‍යාපෘති ටිකවත් කරගෙන යන්න අඩුම තරමේ. අයි.එම්.එෆ්. එකෙන්ම ඉල්ල ඉල්ලා කරන්නේ නැතුව. අපි හිතමුකෝ මේ අධිවේගී මාර්ගයේ වැඩ ටික ඉවර කරගන්නවත් මම හිතන්නේ මේ සල්ලි ටිකෙන් අපිට යම් ප්‍රමාණයකට හරි පුළුවන් වෙයි. අපිට ඉතින් තේරෙන්නේ නෑ ඕවා. හැබැයි අපිට තේරෙනවා ඩොලර් මිලියනයක් කියන්නේ ලොකු ගානක්, මිලියන 10ක් කියන්නේ ඊට වඩා ලොකු ගානක්. ඒක 300න් වැඩි කළාම රුපියල් මිලියන 3000ක්. රුපියල් මිලියන 3000ක් කියලා කියන්නේ අපිට හිතෙන විදියට රුපියල් කෝටි 300ක් විතර සල්ලි. රුපියල් කෝටි 300කින් ලංකාවේ යම් දෙයක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න පුළුවන් විදියේ මුදලක්. රටට අවශ්‍ය කරන විවිධාකාර සල්ලි ප්‍රශ්න ලංකාව ඇතුළේ තියෙන වෙලාවකනෙ මේ එතුමන්ලා ඉදිරිපත් වෙන්නේ.

ඇත්තටම ඔය මුල්ම 1000 ලැබුණාම, ඊළඟට 10,000 ලැබුණාම මේගොල්ලන්ව නාඳුනන, මේගොල්ලොත් එක්ක කතා නොකරපු, මේගොල්ලොත් එක්ක හිතවත්කමක් නැති තව අය රට පුරා ඇතිනේ. එතකොට ඩොලර් එක, දෙක, තුන, හතර, පහ එකතු වෙලා අපිට අපේ ආර්ථික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ නිසා සංගීත් විජේසූරිය මහත්තයෝ කොහේ හරි ඉන්න තැනකින් ඇවිල්ලා අනේ අපිට පිහිටවෙන්න. අර ඩොලර් මිලියනය දෙන්න බලාපොරොත්තු වෙන මහත්තයාගේ හිත සමහර විට රිදිලා ඇත්තේ. මොකද මේකට ක්‍රමයක් හදාගන්න බැරුව. රෝහිතලා වගේ අය නම් ඒ දවස්වල කිව්වා මේ සල්ලි එන්නේ නැව්වල කියලා. එහෙම නෙවෙයිනේ අපි දන්නවනේ, තත්පර ගානෙන් සල්ලි එහාට මෙහාට යවන්න පුළුවන් ක්‍රම දැන් ලෝකේ තියෙනවනේ. ඒ නිසා අද කිව්වොත් හෙට ගෙන්නගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙනවා. නොදන්නවා නම් සමාවෙන්න. කොහොම හරි කමක් නෑ දැන් ඉතින් අපි වැඩේට බහිමුද? මොකද ඊට පස්සේ ඔබතුමාට ආයෙත් කියන්න පුළුවන් ‘මම බඹරා වගේ විසේකාරයා… මම දෙබරා වගේ ගණන්කාරයා…’ කියලා. නැත්නම් නිකන් වැඩේ අප්සෙට් වෙනවා. ඊට පස්සේ නිකන් අපිට හිතෙන්න පටන් අරගන්නවා ජේත්තුව විතරයි, මොනරගේ ඉස්සරහා පැත්ත ලස්සන වුණාට පස්ස පැත්ත හෙලුවෙන් කියලා. ඒ වගේ එකක් ඔබතුමාට ගැළපෙන්නේ කියලා. එහෙම නැතුව අපි වැඩේ කරමුද සංගීත් විජේසූරිය මහත්තයො. අපි ඉන්නවා ඔයත් එක්ක ඕනෙ වෙලාවක… එකෙන්ම…

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උද්ගත වී ඇති කාලීන ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විපක්ෂනායක සූදානම් වෙද්දී ඉඩ දීලා නෑ! පාර්ලිමේන්තුවේ උඩ තට්ටුවට ගිහින් විපක්ෂනායක ප්‍රශ්නය මුලු රටටම දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ දෙවැනියා ඇතුළු තුනක් ගෙදර යවයි! චෝදනාව පාර්ලිමේන්තු නිලධාරිනියන්ට ලිංගික හිංසා කිරීම!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.