මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වේ.
මීට අමතරව අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇත.
CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබේ.










